විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගය පරාජය වීමේ දුකට හම්බන්තොට වඬේ වෙළෙන්දෙක් වෙරළට ගොස් හොඳටම බිව්වේය. එහි කෑ ගසමින් සිටියදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. වඬේ වෙළෙන්දා වෙරි මරගාතේ මෙසේ කීවේය. ”බුදු සර් පොලිසි ගේන්න ඕනෑ මම නොවෙයි. මාලිංගයි, මහේලයි.”
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයව අල්ලන්න පොලිසිය ගියේ පොලිස් ජීප් එකේ වෙන්න ඕන ...ඒකට වැය වෙච්ච පෙට්ට්‍රල් ටිකේ පාඩුවත් ජනතාවට තමයි ...අනික මේ මනුස්සයව අල්ලන් එන්න අනිවාර්යෙන්ම පොලිස් මහතුන් 5 ක් වත් යන්න ඇති ...වඩේ කාරයාට විරුද්දව පොලිස් කාරයා .... (ස)
කොහොමත් ඔය පැත්තේ අයට මේ රෝගේ තියෙනවා (ස)
වෙලදාම් කරන්න සිහියෙන්
කොහොමත් මානසික ලෙඩ තියෙන අය ඉන්නවා ඒ පැත්තේ (ස)
ප්‍රශ්නය තියෙන්නේ අයිපීඑල් වලදී මාලිංග දමන බෝල් එකක්වත් මේ තරග වලදී දකින්න නැති එකයි. (නි)
ඔහොම මිනිස්සුත් ඉතිං ඉන්න ඕනනේ.......... (ස)
හොද වැඩේ
හේමන්තටයි , චාමිකටයි හම්බන්තොට කිව්වම නිකන් නලියනවා වගේ . (ස)
වලියක් දා ගන්නැතුව බීලා නිකන් හිටියා ඇති (ස)
ඒක ඇත්ත කණ්ඩායමම දාන් ඕන්න හිරේ....අර මැරිච්ච ළමයි දෙන්නා වෙනුවෙන් (ස)
අන්න නියම කෙනෙක් (ස)
වඩේ.,.....වඩේ.,.....වඩේ.,.....
කතාව සහතික ඇත්ත ?අනික තණතිල්ල හදපු කෙනා මේකට වගකියක්න ඕනි (ස)
මොනවා නැතත් මිනිහ කියල තියන කතාව නම් ඇත්ත... මාලිංගයනම් පොලිසියට ගෙනැල්ල දෙකක් අන්නන්න ඕනේ.....(ස)
පූජා සනයේ ඔබ හිඳුවා .. ඔබට පුදන මේ ලෝකය මයි හෙට ඔබට එරහිවී නැගිටින්නේ !! (ස)
මාලිංග විතරක් නෙමෙයි.. 137 ගහගන්න බැරිව දගලපු පිතිකරුවොත් පරාජය වගකියන්න ඕන..!(නු)
පව් අහිංසක මනුශ්වයෙක් පැරදුනාම දුකයි නේ..!(නු)
මේ අදහස් පළ කරන අය නම් සැබෑ ක්‍රීඩා ලෝලීන් නෙමෙයි.. ක්‍රිකට් කියන්නේ හැම දාහ දිනන්න පුළුවං ක්‍රීඩාවක් නෙමෙයි කියලා මතක තියාගත්තොත් හොදයි..!(නු)
ඔබ හරි චන්දන.. මේ මිනිසුනට හැමදේම අමතක වෙනවා.. මෙච්චර කල් තරග දිනවලා දීපු කෙනා.. මාලිංග එක තරගයකදි දස්කම් පෙන්නන්න බැරි උනාම බණිනවා.. ලැජ්ජය සවන් මහත්තයා..!(නු)
දෙයියෝ සාක්කි එකටත් හොදයි.. පොලිසියෙන් අල්ලන් ඕන ඔයවගේ අහිංසකයෝ නෙමෙයි...!(නු)
චන්දනගේ කතාව මම එකහෙලාම අනුමත කරනවා.. දිනුවත් පැරදුනත් අපි ශ්‍රී ලංකාවෙ කණ්ඩායමත් එක්ක...!(නු)
චන්දන , ගහන්න ගහන්න පුජසනයේ තියලා පුදලා වැඩක් නැහැ.ගහනකොට වෙන කෙනෙක් බෝල් කරවන්න ඕනෑ. මාලිංගට තුන් ඉරියව්වෙන් එක ඉරියව්වක් බැහැ වගෙයි. වඩේ වෙළෙන්ඳා දැම්මා නම් ඊට වැඩිය හොදයි . (නි)
ඇත්තද මන්දා? (නි)
වඩේ ටික කෝ? (දී)
ඕහ්.... හම්බන්තොට? (නි)
මෙයා තව තරග දෙකතුනක් බැලුවා නම් අක්මාවකුත් බද්ධ කරන්න වෙයි. (නි)
දිනුම පැරදුම භාරගන්න ඕනෑ තමයි. නමුත් හැමදාම අන්තිම තරගය අනාගන්න එකට මොකද කියන්නේ? (නි)
ලංකාවෙ කණ්ඩායම ඒ තරම්ම විශ්වාසයක් තියන්න පුළුවං කණ්ඩායමක් නෙමෙයි.. ඉතිහාසය ගත්තාම තරග කීයෙන් කීයද දිනලා තියෙන්නේ..!(නු)
මහත්වරුනේ ඒක තරගයක්.(නදී)
අනික ඕක බොන්නම ගැටලුවක් නෙමෙයිනේ? ක්‍රිකට් ඇරුණම වෙන දැවෙන ප්‍රශ්න නැද්ද මේ රටේ...!(නු)
කොච්චර දිනුවත් වැඩක් තියෙනවද ? ඕනම මැච් එක දිනන්නේ නැතුව හිරේ දාන්නමයි වටින්නේ (ස)
මෙයා වොලිබෝල්, එල්ලේ තරග පැරදුණහමත් වැල්ලට ගිහින් බොනවද දන්නේ නැහැ. (නි)
මෙම බේබද්දට ක්‍රිකට් බලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙම නැද්ද? (නි)
මේ කතාව සහතික ඇත්ත. (නි)
අමතක කරන්න එපා අපි අනුශූරයෝ..(නු)
විමුක්ති මහත්තයෝ, අපේ කොල්ලෝ ගහන හැම තරගයක්ම මම අනිවාර්යයෙන්ම බලනවා. මාලිංග නිසා තරග අපි දිනලා තියෙනවා තමා. ඒ වගේම මාලිංග නිසා අපි තරග ගොඩක් පැරදිලත් තියෙනවා. මාලිංගට අයිපීඑල් වලදී වැටෙන එක බෝලයක්වත් මේවා වල වැටෙන්නේ නැහැ. ඒක මුළු රටම දන්නවා, ඔබතුමා දන්නේ නැතිවුණාට. මට කියන්න තියන්නේ මෙපමනයි. මට දැන් වැඩක් නැහැ මෙහෙ සෙල්ලම් කරලා අයිපීඑල් ගිහින් හොයනෙමි රග දාලා කිසිවක් නොදන්නා අපෙ මී හරකුන්ලා තව මට චියර් කරපන් මාලී කියලා... (නි)
අපේ කොල්ලෝ දක්ෂයි. දිනුම පැරදුම අපි සතුටින් භාරගක්කවා. ඉදිරියටම යමු. (නි)
අයියෝ වඩේ
මේ හිරු, ඒ පැත්තේ ඉන්නේ හොද මොළකාරයෝ හරිද? (නි)
දවසේ කතාව ! (නි)
සාධාරණ දුකක්. මටත් එදා රෑ ක්‍රිස් ගේල්ව හීනෙන් පෙනුනා. (නි)
අපිට නම් දැන් සියලු යසඉසුරින් පිරිලයි තියෙන්නේ. අඩු ක්‍රිකට් විතරයි. (නි)
කොහොමත් මානසික ලෙඩ තියෙන අය ඉන්නවා ඒ පැත්තේ. (නි)
හරි හිනා යනවා. (නි)
මොනවා උනත් හරි කතාවක් තමයි කියලා තියෙන්නේ..!(නු)
නියම කෙනෙක්. (නි)
අයියෝ පව්
ඒ අහිංසකයා බීලා හරි කියලා තියෙන්නේ ඇත්ත.
ප්‍රදීප්, මෝඩ කතා කියන්න එපා. (නි)
නියමෙට තියෙන්න ඇති
මේ ඔක්කොම වුණේ අරයාව පෙන්නුවට පස්සේ. (නි)
කොහොමත් බොන මනුස්සයා තරගය දිනුවත් බෙනවා පැරදුනත් බොනවා.. ඔය මොක උනත් නීතිය එකයි..!(නු)
සල්ලි වියදම් කරගෙන තරග බැලුවා කියලා මොනවද හම්බවෙන්නෙ.. නිවාඩු දාගෙන බීගෙන බැලුවා කියලා කරන්න දෙයක් නැහැ..!(නු)
පුදුමයි නේ? (නි)
හම්බන්තොට තිතට මත වගෙයි නේද? (නි)
අපේ ක්‍රිකට් කණ්ඩායම හරියට විපක්ෂය වගේමයි (ස)
කතා ඔක්කොම ඇත්ත . අපේ රටට සුද්දා දුන් දේවල් වලින් ලොකුම පිල්ලිය ඕක තමයි (ස)
වඩේම විකුනන්න ඇති
අහිංසකයාට හොදටම සළකන්න ඇති. ඇමති කෙනෙක්ගෙ පුතෙක් ඕක කළා නම් පොලිසියෙ කරපිටින් උසාවි එයි. (නි)
මෙම පරාජයට මාලිංග පමණක් නොව මුලු කණ්ඩායමම වගකිව යුතුයි. (නි)
අයියෝ සල්ලි
එදා වේදනාව නිසා කවුරුවත් ආයේ ඒ තරගය යූ ටියුබ් තුලින්වත් බලන්නේ නෑ..නමුත් හොදින් බැලුවොත් පෙනේවි එදා සැමුවෙල්ස් පහර දෙන්නේ මාලිංගගේ දුර්වල පන්දු වලට නෙවේ...ඔහුගේ හොද පන්දු වලටත් සැමුවෙල්ස් පහර දෙනවා.එදා ඔහුගේ දවස.මතක තියා ගත යුත්තක් තියෙනවා..සැමුවෙල්ස් කියන්නේ විවි රිචඩ්ස් ගේ පුණරාගමනය... (ස)
මේවා බලන්න කාලය නාස්ති කරන අපි තමයි මෝඩයෝ. (නි)
ඕනෙම දෙයක්ගැන අප්‍රමාණ බලාපොරොත්තු තියාගන්න නරකයි. එහෙම උනාම නොලැබුනාම වේදනාව වැඩියි. වඩේ වෙලෙන්දට වෙලා තියෙන්නෙත් ඒක. අනුකම්පා කරනවාහැර විවේචනය කරල වැඩක් නැහැ.(ස)
ඒ මිනිහා කියපු එක හරි
ඒ කතාවත් හරි