පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ සබරගමුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ මේ මාසයේ දී වයිෆයි කලාප සක්‍රීය කෙරෙන බව ශ්‍රි ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකාර සුබ්‍රමනියම් ගවස්කාර් මහතා පැවසීය.
කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ වයිෆයි කලාපය සක්‍රිය කිරිමේ ශක්‍යතා අධ්‍යනය සිදුකර ගෙන යයි. පුළුල් පරාසයක් ආවරණය කළ යුතු නිසා තාක්ෂණික ගැටළු රැසක් නිරාකරණය කරගෙන කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රය ආවරණය කෙරෙන වයිෆයි කලාපය සක්‍රීය කිරිමට නියමිත බවත් ගවස්කාර් මහතා සඳහන් කළේය.
සියළුම විශ්ව විද්‍යාල හා ඒ හා සමාන අධ්‍යාපන මධ්‍යස්ථාන වයිෆයි කලාප බවට පත් කිරිම ඉලක්කය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව ඉල්ලන් කන්න යන්නේ, දැන් ඕක (ම)
තොරතුරු තාක්ෂණ ආයතනය පිළිබදවත් ඇගයීම් වාර්තාවක් පිළියෙල කලොත් නරකද? (නදී)