IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ව්‍යාවස්ථා සභා නම් තුනට අද අනුමැතිය නොලැබේ

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ පත් කරන ව්‍යවස්ථා සභාවේ සිවිල් පුද්ගලයන්ගේ ලිඛිත කැමැත්ත ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රනිල් වික්‍රමසිංහ අගමැති අද (3) ප්‍රකාශ කළේය.

පක්ෂ නායක රැස්වීම සඳහා කල් තැබුණු පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම පෙරවරු 10.20ට රැස්වන බව පවසා කල් තැබුවත් යළි රැස්වූයේ පස්වරු 1ටය.

පාර්ලිමේන්තුව අද  පස්වරු 1ට යළි රැස්වී මිනිත්තුවක්වත් ගත වන්නට පෙර ලබන 9 වැනිදා තෙක් යළි කල් තැබිණි.

අද විශේෂ රැස්වීම කැඳවූයේ ව්‍යවස්ථා සභාවට පත් කරන රාජිකා කුමාරස්වාමි, ඒ.ටී.ආරියරත්න හා ඒ.ඩබ්ලිව්.ඒ.සලාම් මහත්වරුන්ගේ නම්වලට අනුමැතිය ලබාගැනීම සඳහාය.

එහෙත් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගැන මතු කළ ප්‍රශ්නයෙන් පසු සභාව වෙනතකට ගමන් කළේය.

ඔහුගේ ප්‍රශ්නයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ පිළිතුරක් දුන්නේය. 



අදහස් (0)

ව්‍යාවස්ථා සභා නම් තුනට අද අනුමැතිය නොලැබේ

සමන්ති Wednesday, 03 June 2015 02:13 PM

දෙල් ගහ යට ගෙදර විප්ලව කාරයා කළ දේවල් නොදන්නේද ? (බ)

:       0       0

ධර්මසේන Wednesday, 03 June 2015 07:56 AM

මට නම් පෙනෙන හැටියට මේ සභා කවදාවත් හරියන දේවල් නෙමෙයි (නි)

:       0       0

සිල්වා Wednesday, 03 June 2015 08:11 AM

මාතෘකාවට අදාළ නැති ප්‍රශ්න ඇදගෙන ඇවිත් මේ වගේ වැදගත් දේවල් අවුල් කරන රට ආපස්සට ගෙනියන දිනේෂ්ව වාසුව, විමලෙව අායෙත් පාර්ලිමේන්තු නොඑවීමට වග බලාගත යුතුයි (නදී)

:       0       0

අර්ජුන රන්වන Wednesday, 03 June 2015 08:12 AM

දිනේෂ් ගුණවර්ධනට ඕන රට මහින්දට දෙන්න. ජනාදිපති තුමනි, හොරුන්ට රට දෙන්නේ නොවේ ඔබ ජනාධිපති කලේ. (නදී)

:       0       0

දුමින්ද Wednesday, 03 June 2015 08:14 AM

නොකෙරෙන වෙදකමක් (නදී)

:       0       0

අංජන කරුණාරත්න Wednesday, 03 June 2015 08:43 AM

ධර්මසේන, සිල්වා, අර්ජුන

:       0       0

විජිත් Wednesday, 03 June 2015 08:44 AM

දිනේෂ්,විමලේ වාසු වගේ බංකොලොත් දේශපාලුවන් නිසා වැදගත් හොඳ දෙයක් රටට උදාකරන්න බාධා ඇතිවෙනවා. මුන්ව මීළඟ මැතිවරණයේදී ගෙදර හෝ හිරගෙදර යැවීම උගත් වැදගත් රටට ආදරය කරන මහජනයාගේ පරම යුතුකමයි. (නදී)

:       0       0

ශෂී Wednesday, 03 June 2015 08:51 AM

තීරණයක් ගන්නවා නම් පාර්ලිමේන්තුව කීපවතාවක් කල්තැබුවත් ගන්න ඕන තීරණය ගත යුතුයි. (නදී)

:       0       0

අනිල් ප්‍රසන්න දිසානායක Wednesday, 03 June 2015 09:01 AM

අද හැමෝම බලාගෙන හිටියේ මේ ව්‍යවස්ථා සභාව පත්වෙයි කියල..ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුන දිනේශ්ල ඒකට අකුල් හෙලනව,,පහුගිය කාලෙම මේ අය කළේ මේක..ගෙදර ගිය මහින්දට ඉන්න දෙන්නෙ නැත්තෙත් මේ අය..වහාම පාර්ලිමේන්තුව විසුරවන්න අපිටත් එපා වෙලා තියෙන්නෙ..(බ)

:       0       0

හෆීල් Wednesday, 03 June 2015 09:10 AM

දිනේෂ්, වාසු, ගම්මන්පිල, විමල් මේ අයට තමන්ගේ පක්ෂයෙන් තරඟ කරලා දිනන්න බැහැ. එ් නිසා මහින්ද මාර්ගයෙන් යන්න උත්සාහ කරන්නේ. හොරුන්ට ඉඩ දෙන්නම එපා.(නදී)

:       0       0

උක්කුන් පුතා Wednesday, 03 June 2015 09:14 AM

මහින්ද විරෝධී ඡන්ද දායකයන් 62 ලක්ෂයෙන් ජන්ද ලක්ෂ 50 විතර රනිල් මහතාගේ එක්සත් ජාතික පක්ෂ ජන්ද. ඉතිරි ඒවා දෙමළ, මුස්ලිම් සහ සුළු ජාතික ජන්ද. මහින්ද මහත්තයට ලක්ෂ 58යි. කවුද අගමැති විය යුත්තේ? මහත්වරුනේ මේක තමා ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂ විපක්ෂ කවුරුත් ලංකාවේ ජනයා. (නදී)

:       0       0

නිමලරත්න Thursday, 04 June 2015 10:12 AM

ප්‍රකාශ් මතත්ම ඔබේ ප්‍රකාශය සම්පුර්ණ ඇත්ත.(ම)

:       0       0

ප්‍රකාශ් Wednesday, 03 June 2015 11:09 AM

මේ ව්‍යවස්ථා සභාවට නම් කර ඇති තුන්දෙනා රට විනාශයට බොහෝ දේ කිරීමට යොමුවී ඇති අයුරු අතීතය කියා පායි.එනිසා නුසුදුසුය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site