(ඩී.ජී.සුගතපාල)
කරාපිටිය මලිගස්පේ ශ්‍රි සුභද්‍රාරාම විහාරස්ථානයේ තිබූ වායු රයිපලයක් සාමනේර හිමිනමක් අතින් අද(18) පෙරවරුවේ පත්තුවි එම හිමියන්ගේම බාල සහෝදරයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව ගාල්ල පොලිසිය පවසයි.
මෙම වායු රයිපලය විහාරස්ථානයේ ඇඳක් යට තිබී ඇති අතර අද උදෑසන දහතුන් හැවිරිදි සාමනේර හිමි නමක් එය එලියට ගෙන අතේ ලබාගෙන සිටියදි වැරදිමකින් පත්තුවි අසල සිටි එම හිමියන්ගේම අට හැවිරිදි සහෝදරයාගේ වම් අතට තුවාල සිදුව ඇත.
තුවාල ලැබු දරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ළමයාගේ තත්වය බරපතල නොවන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලක තුවක්කුවක්? වෙන්න ඇති ජේආර් කීවානේ තමන්ගේ ආරක්ෂාව තමන් හදාගන්න කියලා.