දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී වෑන්රියක් නවත්වා මුත‍්‍රා කළ ව්‍යාපාරිකයෙක් ඔහුගේ පුතා හා තවත් යෙක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගනිද්දී ඔවුන් ළඟ වූ රුපියල් 2800 ක් ගණන් කැර බාරගත් නමුත් පසුව ව්‍යාපාරිකයා පැමිණිල්ලක් කරමින් තමාගේ රුපියල් 5000 ක් පොලිසියෙන් ගත්තැයි කියා ඇත.
මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි. මේ ව්‍යාපාරිකයා පැලවත්තේ අයෙකි. පාරේ වාහන නතර කිරීම හා මුත‍්‍රා කිරීම යන චෝදනා යටතේ ඔවුනට නඩු පැවරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑණුන්ට ඉවසන් ඉන්න පුලුවන්නම් ඇයි පිරිමින්ට බැරි???? ගමන පිටත් වෙන්න කලින් වැඩේ කරලා වැදගත් විදියට ගියානම් ඉවරයිනේ.... දියුණු රටවල මිනිස්සු ප්‍රසිද්ධියේ ඕක නොකරන්නත් අපේ රටවල අය ඔහොම තැන නොතැන බලා තිරිසනෙක් වගේ හැසිරෙන්නත් මොකද්ද තියෙන වෙනස??? අපේ අයගේ මුත්‍රා බොක්ක පොඩිද???? (ස)
මිනිස්සු කරන ලජ්ජා නැති වැඩ (දී)
සෑම් ,ඔහේ දුර ගමනක් යනකොට ජිවිටෙටම ටොයිලට් එකකකින් පිට මුත්‍රා කරලා නැද්ද?නිකන් බොරු සෝබන එපා හලෝ . (අ)
මම නම් ඕන තරම් එහෙම කරලා තියෙනවා...(අ)
මතට තිත වගේම මුත්‍රාවලටත් තිත තබමුද? (නි)
පිට රටවල නම් අඩියෙන් අඩිය වැසිකිළි තියෙනවා.. අපේ රටේ එහෙමද? ඉතිං හදිසියට යන්න ඇති.. ඔන්න ඕක අතහැරලා දාන්න.,!(නු)
මැද පෙරදිග රටක වුණානම් කස පහර 100 ක් විතර හම්බවෙනවා (ස)
ඉන්නම බැරි වෙන්න ඇති (දී)
ආයේ ඔය අවශ්‍යතාව ඇති වෙන්නේ උසාවි පොලීසිගානේ යන්න වුණාමයි (ස)
ශ්රී ලංකාව තුළ මුත්‍රා සදහා අධීක්ෂණ ඇමතිවරයෙක් පත්කළ යුතුයි. (නි)
අවශ්‍යතා පාලනය කර ගැනීමේ හැකියාව මිනිසුන්තුල තිබිය යුතුයි.(ස)
ලංකාවේ ප්‍රසිද්දියේ මුත්‍ර කිරීම තහනම් නීතියක් නැති නිසා ඒ චෝදනාවෙන් නිදහස් වෙයි, නමුත් අදිවේගී මාර්ගයක අතරමග නතර කිරීමට වරදක්. ලංකාවේ ප්‍රසිද්ධියේ මුත්‍ර කිරීම තහනම් කරලා ඒ සඳහා ආයතනයක් පිහිටවිය යුතුයි (ස)
කුමාර, හොඳින් කියවා බලන්න? මුත්‍රා කරලා තියෙන්නේ කැලයකදී නොවේ... අධිවේගී මාර්ගයේදී..සමහරුන්ට විලිලජ්ජාව කියලා දෙයක් නැතිවුණාට... රටේ ඉන්න වැදගත් ගැහැනුන්ට, පිරිමින්ට විලිලජ්ජාව කියලා දෙයක් තියෙන බව දැනගත්තොත් හොඳයි...(ස)
පව් අනේ හදිසියක් වෙන්න ඇති. ඒත් ඉතින් නීති විරෝධියි (ස)
මේකේ දාල තියෙන අදහස් බැලුවාම හිතෙනවා කවදාවත් අපට සංවර්ධිත රටක් වෙන්න අමාරු වෙයි කියල. (ස)
ශරීර අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා වෙන් කරන ලද තැන් තියෙනවද ? පැයක් ඉවසන්න බැරි වුණානේ (ස)
සුනඛයෝ වගේ හැමතැනම මෙහෙම කරන එක වැරදියි තමයි. (නි)
දැන් තව ටික දවසකින් ඕකට මීටරයක් සවිකරලා ලීටර් ගාණට දඩ ගහන්න ක්‍රමයක් හදයි. (නි)
අනේද කියන්නේ , ඔය අවශ්‍යතාවය ඉටු කර ගන්න වෙන තැනක් තිබුණෙම නැද්ද ?? (ස)
නඩුව දිනනවා ෂුවර් ...................... ඇයි අනේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ නිදහසේ මුත්‍රා කරන්නවත් බැරිද ? (ස)
කැලේට මුත්‍රා කිරීම වරදක් වෙන්නේ කොහොමද?(ස)
සුපිරි පාරක් නම් මේ වගේ ශරීර අවශ්‍යතා ඉටුකරගන්ඩත් පහසුකම් සැලසුවොත් තමා හොද? මොකද මුදල් ගෙවලනෙ යන්නෙ. (ස)
වාහනය නතර නොකර යනගමන්ම වැඩේ කලානම් ඉවරනේ - සමහරවිට මදුමේහය තියෙන මුදලාලි කෙනෙක් වෙන්න ඇති (ස)
පොලීසිය ඒ මුදල් අරන් තියෙන්නේ දඩයක් වශයෙන්ද ? කප්පමක් වශයෙන්ද ?(ස)
මේවා දෙයියෝ සාක්කිනේ ...(ස)