ප්‍රධාන බස්නැවතුම්පොළ 25ක දුම්රිය පොළ අටක ‘වයිෆයි‘ කලාප සක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර ගවස්කාර් සුබ්‍රමනියම් මහතා පැවසීය.
වයිෆයි කලාප 105ක් මේ වන විට සක්‍රිය කර ඇත. වසර අවසානයට පෙර වයිෆයි කලාප දහසක් රට තුළ සක්‍රිය කිරීම ඉලක්කය බවත් ගවස්කාර් සුබ්‍රමනියම් මහතා කීවේය.
වයිෆයි කලාප සේවය ලබාගන්නා සෑම ග්‍රාහකයකුම ආවරණය වන මධ්‍යම තොරතුරු පද්ධතියක් සකස් කිරීමේ කාර්යයද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය ක්‍රියාකරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයේ සාර ධර්ම පිරිහිලා ,ස්ත්‍රී දුෂණ , අපචාර වැඩිවෙලා මුළු, මුළු වල දවස තිස්සේ ඔබ ඔබ ඉන්න තරුණ පරපුරක් නිර්මාණය වීම .අනාගතයේ ඇති භිහිසුනු බවට දිරි දීමක් . මෙය කුඩු ගැහුවට දෙවනි නැහැ .(හේ)
වාසනා,දුම්රිය පමා වුනත් කමක් නැහැ ඔබ,ඔබ ඉන්න පුළුවන්නේ දුම්රිය එනකන්.(ම)
අපට අඩුව තිබුනේ ඒ පමණයි දැන් ඔක්කොම හරි. කොට්ටමල්ලි ලාභ වුණා, කහ ලාභ වුණා , උම්බලකඩ ලාභ වුණා,වයිෆයි ලභ වුණා කියලා වැඩක් නෑ අතවශය භාණ්ඩ අඩු කරන්නේ නැතුව (ම)
මේවා මෝඩ වැඩ, හොද වැඩ නෙමෙයි මේ රටේ මේ වයි ෆයි ප්‍රසන බලපාන්නේ කින් කී දෙනාටද ..? ඊට වැඩ ප්‍රශ්න තව තියනවා මේවගෙන් අදායම් උපයලා ඒවා කරන්න (ම)
අර කිරි පැකට් එකට වැඩේ දුන්න කාලේ,ආනයනික බලු කෑම අඩු කරපු කාලේ ඔයාලා කොහෙද හිටියේ.....?(ත)
නොතේරෙන අයට මේවා පේන්නේ මෝඩ වැඩ වගේ තමයි.(ත)
ඇත්තටම 100 ක් හැරෙන්නවත් මදි (නි)
පි.එස්.කටවල මහතෝ කොළඹ කොටුවට කෝච්චියේ යන්න එන බස් එකේ යන්න එන මිනිස්සුන්ගෙන් කී දෙනෙක් ගාව ලැප්ටොප් තිබෙනවද. කීදෙනෙක් ලැප් ටොප් ඇරගෙන ඉන්නවද? ඔබ කොළඹට කීසැරයක් පැමිණ තිබෙනවද. බස් එකේ යන්න කඩිමුඩියේ එන මිනිස්සු ලැප්ටොප් ඇරගන්නේ නැත. (බ)
පි.එස්.ඔබ කොළොඹ ඇවිත් වයිෆයි ප්‍රයෝජනයට ගන්න හැටි කියන්න. ඔබට ලැප් ටොප් එකක් තිබෙනවද? (බ)
ඇයි මහත්තයෝ ලැප්ටොප් එකම ඕනෙද වයිෆයි ප්‍රයෝජනයට ගන්න ? ස්මාට් ෆෝන්,අයිෆෝන් වලින් ඔය කාරණය ඉටුවෙන්නේ නැද්ද ? මගෙන් අහන්න එපා ඊළගට ඔය දෙවර්ගයේ ෆෝන් හැමෝටම තියෙනවද කියලා. (බ)
බමුණු අයියේ,පි එස්.කැටවල ඉන්නේ මහියංගනයේ.කොළඹ එනවා හරි අඩුයි.අවුරුද්දකට සැරයක් විතර තමයි කොළඹ එන්නේ. එයා මගේ යාලුවෙක්.එයා ගාව සම්සුන්ග් S 6 එකක් තියෙනවා.(කේ)
ඉතා හොඳ වැඩක් (බ)
පොරොන්දුව නම් ඉටු කළා . නොකර බැරි කමට. එක් අයෙකුට මෙගාබයිට් සියයේ නොමිලේ ඩේටා ප්‍රමාණයක් ලබා දෙන්න කෝටි ගණනක් වියදම් කරන එක තෙරුමක් නෑ. රුපියක් විස්සයි යන්නේ මෙගාබයිට් සියට. උදේ හවස ඔය වයි ෆයි ඒරියා එකෙන් යන කෙනෙකුට, කෝච්චිය පරක්කු වුනාම බලන් ඉන්න වුනාම මාසෙකට ගිගා බයිට් එකක්වත් ඕනේ. දැන් තියෙන ස්මාර්ට් ෆෝන් වලට නම් ඒකත් මදි. (හේ)
ලබන ඡන්දෙට වැඩ කරන්න ඉස්සර වෙලා මහබැංකු අධිපතිගේ සිද්ධිය සොයා බලන්නැයි වෙබ් අඩවි එකතු වෙලා රනිල් මහත්තයට බල කරමු. (ත)
වැඩිවෙන ජීවන බර සමනය කරන්නට පොවන මත් වතුර හා සමානයි .(හේ)
අපිට සල්ලිවලට ගන්නවත් ඉන්ටෙර්නෙට් නැහැ. (හේ)
නොමිලේ කිව්වට නිකන් යන්න බෑ ලියපදිංචි වෙන්නත් ඕනේලු.(හේ)
අරුණ හොඳ දෙයකටවත් හොඳයි කියන්න පුරුදු වෙන්නකෝ. (බ)
වයිෆයි දුන්නට කමක් නැහැ වෙලාවට දුම්රිය එනවා නම් (නි)
මේ පොරොන්දුව ඉටුකළාට තුති! (නි)