
(කේ. බුද්ධික කුමාරසිරි)
හිටපු රාජ්‍ය අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතාට එරෙහිව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා කඩුවෙල දිසා අධිකරණයෙහි පනවා තිබූ වන්දි නඩුවක් සම්බන්ධයෙන් විමලවීර දිසානායක මහතා අධිකරණයේදී සමාව ගැනීම නිසා එම නඩුව සමථයකට පත් කර අවසන් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග මහත්මිය අද (31) දින කටයුතු කලාය.
හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඉකුත් 2021 වර්ෂයේ සැප්තැම්බර් මස පස් වෙනි දින හෝ ඊට ආසන්න දිනයකදී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සීනි තොග රැස් කරමින් අකටයුත්තක් සිදු කරන බවත් එය හිටපු අමාත්‍යවරයෙකු නොගැලපෙන බවත් පවසමින් මාධ්‍ය හමුවේ කරුණු දක්වා ඇති බවත් ඒ මගින් තම කීර්ති නාමයට කැළලක් සිදුව ඇති බවත් ඒ වෙනුවෙන් බිලියන දෙකක වන්දියක් ලබා දෙන ලෙසත් පවසමින් රවී කරුණානායක මහතා කඩුවෙල දිසා අධිකරණයෙහි නඩු පවරා තිබුණි.
ඒ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් සිදු වූ කටයුත්ත පිලිබදව අධිකරණයෙහි සමාව ගැනීමත් ඒ සදහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා එකගතාවය පල කිරීමත් නිසාවෙන් නඩුව සමථයකට පත්කර අවසන් කිරීමට මෙහිදී අධිකරණය තීරණය කරන ලදී .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් බුලත් හපයාට කෙලින්ම කෙළ පහරක්...!
ඒ සේරම යාලුවෝ මල්ලී. මහ බැංකු හොරු, සුනාමි හොරු, සුදුළූණු හොරු, බී ළූණු හොරු, සීනී හොරු, කුණු සැමන් හොරු, රත්රන් හා ෆෝන් හොරු, ගෑණු හොරු, අරක්කු හොරු , බදු හොරු, ජී අයි බට හොරු, බෙහෙත් හොරු, ඉඩම් හොරු, මාලු හොරුන්ගේ පුත්තු, මාල හොරු, හෙජින් හොරු ඒ සේරම දැන් එක කොඩිය යට ඉන්නේ. අපි විතරක් බෙදිලා...
විමලෙගේ කට නිසා නිකන් රවීට පච වුණානේ...
ඔය එක වාචාලයෙක්, කටේ තරමට මොළය වර්ධනය වෙලා නැහැ. ඒ නිසා හොරුන්ව පොරවල් කරනවා.
හොරුන්ටත් කීර්තිනාමයක් තියෙනවද?
ඔය දෙන්නාගේ පැටිකිරිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දූෂිතයෝ කියලා දන්නෝ හොඳාකාරවම දනිති.
දැන් ඔවුන් සේරම එකතු වෙලා. අනික එයා ආසියාවේ හොඳම මුදල් ඇමැති.
ලෝකයේම හොඳම මුදල් ඇමතිට නොවැ මේ අපහාස කොරලා තියෙන්නේ. මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව කිව්වා නේද? යන්න කලියෙන් රටේම ජනතාවගෙනුත් සමාව අරගෙන යන්නම යන්න.
පිස්සෝ හොරුන්ගෙන් සමාව ගත්ත කියල අපේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ඔක්කොම හොරු, ඔක්කොම යාලුවෝ, මේ නාට්‍ය බලලා අපිට වැඩක් නැහැ.
විමලවීර අස්වෙලා ගෙදර යනවා කිව්වා නේද? තවත් පීචන් වෙන්නේ නැතිව රටට පව් නොදී තොලොන්ජි වෙන්න...