රජයේ වාහන අවභාවිතා කළැයි සැකපිට රිමාන්ඞ් භාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගයට එරෙහි ප්රතිශෝධන ඇයැදුම් පත්‍රයේ වගඋත්කරකරුවන්ට ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(6) නියම කළේය.
මෙම ප්රතිශෝධන ඇප ඇයැදුම් පත්‍රය කැඳවනු ලැබු අවස්ථාවේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කොට සිටින නීතීපතිවරයාට හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට ඒ බව දැනුම් දෙමින් නොතිසිද නිකුත් කළේය.
පෙත්සම ලබන 13 වැනිදා යළි කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන මඩ කොමෙන්ට් සංසදය අද සේවයට වාර්තා කරලා වගේ, ඇත්ත තිත්තයි කිව්වාලු, අව භාවිතාවට අනුබල දුන්න කෙනා රිමාන්ඩ්, අව භාවිත කරන කෙනා ශෝක් එකට එළියේ, දේශපාලන පළිගැනීමක් වත්ද ? (බ)
මේක නම් තනිකරම තුප්පහි පළිගැනීමක්. යහපාලනයේ හොර නඩයේ වාහන විතරක් නෙමෙයි හැම දෙයක්ම අවභාවිතයේ. උන් සුදනෝ. යහපාලනයේ එල හරකටයි,මී හරකටයි මතක් කරන්න කැමතියි ‘වෛරයෙන් වෛරය නොසන්සිදේ‘ කියල. (බ)
කෑම බීම ළඟටම ගෙනත් දෙනවා නම්, නාගන්න පනිට්ටුව අතටම දෙනවා නම්, ඉස්පිරිතාලේ බෙහෙත් ටික දෙනවා නම් මොකටද එළියට එන්නේ. ඔන්න ඔහේ ඇතුළටම වෙලා ඉන්න එක හොඳයි නේද (නි)
හිරගෙවල් 100 ක දැම්මත් ප්‍රශ්නයක් නැති බව කියපු විමල් නේද මේ ඇප ඉල්ලන්නේ? (නි)
සිලුත් ගත්ත එකේ දෙයියනේ කියලා බණක් භාවනාවක් කරගෙන ඕක ඇතුළේ ඉන්න දෙන්නේ නැතුව ආයෙත් ඇයි මේ කරදර කරන්නේ? (නි)
අනේ කොහොමහරි එළියට ගමු. මොකද පාර්ලිමේන්තුවේ හරියට කෑගහන්නවත් කෙනෙක් නැහැනේ (නි)