ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 13 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති දිනයේ දෙවැනි තරගයේදී මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල ලකුණු 56 කින් ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහිර නාගාස් පිල පරාජය කරමින් තරගාවලියේ මේ දක්වා එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය.
වයඹ යුනයිටඞ් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 190 (තමීම් ඉක්බාල් 32, කම්රාන් අක්මාල් 11, මහේල ජයවර්ධන නොදැවී 96, කෞෂල්‍ය වීරරත්න 36, අජන්ත මෙන්ඩිස් 29/2)
නැගෙනහිර නාගාස් පිල ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී 134 (ටේරවිස් බි‍්‍රට් 25, උදාර ජයසුන්දර 13, ඇන්ජලෝ පෙරේරා නොදැවී 48, සචිත් පතිරණ 12, චතුරංග කුමාර 15/2, අකිල ධනංජය 18/3, ඉසුරු උදාන 17/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල, ඔය ගැම්ම ටී20 වර්ල්ඩ් කප් එකටත් තියා ගන්න. (නි)
ලෝකයෙන්ම හොදම ක්‍රිකට් තරුව ඔබයි. ඔබට ජය!
වයඹ කොල්ලෝ කොහොමත් දක්ෂයි..ලංකාවේ තිබුණ රියැලිටි ෂෝ වලින් වැඩිපුරම දිනුවෙත් වයඹ....වයඹට ජය වේවා!!(ස)
අකිල ධනංජය 20/20 කුසලාන තරඟයට තෝරාගත යුතුයි..(ස)
අවසාන තරඟය මහේල සහ සනත්ගේ නායකත්වයෙන් දකින්න ආසයි.(ස)
අකිල ධනංජය අනාගතයට හොද ආයෝජනයක් ප්‍රවේශමෙන් රැක බලා ගත යුතුයි.(ස)
මේ මැච් එකේ මම දැකපු හොඳම කෙනා ධනංජය..ඔහුට සුභ පතමි.(ස)
වයඹ ඉන්න පොඩි කොල්ලෝ දක්ෂයි..(ස)
අපේ පොඩි අයයි ලොකු අයයි පන්දු රකින හැටි දැක්කම ක්‍රිකට් එපා වෙනවා..(ස)