දිනෙන් දින ඉහළ යන ජීවන වියදම වැඩිවීමට රජය පියවර නොගනිතියි විරෝධය පෑමත්, ළමා අපචාර හා ස්ත‍්‍රී දුෂණවලට එරෙහිව ජනතාව පෙළගැස්වීමත් අරමුණු කර ගනිමින් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පොදු විපක්‍ෂය සංවිධානය කළ උද්ඝෝෂණයකට පෙර ජනතාව දැනුම්වත් කිරීමේ අත් පත‍්‍රිකා බෙදාදීමට විපක්‍ෂ නායක හා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද නුගේගොඩ දෙල්කඳ පොළට ගියේය.
නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, එක්සත් සමාජවාදී පක්‍ෂයේ ලේකම් සිරිතුංග ජයසූරි ඇතුළු විපක්‍ෂයේ නියෝජිතයෝ පිරිසක් ද, තිස්ස අත්තනායක, රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, විජයදාස රාජපක්‍ෂ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වියදම සැරයි - රනිල් පොළේ සැරිසරයි
අමිලා කටුනායක Sunday, 22 July 2012 03:13 PM
මේ ආණ්ඩුව තියෙන්නේ මෙයාලගේ දක්සතාවට නොවැ.විපක්ෂයේ අදක්ෂ කමට පින් පිණිස (දී)
ලලිත් Sunday, 22 July 2012 03:31 PM
ඔය පොලේ ගියාට හතර පස් දෙනෙක් එක්ක බඩු මිල අඩු කරන්න බැහැ. (දී)
සම්පත් Monday, 23 July 2012 11:09 AM
මෙයා දන්නේ ඔච්චරයි තමයි.....(ස.වි)
විපක්ෂ Sunday, 22 July 2012 03:34 PM
UNP නෝනලා කලිසම් ඇදගෙන මොකද මේ කරන්නේ .. (දී)
අමිලා Sunday, 22 July 2012 03:34 PM
හැමදාම පොලේම යන්න (දී)
නිරෝෂන් Sunday, 22 July 2012 03:39 PM
බඩුමිල උඩ යද්දී තමයි අපිලට යුද්දේ (දී)
ජනක Monday, 23 July 2012 11:35 AM
අයියෝ....බීන් ගේ වැඩ වගේ.....(ස.වි)
තරුෂ Monday, 23 July 2012 11:48 AM
දකුණේ මිනිස්සුන්ගෙ සිතුවිලි සමග පෑහෙන නායකයෙක් විපක්ෂයට අවශ්‍යයි........(ස.වි)
සමන්ත Monday, 23 July 2012 12:07 PM
පිස්සුද මන්දා අනේ.... (නි)
සිසිර Sunday, 22 July 2012 04:30 PM
ඇයි? එයා ආවයි කියලා අඩු වෙනවද? (නි)
ප්‍රවීන් Monday, 23 July 2012 12:33 PM
අපි නොදන්න කලිසන් නෝනලා....... (නි)
ජයරත්න දේවපතිරාජ Monday, 23 July 2012 12:43 PM
බෙල් බොටම් විහාර මහා දේවිලාටයි ටයිකෝට් දුටු ගැමුණුලාටයි පුලුවන්ද රටක් පාලනය කරන්න.අයියෝ සල් ලී. (දී)
කාංචන Monday, 23 July 2012 12:49 PM
පොලේ ගියේ චුයින්ගම් දෙන්නද දන්නේ නැහැ (දී)
අලිබබා Sunday, 22 July 2012 07:31 PM
අනේ අප්පේ. අපේ රනිල් මහත්තයත් කොරන වැඩ. හැමදාම කලේ රබන් ගහන එකයි, පොළේ යන එකයි, කඩේ යන එකයිනේ. ආ.... අර කලිසම් ගහපු අක්කලත් මේ පාර ඇවිල්ලානේ බොලේ. අනේ කාටද ආඩම්බර....??? (නි)
sarfaz Sunday, 22 July 2012 07:39 PM
ලංකාවේ ඉරණම වෙනස් කළහැකි නායකයෙක් ධුරදර්ශි නායකයෙක් (අ)
ගාමිණී Monday, 23 July 2012 12:21 AM
වැටකොලු එහෙම ලාබද? .(ස.වි)
රිෆ්ඩි-Dubai Monday, 23 July 2012 01:34 AM
පොළේ ගිහිල්ලා නව ලෝක වාර්ථාවක් තියන්නද යන්නේ? (නි)
ශ්‍රී ලාංකිකයා Monday, 23 July 2012 09:35 AM
හැමදාමත් සැරි සර සර තමයි ඉන්න වෙන්නේ... (නි)
පිලිපීනෝ Monday, 23 July 2012 09:36 AM
මේ ගැහැණු අය දැක්කම පේනවා තියෙන ආර්ථික අපහසුතාවය.....(ස.වි)