(ඉන්දිකා රාමනායක)
ඇමැරිකා ඩොලර් මිලියනයක ව්‍යාජ මුදල් නොට්ටුවක් රුපියල් ලක්ෂ 10 මුදලකට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයකු කින්යා මාන්චෝලෙච්චනෙයි ප්‍රදේශයේ විශේෂ කාර්ය බළකා කැලෑ පුලියන්කුලම කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු මෙම ව්‍යාජ මුදල් නොට්ටුව අලෙවි කිරීමට සුදානම් වන බවට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බලකා භට කණ්ඩායම් සෝදියක් සිදුකර මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු සතුව එම නෝට්ටුව නීත්‍යානුකූල එකක් බවට ඇමරිකාවෙන් නිරීදේශ කර තිබු බව සඳහන් ව්‍යාජ සහතික පතක්ද තිබී ඇත.
ඇමරිකා ඩොලර් මිලියනයේ නෝට්ටු ඇමැරිකාව නිකුත් කරන්නේ සමරු මුදල් නෝට්ටු වශයෙන් පමණක් බවත් මෙහි කිසිදු මුදල් වටිනාකමක් නොමැති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සහතිකයක් සමග නිකුත් කල සමරු මුදල් නෝට්ටුවක් නම් එහි හොඳ කෞතුක වටිමකමක් තියෙනවා. වසර ගානකට පසු ඉතා ඉහල මිලකට වටිනවා, මේවා ගැන උනන්දු වෙන කට්ටියක් ඉන්නවා, මෙවැනි නීත්‍යානුකූල දේවල් විකිණීම සහ සන්තකයේ තබාගැනීම නීති විරෝධී වෙන්නේ කොහොමද ?
මෙම නෝට්ටුව නීත්‍යානුකූල සමරුවක් බවට ඇමරිකාවෙන් නිරීදේශ තියෙනවලු. ඉතින් මේ පුද්ගලයා මේක හොරෙන් ගෙදර මුද්‍රණය කරලා නැති නිසා කැමති කෙනෙකුට විකුනන්න පුළුවන්නේ. පරණ සමරු මුද්දර, මුදල් නෝට්ටු වගේ දේවල් කෝටි ගණන් වලට අලෙවි වෙනවා. කැමති කෙනෙක් ගනියි .විශේෂ කාර්ය බළකායෙන් අත්අඩංගුවට ගත්තේ මොන නීතියටද ?
පුවත හරියට කියවන්න "ඇමරිකාවෙන් නිර්දේශ කර තිබූ බව සඳහන් ව්‍යාජ සහතික පතක්ද තිබී ඇත."
මෙය ව්‍යාජ නෝට්ටුවක් බවත්, සහතිකයද ව්‍යාජ එකක් බවත්, එය විකිණීමට ගොස් තියෙන්නේ සමරු නෝට්ටුවක් හැටියට නොවන නිසාත් බව පැහැදිලියි. විශේෂ කාර්ය බලධාරීන්ට ස්තුතියි !!!
ඇත්ත සල්ලි දීලා .... බොරු සල්ලි මිලයට ගන්න අය ඉන්නේ අපේ රට පමණයි.. මෙන්න මේ විදිහට තමයි... රටක මුදල්වල වටිනාකම සීග්‍රයෙන් අඩුවෙලා යන්නේ !!!