ලංකා ඉන්දියා තෙල් සමාගම වෙනුවෙන් මෙට්‍රික් ටොන් 4500ක ඉන්ධන ගෙනා වියට්නාම් ධජය යටතේ යාත්‍රා කළ විනාලයින්ස් ග්ලෝරි නැව අත්අඩංගුවට ගන්නැයි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු එම් පී බී එස් මොරායස් මහතා අද වරෙන්තු නියෝග කළේය.
ඉන්දියා ඔයිල් සමාගම තමනට වූ අලාභය වෙනුවෙන් ඇමෙරිකා ඩොලර් 25 ලක්ෂයක් (රුපියල් තිස් දෙකෝටියක්) වන්දි ඉල්ලයි. එම නැව පෙට්‍රල් ඩීසල් හා නැව්වලට යොදන ඩීසල් ශ්‍රී ලංකාවට ගෙනවුත් ඇත. නැවට පටවද්දී හොඳ තත්ත්වයේ තිබුණු තෙල් ශ්‍රී ලංකාවට එන විට බාල වී තිබූ බව අධිකරණයේදී කියැවිණි.
නැව ත්‍රිකුණාමල වරාය අසළ මුහුදේ නැංගුරම් දා ඇති අතර නාවික හමුදාවෙන් ආරක්ෂාව සළසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නැව වගේ ගිලෙනකම්ම බලා ඉන්න එපා (ස)
මොකද්ද ,,,, මොකද්ද (දී)
අයියෝ ලක්ෂ 25ත් ගින්නක්ද නැව් සමාගමට?? (ස)
මේ බාල තෙල් ලංකාවේ අපටනම් දෙන්න එපා. දැන් කීපසැරයක් අපට බාල තෙල් දුන්නා. මේක නවත්වන්නේ කවද්ද ? (ස)
හොද තෙල් ලබාදෙන සමාගමකට ඇනවුම් කරන්න බැරි ඇයි.. හැමදාම බාල තෙල් ලබාදෙන සමාගම් වලටම ඇණවුම් කරන්නේ ඇයි කියා අපට සැකයි.. මේකත් ජාවාරමක්ද?(නු)
ලාබ බාල තෙල් පටවලා නියම තෙල් සාම්පල පෙන්නන ක්‍රමයක් ගැන අපි දැනගෙන හිටියා නවක වැඩ කරද්දි..!(නු)
අබ්දුල්ලාගේ පවුලේ අයත් හලාල්ද දන්නෙ නැහැ. (නි)
ඕකත් හලාල් නිසා දැන් කියයිද දන්නෙ නැහැ අපිට ඕවා එපා කියලා. (නි)
ඉන්දියාවෙන් ආපු තෙල් නිසා ඔතන හලාල් ප්‍රශ්නයක් තියෙන්න විදියක් නැහැ. (නි)
ලංකාෙවි හලාල් නැති හන්දා දැන්මේවාගේ තෙල් තමයි එන්නේ.ඉතින් වරදක් නෑනේ. (අ)
හොදට ආපු තෙල් කොළඹ ආවාම බාල තෙල් වෙලා .. දැං ත්‍රිකුණාමලයට ගියාම නැවත හොද තෙල් වෙයිද දන්නේ නැහැ...(නු)
බලමු අල්ලයිද කියලා? (නි)
ලංකාවට තෙල් අවශ්‍යයි (දී)
හනික ගිහින් අල්ලන්න (ස)
නැව අත්අඩංගුවට ගෙන තෙල් ටික නිදහස් කරන්න (ස)
තෙල් කල්ඉකුත් වෙනවාද ?? නොදන්න නිසා අහන්නේ (ස)
අපේ කවුරුහරි ඔය ජාවාරම පිටිපස්සේ ඇති. අන්න ඒවා ඉස්සර වෙලා අල්ලන්න (ස)
වහාම ඒ නව නවත්වන්න (දී)
නැව අත්අඩංගුවට අරන් ගැඹුරු මුහුදේ ටික කාලයක් නවත්වලා තියලා ගිලෙන්න ඉඩ දෙමු (ස)