19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ පත් කරන ව්‍යවස්ථා සභාවේ සිවිල් පුද්ගලයන්ගේ ලිඛිත කැමැත්ත ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රනිල් වික්‍රමසිංහ අගමැති අද (3) ප්‍රකාශ කළේය.
පක්ෂ නායක රැස්වීම සඳහා කල් තැබුණු පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම පෙරවරු 10.20ට රැස්වන බව පවසා කල් තැබුවත් යළි රැස්වූයේ පස්වරු 1ටය.
පාර්ලිමේන්තුව අද පස්වරු 1ට යළි රැස්වී මිනිත්තුවක්වත් ගත වන්නට පෙර ලබන 9 වැනිදා තෙක් යළි කල් තැබිණි.
අද විශේෂ රැස්වීම කැඳවූයේ ව්‍යවස්ථා සභාවට පත් කරන රාජිකා කුමාරස්වාමි, ඒ.ටී.ආරියරත්න හා ඒ.ඩබ්ලිව්.ඒ.සලාම් මහත්වරුන්ගේ නම්වලට අනුමැතිය ලබාගැනීම සඳහාය.
එහෙත් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගැන මතු කළ ප්‍රශ්නයෙන් පසු සභාව වෙනතකට ගමන් කළේය.
ඔහුගේ ප්‍රශ්නයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ පිළිතුරක් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙල් ගහ යට ගෙදර විප්ලව කාරයා කළ දේවල් නොදන්නේද ? (බ)
මට නම් පෙනෙන හැටියට මේ සභා කවදාවත් හරියන දේවල් නෙමෙයි (නි)
මාතෘකාවට අදාළ නැති ප්‍රශ්න ඇදගෙන ඇවිත් මේ වගේ වැදගත් දේවල් අවුල් කරන රට ආපස්සට ගෙනියන දිනේෂ්ව වාසුව, විමලෙව අායෙත් පාර්ලිමේන්තු නොඑවීමට වග බලාගත යුතුයි (නදී)
දිනේෂ් ගුණවර්ධනට ඕන රට මහින්දට දෙන්න. ජනාදිපති තුමනි, හොරුන්ට රට දෙන්නේ නොවේ ඔබ ජනාධිපති කලේ. (නදී)
නොකෙරෙන වෙදකමක් (නදී)
ධර්මසේන, සිල්වා, අර්ජුන
දිනේෂ්,විමලේ වාසු වගේ බංකොලොත් දේශපාලුවන් නිසා වැදගත් හොඳ දෙයක් රටට උදාකරන්න බාධා ඇතිවෙනවා. මුන්ව මීළඟ මැතිවරණයේදී ගෙදර හෝ හිරගෙදර යැවීම උගත් වැදගත් රටට ආදරය කරන මහජනයාගේ පරම යුතුකමයි. (නදී)
තීරණයක් ගන්නවා නම් පාර්ලිමේන්තුව කීපවතාවක් කල්තැබුවත් ගන්න ඕන තීරණය ගත යුතුයි. (නදී)
අද හැමෝම බලාගෙන හිටියේ මේ ව්‍යවස්ථා සභාව පත්වෙයි කියල..ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුන දිනේශ්ල ඒකට අකුල් හෙලනව,,පහුගිය කාලෙම මේ අය කළේ මේක..ගෙදර ගිය මහින්දට ඉන්න දෙන්නෙ නැත්තෙත් මේ අය..වහාම පාර්ලිමේන්තුව විසුරවන්න අපිටත් එපා වෙලා තියෙන්නෙ..(බ)
දිනේෂ්, වාසු, ගම්මන්පිල, විමල් මේ අයට තමන්ගේ පක්ෂයෙන් තරඟ කරලා දිනන්න බැහැ. එ් නිසා මහින්ද මාර්ගයෙන් යන්න උත්සාහ කරන්නේ. හොරුන්ට ඉඩ දෙන්නම එපා.(නදී)
මහින්ද විරෝධී ඡන්ද දායකයන් 62 ලක්ෂයෙන් ජන්ද ලක්ෂ 50 විතර රනිල් මහතාගේ එක්සත් ජාතික පක්ෂ ජන්ද. ඉතිරි ඒවා දෙමළ, මුස්ලිම් සහ සුළු ජාතික ජන්ද. මහින්ද මහත්තයට ලක්ෂ 58යි. කවුද අගමැති විය යුත්තේ? මහත්වරුනේ මේක තමා ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂ විපක්ෂ කවුරුත් ලංකාවේ ජනයා. (නදී)
ප්‍රකාශ් මතත්ම ඔබේ ප්‍රකාශය සම්පුර්ණ ඇත්ත.(ම)
මේ ව්‍යවස්ථා සභාවට නම් කර ඇති තුන්දෙනා රට විනාශයට බොහෝ දේ කිරීමට යොමුවී ඇති අයුරු අතීතය කියා පායි.එනිසා නුසුදුසුය. (ස)