කුඩා දරුවන් දෙදෙනකු වටා ගෙතුණු කතාවකි. මෙම කුඩා දරුවන් දෙදෙනාට ලෝකය උරුම ස්ථාන කවරේදැයි වීඩීයෝ පට දෙකකින් පෙනේ. සිරියාවේ අහමඩ් අල් කතීබ්ගේ වයස අවුරුදු අටකි. ඔහුගේ මව රජයේ හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්වී එහි පළිය ගැනීම සදහා කුඩා අහමඩ් ජනාධිපති බසාර් අල් අසාඩ්ගේ රජයට විරුද්ධව සටන් වදින කැරලිකරුවන්ට එකතු විය.
දුමිවැටියක් උරමින් ගිනි අවිය තුරුලු කරන් යුද ක්‍රියාකාරකම්වල යෙදෙන අහමඩ් යුරෝපා මාධ්‍යවේදියකුගේ කැමරාවේ මෙසේ සටහන් විය.
අවුරුදු හයක් වයසැති ආවේරි මොලොක් ඔහු වැනිම කුඩා දරුවෙකි. කුඩා වුවද දක්ෂ ඩ්‍රම් වාදන ශිල්පියකු වන ආවෙරි බටහිර සංගීත කණ්ඩායමක සාමාජිකයෙකි. අවුරුදු දෙකේදී සංගීතයට දැඩි ලෙස ඇළුම් කළ ආවේරිගේ ආශාව ඉටු කිරීම ඔහුගේ දෙමාපියන්ට හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අපේ ඉතිහාසේ නටබුන් වලත් ඇති. (ස)
කෝ වීඩියෝ ??? (ස)
ළමයින් මෙවැනි වැඩවලට යොදා ගන්න එපා (දී)
දෙවියන්ගේ නාමෙන් මිනී මරන ජාතියක්... (නි)
බොදු බළ සේනාව කතාකරන්නෙත් ඕවා ගැන තමා. අරාබියෙන් විෂබීජ ගෙනත් පැළ කළහම ලංකාවේ අන්තවාදීන් දෙවියන්ගේ නාමෙන් බෞද්ධයින් මරලා අල්ලා අක්බාර් කියන කාලය වැඩි ඈතක නැත. ඒක නිසා වගකිවයුත්තන් වහාම පියවරගෙන අන්තවාදී මූලධර්මවාදීන්ට දැඩි දඬුවම් දිය යුතුයි. අනවසර පුද්ගලයන් රටින් පිටුවහල් කලයුතුයි. (නි)
සත්ති කුම්භ ජාතකේ කියන්නෙත් මේකම තමා. (ගිරව් දෙන්නගේ කථාව) (ස)
ලංකාවේ වර්ගවාදීන්ට මේවා දැකලා හර් සතුටු හිතෙනවා ඇති දැන්... (ස)
ළමා පරපුරට නරක ආදර්ශ (දී)
ඔය තුවක්කුව පත්තුවෙච්ච දාට උඹව බේරගන්න කවුරුවත්ම නැහැ පුතේ. (නි)