කුඨ ලේඛන මගින් රාජ්ය තාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් සකස් කිරිමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්රි විමල් විරවංස මහතාගේ බිරිය වන ශෂී විරවංස මහත්මියට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ ගොනු කැරුණු නඩුවට අදාල නඩු විභාගය මැයි 25 , 30 , 31 වැනි දා කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (8) නියෝග කළේය.
පැමිණිලි පාර්ශවයේ තිදෙනෙකුට අද සිතාසි නිකුත් කිරිම ද සිදු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මේ! මේක දැක්කම බඩ කට පිරෙනවා (නි)
විමල් හෙට ආණ්ඩුවට එක් වුනොත් නඩු ඔක්කොම කැලේ. ඇමතිකමකුත් ලැබෙනවා. කොහොමද යහ පාලනේ.(අ)
විජේපාල මහත්තයටත් දවසකට දෙකකට හරි වාහනයක් එහෙම නැත් නම් ගෙයක් නැත්නම් ගේ පිටිපස්සේ කාමරයක් වත් වීරවංශගෙන් පිනට ලැබෙන්නැති කියල හිතෙනවා! (බ)
මේ කට්ටියගෙන්ම අදිකරණයට යන වියදම අය කරගන්න . (අ)
අර කීවා වගේ මොන තරම් ධනස්කන්දයක් මෙයාල වෙනුවෙන් වියදම් කරනවද? මෙයාලගෙ පාදඩ ක්රියා නිසා . මේ තව වියදම් කරන්නේ මහජන මුදල් නේද ? (අ)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේගොල්ලන්ට උදේ 7.30 ටත් විවෘත වුණාලු.. (අ)
අනේ මෙයාව යවන්න ඉක්මනට. එතකොට අරයගෙ අතට නිවාඩු දෙන්න පුළුවන්. නැත්නම් නිතරම ෆෝන් එකේමනේ (නි)
කොහොමටත් මේ දෙන්නටම හිරේ හුඟක් කල් ඉන්න වෙන නිසා, බැරිද දෙන්නම එක හිර මැදිරියටම දාන්න. (නි)
දහම්, අම්මෝ ඔයා දන්නා දේවල්? ඔයා යහපාලනය ඇතුළේ ඉඳන් එලියට තොරතුරු දෙන ඔත්තුකාරයෙක් වගේ කියන හැටි හරිම පුදුමයි. අනේ. කොහොමද අනේ ඔයා මේක දැනගත්තේ? හීනයක් නොවෙයි නේද? ඉතින් විමල් එහෙම ආණ්ඩුවට එකතුවෙනවා කිව්වාද? (නි)
දහම් කියන දේ හරියටම හරි. මේක පළිගැනීමක් කියලා ළදරුවකුට වුණත් තේරෙනවා. වැරදි කළේ විමල් විතරක් නොවෙයි. වැරදි කරපු හොරකම් කරපු කීදෙනෙක් අද මේ ආණ්ඩුවේ ඇමතිකම් දරනවද. අනේ දෙවියනේ ලොකු භූමිකම්පාවක් වගේ දෙයක් වෙලා මේ රටේ ඉන්න මිනිස්සු සේරම ටික විනාශවෙලා යන්න ඕනෑ. (නි)