(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මාස හයක සේවා දිගුවක් ලබාදී ඇත.
නාවික හමුදාපතිවරයාට පෙරේදා (19) වයස අවුරුදු පනස් පහක් සැපිරූ අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඒ මහතාට මෙම සේවා දිගුව ලබාදී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ශ්රී ලංකා නාවික හමුදාවේ විසි දෙවැනි නාවික හමුදාපතිවරයා වශයෙන් වැඩබාර ගනු ලැබුවේ ඉකුත් ඔක්තෝම්බර් මස 26 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙකුට මාස දෙකක සේවා දිගුවකුත් තව කෙනෙකුට මාස හයක සේවා දිගුවකුත් දීමෙන් යහපාලනයේ සමානාත්මතාවය මොනවට ඔප්පු වෙනවා .
මස හයක් නොවේ වසර හයක් මෙතුමාට බාරදෙන්න............. .
ඇයි නාවික හමුදාපති වෙලා විශ්රාම යන්න තව අය ඉන්න නිසා නේ කලින් කෙනා යැව්වා කිවේ. දැන් තව අය නැද්ද ? නැව්කොමිස් කාක්කෝ.
මෙයා හරියට ඇමති මණ්ඩලය පත් කරන්න වගේ.............
මේ සේවා දිගුව යහපාලනය අනින් කෙරූ දිගුවක් නොව තනිකරම ජනපතිගෙ අන්තෝනෝමතික තීරණයක්.තමන්ට අවනත රූකඩවලට සේවා දිගු ලබාදී සමහරවිට බෑනගේ නැව් ගනදෙනුව නැවත පටන් ගනියි..
අඩුද?............වැඩිද?
මොකද මෙයාට වෙනම සැලකිලි හැරිම අසාදාරන වැඩක් ,මේකද අපි හදන යහ පාලනය ,හා සහජීවනය