විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ අද පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.
ජාතික හැඳුනුම්පත් දෙකක්ද ව්‍යාජ ගමන් බලපත්‍රද ළඟ තබාගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර ඇගෙන් හා විමල් වීරවංශ මහතාගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට තුළ නීතිය හරියට ස්ථාපිත කරන්න. අපිට අදාළ වෙන්නේ පුද්ගලයා නෙමෙයි. වැරැද්දට දඬුවම්. පසුගිය වසර 10 තුළ අනිසිලෙස මුදල් උපයාගත් පුද්ගලයන් ගොඩක් ඉන්නවා. එවැනි පුද්ගලයන්ට නිසි දඬුවම් දෙන ලෙස නීතියෙන් ඉල්ලනවා. (නි)
මේ වගේ අයටත් ඇත්ත නැත්ත බල දඩුවම් ලබා දේවි යයි සිතමි (බ)
ඉක්මණින් වැරදි වලට දඬුවම් දෙන්න (නි)
විමල් වීරවංශ වරදකට අල්ලාගන්න බැරි නම් බිරිඳ හරි කොටු කරන්න ඕනෑ.(ම)
දැන් කියන්න එපා, ඡන්දෙ ළඟ හින්ද දේශපාලන පලිගැනීම් කියල. වැරදි කරලා තියෙන බව ඔප්පු වෙලා ඉවරයි නේ, බඩු ළඟ තියෙනවනේ. අයිත් මොකටද කරපු විදිය හොයා හොයා ඉන්නේ. දඬුවම් දෙන්න ඇයි පරක්කු කරන්නේ. (බ)
හොර වැඩක් කරලා අහුවෙලාද (බ)
මෙම පරීක්ෂණ කඩිනම් කරන්න .වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන්න .එල් ටි ටි ඊ එකෙන් අල්ලාගත් රත්තරන් වලට වෙච්ච දේ ඇතුළු තවත් බොහෝ දේ පරීක්ෂණ පැවැත්වීමට තිබෙනවා (බ)
තවත් ඡන්ද ප්‍රතිපලයක්- කළ කම් පල දීමක් (බ)
නඩුව ඉක්මනින් විසදා දඩුවම් දෙනු (නදී)
දැන් ඉතින් දේශපාලන අතගසීමකින් තොරව රාජකාරිය ඉටුකරන ලෙස රහස් පොලිස් දෙපාර්තමේන්තුවට නිදහස තිබිය යුතුයි! නීතිය අකුරටම ඉටුකරන ලෙස ඉල්ලමි! (අ)
පිස්සු හැදෙන සඳ .(නදී)
රගර් ක්‍රීඩකයා ගැන කථා ඉවරද? (ම)
අපි ඔය වගේ වැඩක් මෙලහකට කලානම් පොලිසියෙන් අපිව අල්ලාගෙන ගිහින් හොඳට දෙක තුනක් ඇනල රිමාන්ඩ් කරලා. (අ)
රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එකක් කියන්නේ මහා බලගතු එකක්. අපි භාවිතා කරන එක වගේ නෙමෙයි. (නි)
වැරැද්දක් කළා නම් ඒ වැරැද්ද වහලා කතාකරන එක වැරදියි (නි)
හැඳුනුම් පත් දෙකක් ඒ කියන්නේ එතන වංචාවක්නේ. පොඩි මිනිහට නඩු දාල හිරේ දානවනම් මෙයාලටත් ඒ දේම විය යුතුයි. මොකද රටේ නීති දෙකක් තියෙන්න බැහැනේ.(නදී)
රජකම් කළත් කළ කම් පළ දෙනවා කියන්නේ ඔකට තමයි (ම)