දින සීයෙන් ඉටු කරන බවට ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන රජය බෙදුම්වාදීන්ට හොර රහසේ දුන් පොරොන්දු ඉටු කරමින් රට ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට උත්සාහ කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය 19 වැනි දා ඉන්දියාවේ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇති උතුර නිර් මිලිටරීකරණය කිරීම, පුළුල් බලය බෙදීමකට යාම ආදිය සම්බන්ධ ප්‍රකාශවලින් මේ බව තහවුරු වන්නේයැයි ද වීරවංශ මහතා සඳහන් කළේය.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයාට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරියට ඉල්ලා අස්වන ලෙස තර්ජනය කරමින් බලපෑම් කරන මේ පාලනයෙන් බලාපොරොත්තු විය හැකි යහපාලනය කුමක්දැයි තමා ප්‍රශ්න කරන බව ද ඔහු පැවසීය.
හිටපු ඇමැතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල ජයන්තිපුර පිටිහි ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන දේවල් කරොත් යහ පාලනය කෙසේ වෙතත් .. ඕවා කරපු අයට පාරේ බැහැලා යන්න බැරී තත්වයක් උදා වෙයි .. රනිල් අදටත් ඡන්ද වලින් පරාද වෙන්නේ සාමය උදා කරන්න යුද්ධය නවත්තපු නිසයි .. සුළු ජාතිය විසින් මහා ජාතිය නටවන ආණ්ඩුවකට නම් පැවැත්මක් නැහැ .. මහා ජාතියේ ඡන්ද පදනම කොහොමත් අති විශාලයි. (අ)
මේකාගේ බිරිල්ල තාම අඩුවෙලා නැහැ මේ වගේ උන් තමා මහින්දවත් කෑවේ දැන් බලන් ඉන්න බැරිව උඩ බුරනවා .(අ)
ඊට කලින් අග විනිසුරු පත් වුනේ කොහොමද කියල අපිට කියල දෙනවද. ? එතැනදී ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වුනේ නැද්ද ? (අ)
බොරු නෙවෙයි ආචාර්ය දයාන් ජයතිලක ගේ කතාව අහන්නකො...... අපේ රට ගැන පොඩ්ඩක් හිතන්න.....(අ)
මෙතුමා කියන එක ඇත්ත වෙන්නත් පුළුවන්... (අ)
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා!!! (නි)
පොඩ්ඩක් ඉන්නකෝ! තවම අපි ලංකාව පීර පීරා ලැම්බෝගිනි හොයනවනේ (නි)
තමන්ගේ කට හින්දා රාජ්‍ය නායකයෙකුට ගෙදර යන්න වුනා. අනුන්ට බණ කියන්න කලින් තමන්ගේ තනතුරට හරියන විදියට සමාජ චර්යා ධර්ම ගැන වැටහීමක් ලබා ගත්තොත් නරකද ? දැන් වුනත් පරක්කු නැහැ.(අ)
ඇත්ත තෙරුම් ගන්නිල්ල රට භයානක අනතුරක :( මංගලගේ කට්ටියගමේ කෙරුවාව දන්නවනේ ???) (අ)
අපරාදේ මෙයාට 88-89 කාලේ බිල්ලා ඔලුව වැනුවා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේද ?(දිල්)
මේ මෝඩ මනුස්සයාගේ කට තාම වැහිලා නැති හැටි. මහින්ද මහත්තයා කෑවෙත් මේ මෝඩය තමයි. (අ)
සිංහලයා මොඩයා කැවුම් කන්ඩ යෝදයා (නදී)
ඔබ හරි මේ සුදානම් වෙන්නේ ඒකට තමයි. මේ රටේ මිනිස්සු කවදාවත් ඇත්ත දකින්නේ නෑ. (අ)
බල්ලා මැරුනොත් මැක්කට යන එනමන් නැතිවෙනවා. ඒකනිසා මැක්කා බලන්නේ බල්ලව රැකගන්නයි. (අ)
ඊට කලින් අපි කිසිම වෘත්තීය ආදායම් මාර්ගයක් නැතිව දේශපාලනයට ඇවිත් රට ගසා කාපු කෝටිපති බිල්ලන්ව අඳුන ගන්න කැමතියි. . (අ)
නිර්භීත අදහස් කියන්නේ ජාතිවාදය ගොඩනඟා තමන්ගේ පැවැත්ම ගෙනයාමද? එක එක කාලයට කියන සමාජවාදය,ජාතිවාදය, පවුල්වාදය පසුපස ජනතාව යායුතුද? (නි)
මාළුවා නහින්නෙත් කට නිසාලුනේ! (නි)
ඔයා කියන ඒවා දැන් කවුරුත් ගනන් ගන්නේ නෑ. (නදී)
නැවතත් අපේ අහිංසක ගම්වල ආච්චිලා සීයලා රවටා ඡන්ද මංකොල්ලකන්න ඉඩදෙන්න නරකයි. පුළුවන් තරම් ඒ වගේ අය දැනුවත් කරන්න. (නි)
විමල්ගේ භීතිය ඉහ වහා ගිහින්. දැන් රෑට හීනෙන් පේන්නෙත් අර වපුරපු පෙඩරල් බිල්ලගෙ හැටි තමයි. මේ මිනිස්සුන්ව දේශපාලනෙන් විශ්‍රාම ගන්වන්න බුද්ධදාස මහත්තයා ප්‍රමුඛ පක්ෂයේ අයට භාර කරමු. (නදී)
ඔලුව විකාරෙන් දොඩවනවා (නදී)
විමල් කියන දේ ඇත්ත ලගදීම තේරෙයි හැමෝටම (දිල්)
හැමදේකම හැමතිස්සෙම දකින්නේ වැරැදී විතරයි. (ර)
තවත් මෙයා තොරතෝන්චියක් නැතිව කෑ ගහනවානේ නේද (දිල්)
මෙයාගේ කතා දැන්නම් මට අහන්නත් අප්‍රසන්නයි (නි)
මේ විමල් මල්ලිට නම් තාම රටේ පාලනය වෙනස් උන බව දැනිල නෑ වගේ. මරා මාමට නිතර කඩේ ගිය කෙනෙක් නිසා තමා එයාට ඔහොම වෙලා තියෙන්නේ. පව් අනේ, දුප්පත් කොල්ලට ගිය කල. අායෙත් "පංචායුදය" බැඳගෙන නිදා ගන්න. එතකොට ඔය බහුබූත හීන පේන එකක් නැහැ.(නදී)
කිසිම දෙයක් නැතුව සිටි සමහරු අවුරුදු 4-5 ක් ඇතුළත එකපාරටම කෝටි ප්‍රකෝටිපතියන් වුණේ කොහොමද කියලත් සොයා බැලුවොත් හොඳයි (නි)
මෙයාගේ කට නිසා තමයි හිටපු ජනපතිට ගෙදර යන්න වුනේ. අනික් කට හොඳ නැති එක්කෙනා තවම වස්ත්‍රයක් සොයනවා. (නදී)
බස් හෝල්ට් එකක් ගහන්න රුපියල් ලක්ෂ කීයක් වියදම්වුණාද කියලා අපිට මතකයි (නි)
ඔක්කොම අැත්තත් නෙමේ. ඒ වගේම බොරුත් නෙමෙයි. රටේ ආරක්ෂාව ගැන ටිකක් විමසිල්ලෙන් ඉන්න එක කොහොමටත් හොඳයි වගේ. (නදී)
ජෙනරල් සරත් ෆොන්සේකා වගේ කොන්දක් තිබෙන මිනිසුන්ගේ වටිනාකම තේරෙන්නේ දැන් තමයි. (නි)
දැන් අපි ඕවාට රැවටෙන්නේ නැහැ (නි)
මේ පටන් ගත්ත විතරයි. දින 100 න් පස්සේ හොඳ හොඳ ඒවා බල ගත හැකියි (නදී)
උපවාසයක්වත් කරලා බලමුද? (නි)
ඇයි මේ බෝක්කු කතා වලට මහා ප්‍රචාරයක් දෙන්නේ? මේ මනුස්සයා කියවන්න දන්නවා මිසක් මොන ප්‍රායෝගික ක්‍රියාවක්වත් ජාතික ප්‍රශ්නවලදී කතා කරනවද ? ඔය වගේ කතා කියන්න කාටද බැරි? මෙච්චර කල් කරපු දේවල්වල හරයක් තියනවද. මහා ලොකු දේශ ප්‍රේමීයා. යුද වීරයා හිරේ දානකොට කොහෙද හිටියේ? (නදී)
අනුන්ට වැදි බණ කියන්න එන්න එපා (නි)
විදේශ බලවේග එහෙම නැද්ද දන්නෙ නැහැ මේ දවස්වල? (නි)
අප රටේ වැඩි දෙනෙක් ඇත්ත කියන අයට කැමති නැත. (ර)
මේ මනුස්සයා නම් කට වහන්නේ මැරුන දවසට. දැන් කොච්චර බිරුවත් වැඩක් නැහැ. ජනතාව දන්නවා ඔයා කව්ද කියලා (නදී)
දැන්වත් කෑගහන්නේ නැතුව හිටියොත් හොඳයි. මොකද තියෙන ටිකත් නැතිවෙන්න පුලුවන්..... (නි)
දින සීයේ වැඩ දින පහළොවෙන් කරන්න බැහැනේ. බයිලා නොගහා දැන්වත් රටට වැඩක් කරන්න බලන්න මහත්තයෝ (නි)
අයියෝ හැමදාම මෝඩ කතා. අර අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉගෙන ගන්න වැදගත් වටිනා කතා පාර්ලිමේන්තුවේ කරන්න (නදී)
විමල් කියන්නේ ඇත්ත. අවරුදු 30ක් ලෙයින් රැක ගත් රට විනාශ කරන්න හදන්නේ. (නදී)
දැන් මේ කෑගහන යහපාලන අය එක්කෙනෙක් ගිටියද ඒ කාලේ බෝම්බ පුපුරනකොට? විමල්ලා තමයි ජනමනස හැදුවේ ඒ කාලෙත්. (නි)
මේ වගේ කෙනෙක් තවත් නැතුව ඇති (නි)
බ්‍රහ්මදත්ත රජතුමාට මෝඩ වඳුරෙක් සිටියේය (නදී)
මෙතන වැදගත් වෙන්නේ විදේශ ඇමතිතුමා එහෙම දෙයක් කිවුවද කියලා බලන එකයි.අපි බැනගන්න අතරේ රටට වෙන දේ ගැන කල්පනාවෙන් ඉන්න. (නි)
එයාගෙ කතාවෙ ඇත්තක් නැත්තෙත් නැහැ. මාත් ඡන්දෙ දුන්නෙ හංසයාට තමයි. ඒත් උතුර ගැන ඉන්දියාවට ගිහින් කළ කතාව නම් ටිකක් සැකසංකා උපදවනවා. (නි)
බිල්ලෝ පෙන්නලා ඡන්ද කළ කාලේ ඉවරවෙලා ගොඩක් කල්. (නි)
අයියෝ විමලේ කේන්දරේ සුමනදාසට කියල බලව ගත්තනම් හොඳයි. මොකද මීළඟ මහා ඡන්දෙන් තමුන්ට ගෙදර යන්න වෙන්නේ ...(බ)
මෙන්න ශ්‍රී ලංකා දේශපාලනයේ සත්‍යය තත්ත්වය පෙන්වන එක් නිදසුනක්. (නි)
අපි ඔය බිල්ලන්ට බය නැහැ (නි)
තව ඉස්සරහට ගෝනි බිල්ලොත් ඒවි. මතකනේ 87, 88 ඒ ජා ප වකවානුව (නදී)
රට බෙදන තැනට වැඩකරන්න එපා (නි)
අගවිනිසුරු මොහාන් පීරිස්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයාට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරිය, විමල් වීරවංශ ගැන ජනතාව දන්නවා (නදී)
දැන්වත් ඔය කට වහගන්නකෝ! (නි)
බව් බව්!! (නදී)
ශ්රී ලංකා දේශපාලනයේ මම නම් අකමැතිම චරිතයක්. (නි)
මොහු කියන දේවල් කව්රුත් ගණන් ගන්නේ නැහැ. මොහු බැලුවේ ජනපති දිනවාගෙන මෙයාගේ හොරෙන් පුරවාගෙන තිබෙන මල්ල ආරක්ෂා කර ගන්නයි. අපි අවදාරණයෙන් ඉල්ලා සිටිනවා මෙයාට මේ ලැබී තිබෙන වත්කම් හොයන්න කියලා. මෙයාට තවත් කට ගහන්න දෙන්න එපා. මෙයා එ්තරම්ම පහත් විදියටයි මෛත්‍රීට අපහාස කළේ (නදී)
දේශපාලනය කරන්න නම් විලිලැජ්ජාව කියන එක නැතිකරන්න ඕනෑ කියන එක අපිට දැන් බොහොම හොඳට තේරෙනවා (නි)
ඔව් බණ්ඩා, අනිවාර්යෙන්ම පුළුවන්. වීරවංස පීඩිත පන්තියෙන් බිහිවෙලා ඇවිල්ලා පීඩිතයන්ගේ කරපිටින් තැනක් අරගෙන දනපතින්ට මුක්කු ගහලා දනපතියෙක් වෙලා පීඩිත පන්තියේ මිනිසුන්ටම පහර ගසන නරුමයෙක්. (නදී)
56 ලක්ෂයක් ගත්ත කියන ඡන්දෙන් බාගෙට බාගයක් අල්ලස් දීල ගත්ත ඡන්ද කියල නොදන්නේ කව්ද? මෝටර් සයිකල්, සිවුරු බෙදල දුන්න හැටි දුටුවනේ. එහෙම නොවුනා නම් මයිත්‍රී ලක්ෂ 20 කින් දිනලා. දැන් 1 න් හරි පරාදයිනේ. යහ පාලනේට ඉඩ දීල පාඩුවේ ඉන්නවා නම් ලොකු උදව්වක්. (නදී)
කුමාර මහත්තයෝ, අර කිව්වත් වගේ ලක්ෂ ගානක් මිනිස්සු කැමති නම් ඉල්ලන්නකෝ කියන්න බලන්න අප්‍රේල් වල ඡන්දෙ නිදහස් පෙරමුණෙන් සන්ධානෙට හේත්තු වෙන්නේ නැතුව. අනිත් කාරණය තමයි මෙයා පොදු විපක්ෂයට එකතු වුනා නම් කට්ටිය හුරේ දාවි කියලා ඔබතුමා කියන කතාව. අනේ කුමාර මහත්තයෝ හුරේ දැමිල්ල කෙසේ වෙතත්, මෛත්‍රී මහත්තයට මෙයා හේත්තු වුනා නම් ලැබුණු ඡන්ද, ලක්ෂ ගානක් නැතිවෙන්නත් තිබුනා. (නදී)
ලහිරු , සියලුදෙනා ලංකාවේ අය බව සිතන්න. දෙමළ බස පමණක් කතාකරන සිංහලයිනුත් ඉන්නවා.සිංහල පමණක් දන්නා දෙමළ අයත් ඉන්නවා. (නි)
විමල්, ඔබ රටට ආදරය කරන කෙනෙක්. ඔබට අපේ උණුසුම් සුබ පැතුම්! (නදී)
අයියෝ විමලේ මේ රටේ ගුවන්තොටුපොළ 2 ක් තියෙනවා කැමති තැනකින් චුතවෙන්න (බ)
අනුර කුමාර මහතානෙනි, වීරවංසගේ වත්කම් මුලින්ම රටට හෙලිකල යුතුයි. අපේ සල්ලි හොරා කාලා පිළිලයක් වෙලා තියෙන මෙයාව ඉවත් කළේ නැතිනම් ලක්ෂ 62 ක ජන්ද දායකයෝ උන මහන්සියෙන් වැඩක් නැහැ. මෙයා අපිට මහා හිසරදයක්, දැන් අයියල , මල්ලිලා කොටවන්නත් ලෑස්තියි. ලකුණු දා ගැනීමේ එකම අරමුණ. (නදී)
කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න බිල්ලව (නදී)
හින්නි මහත්තයා, සිංහලයා කල්පනාවෙන් වැඩ කලොත් ඔහු මහ පොළවෙන් වඳවී යන සුළු ජාතියක් වන්නේ නැත. ඔබ කියන්නේ ලංකාවේ සිටිය යුත්තේ සිංහල ජාතිය පමණක් බවද? මහ ජාතිය වන සිංහලයාගේ අයිතිවාසිකම් රැකදී ඔවුන්ගේ අනාගතය සුරැකීම මෙන්ම සුළු ජාතීන්ටද මේ රටේ ජීවත්වීමට ඇති අයිතිය අපි පිළිගත යුතුය. සිංහලයාගේ කැවුම් කෑමක් ගැන ඔබ කියනා උපමාව දැනුම සහ මාධ්‍ය දියුණුව ඇති නුතන යුගයේ සිංහලයන්ට අදාල නැත. (නදී)
යහපාලනය මුවාවෙන් එක එක කණ්ඩායම්වල උවමනාව දැන් දැන් ඉටුකරමින් පවතිනවා. යුද්ධෙ කරපු කාලෙ හමුදාවට නිගා කරපු අය දැන් ඇමතිලා (නදී)
ලංකාව අායෙමත් යුද්ධයකට අැද දමන්න හදන අබේ වගේ කට වාචාලයින් අල්ලා හිරේට දමන්න ඕනා. (නදී)
ප්‍රතිචාර දැක්වීමෙන් වැඩක් නැත (බ)
යටගියාව මොහුට අමතක වී ඇති හැඩයි (නි)
මෙයාගේ ජරා කට තවම වැහිලා නැහැනේ. මෙයාගේ ආදායම් ගැන හොයලා හිරේට දෑක්කුවා නම් හොඳයි (නදී)
අබේ-ටෝකියෝ, කවදාද ටෝකියෝ ආවේ? මම ඉන්නෙත් ටෝකියෝ වල. දැක හඳුනාගන්න හරි ආසයි. (නි)
විමල් කියන්නේ සහතික ඇත්ත පෙට්‍රල් අඩු කළ ෂෙඩ් වහල ඔහොම යං (බ)
මුන් නිසා අපිට ඒ කාලේ නිදහසේ ඉගෙන ගන්නත් නැහැ. කරපු විප්ලවයකුත් නැහැ. අතේ සතේ නැතිව හිටපු මිනිස්සු දැන් දේශපාලය කරලා මුළු රටම නය කරලා හොර කළා. දැන් ජාතිවාදය අවුස්සනවා (නදී)
අපි සිංහලයෝ කියල ආඩම්බරයෙන් කියා ගන්නා සිංහල ජනතාව තමන් මහා පොළවෙන් වඳවී යන සුළු ජාතියක් බව තවමත් හඳුනාගෙන නැත. ජය පැන් බීපල්ලා. පාටි දාපල්ලා. මේ බව දෙමල ජනතාව ඉස්සර ඉඳලා දැනගෙන හිටියා. එ්කයි "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා " කියලා කිවේ. අපි පාටි දාමු. එතකොට සේරම හරි ගිහින් තියෙයි. (නදී)
තව වැඩි කාලයක් නැහැ. බලාගන්න පුළුවන් රටට වෙන දේ. එතකොට විමල් සහෝදරයා කියපු දේවල් සත්‍ය වෙයි. ඔය සහන ඔක්කොම දින 100 යි බබෝ (නදී)
මේයාගේ හොර එලියට දාලා ඉස්සෙල්ලම ඇතුලට දාන්න ඕනේ. නැති නම් දින 100 කරන්න දෙන්නේ නැහැ ජාති වාදය ගේනවා. (නදී)
සුපිරි දුෂිත පාලකයෝ දෙපැත්තේම ඉන්නවා. එයාල ඔක්කොම අනිවාර්යයෙන්ම ගෙදර යවන්න ඕනා. හොරු හොරු කියන අයත් සුපිරි ගේම් ගහපු අය. ඔය කොලපාට කන්නාඩි කාලයකින් පාවිච්චි කරෙත් නැහැනේ දාගෙන ඉන්නකෝ. ප්‍රදාන පක්ෂය විපක්ෂය නැතිව වෙනම පක්ෂයක් එනවා නම් යහපත් පාලකයෝ ටිකක් එක්ක අන්න ඒ වෙනස නම් හොඳයි (නදී)
දිලාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඉඩම් මිලදීගෙන ගෙවල් හදාපු හැටිත් හොයන්න කියන්න (නදී)
හැමතැනම ඉතින් මඩගැහිලි තමයි.... (නි)
මේ විමල් මහත්තයෝ කටව හගෙන ඉන්නවද. උතුරු නැගෙනහිර ජනතාව 80% ක් 90% ම මෛත්‍රීපාලට ජන්දය දුන්නේ මහින්ද රාජපක්ෂගෙන් යුද්දෙන් දිනා ගන්න බැරිවෙච්ච ඊලම මෛත්‍රිපාලගෙන් අරගන්න මිසක් යහපාලනේ නලවන්න නෙවෙයිනේ. (නදී)
මේක බලන්න මෙයාගේ වැඩ බලා ගන්න පුළුවන්. මහා ලොකු දේශප්‍රේමියා. https://www.youtube.com/watch?v=tC5EOEs6b6A
මෙය හිතා ගෙන ඉන්නේ මෙයාගේ කටට මුළු රටම බයයි කියලා. (නදී)
මෙයාගේ කට හින්ද තමයි රාජ්‍ය පාලකයෙකුට ගෙදර යන්න වුනේ. ආයෙත් කියවනවා. (නදී)
දැන් යන්න තැනක් නැහැනේ ඔය මොනවා කිවුවත්. කඩුවෙල කවුද දන්නෙ නැහැ එයාට ඡන්දෙ දුන්නේ? (නි)
චෝදනා වලින් කිසිවෙක් වැරදි කාරයෙක් නොකරයි. අධිකරණයෙන් සනාත උණු චෝදනා ඔහුව වැරදිකරයෙක් කරයි. (නදී)
ලොකුම බිල්ලා බලා ගන්න කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා. (නදී)
ඕනෑම ලොකු ගහක් උනත් පිළිලයක් නිසා විනාශ වෙනවා. රාජපක්ෂ ජනාධිපති තුමාටත් පිළිලයක් උනේ මෙයාමයි. දැන් රටටම පිළිලයක් වෙලා වගේ. (නදී)
මෙයාගේ අදහස් වලට ප්‍රතිචාර දාන අය එයාට මඩගහනවා හැර වෙන දෙයක් නොකරන බව පෙනෙනවා. විමල් කියන දෙය හරි හෝ වැරදි ලෙස ශාක්ෂි ඇතුව ගැළපෙන ලෙස ලිව්වොත් තමා හරි. බොරුවට අපහාස, මඩ ගැසීමෙන් පෙනෙන්නේ වෛරයයි. මම නම් විමල්ගේ කතා වලට ආසයි. (නි)
1977 සිට 1994 දක්වාත් 1994 සිට 2005 දක්වාත් 2005 සිට අද දක්වාත් මේ රට පාලනය කළ සියළුම පාලකයන් පිලිබඳව අප දනිමු. චන්ද්‍රිකා, මංගල තවලම හා සුදු නෙළුම වගේම රනිල් ප්‍රභා ගිවිසුමත් ඉන් මහඟු ඵල නෙලාගත් එන්ජීඕ නඩත් අද මේ රටේ දේශපාලන පිටියේ රඟන රැඟුම් අපගේ රටේ අනාගතයේ අවිනිශ්චිත භාවය පිළිබඳ භීතියක් අප සිතු තුළ ජනිත කර ඇත. රටට වඩා බලයත්, වෛරයත්, ගසා කෑමත් පෙරදැරි කරගත් මෙම ජරා ජීර්ණ දේශපාලන ක්‍රමය තුළ අප විසින් බලයට පත් කළ යුත්තේ රටට අහිතකර දේ අඩුවෙන් කළ දේශපාලකයින් බව ජනතාව අවබෝධ කර නොගැනීම මේ රටේ අවාසනාවක් (නදී)
ඉස්සෙල්ලා තමුන් මේ රටට වැදගම්මක් ඇති දේශපාලක්යෙක්ද කියල ඔප්පු කරලා ඉන්න. කාට හරි වාතයක් ගියත් මෙයා කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. (නදී)
මෙහෙම ගියොත් ලඟදිම මිනිස්සුන්ගෙන් ගුටි කනවා (නදී)
ගොඩක් මිනිස්සු ළඟ විතරයි බලන්නේ.මෙයාගේ කතාව හරි. රට අනතුරේ. අපි තේරුම්ගන්නකොට පෙරහැර ගිහින් තියෙයි (නි)
මේ වීරවංශට බලගතු මොලේ අමාරුවක් තියනවා. හිටපු ජනාධිපතිට කඩේ යාම. දැන් ඔක්කොටම ඉස්සෙල්ලා මෙයා ගැන සම්පුර්ණ පරීක්ෂණයක් පවත්වා නිසි දඬ්‍ුවම් දෙන්න ඕනා. එයා තරම් බිල්ලෙක් මුලු ශ්‍රීලංකා ධරණී තලේම නැත (නදී)
තුන්වන ලෝකයේ දියුණු නොවූ රටවල ආර්ථික ප්‍රශ්න වහන්න ජාතිවාදය, ආගම්වාදය අවුස්සන එක සමහර දේශපාලකයන්ගේ පුරුද්දක් වෙලා. එහෙම නොකළොත් ඔවුන්ට අනාගතයක් නැහැ. (නි)
මොනවා වෙන්නද රාජපක්ෂ. මෙයා පහු ගිය දවස් වල කිව්වේ අයියෝ සිරිසේන කියාලානේ. ඉතින් ඒ කියපු එකට මොකද වුනේ ? දැන් අපිට කියන්න තියෙන්නේ අයියෝ විමලෝ කියලා. (නදී)
විලි ලජ්ජා නැතිව පිටරටකට මෙයා අපේ රටේ දේශපාලකයෙක් කියලා අඳුන්වා දෙන්න පුලුවන්ද ? (නදී)
කුමාර, ඔයා විමල්ගේ කතා වලට ආසද ...? (නි)
මේ තමයි අපේ රටේ ජාතිවාදය ඇවිලීමේ කටයුතු භාර අරන් හිටපු කෙනා. (නදී)
වන්දි බට්ටකම් කිරීම හැර දේශපාලන වැදගත් කමක් මේ චරිතය තුළ දකින්නට නැත. (නදී)
පිස්සන් කොටුවට යවන්න ඕන පුද්ගලයෙක් (නදී)
එක පාරක් කට හින්දා ලොක්කෙක්ව ගෙදර යැව්වා. දැන් පුළුවන් නම් රටේ තව ගිනි ගෙඩියක් අවුලවන්න. (නදී)
කුමාර එහෙනම් ඔයා ටෙනිසන් කුරේට කැමති ඇති නේද? (නදී)
තාම මේ රටේ නීතියක් නැහැනේ. අවම වශයෙන් උසස් පෙළ සමත් අයට පමණක් මැතිවරණ නාමයෝජනා දෙන්න. (නි)
පුලුවන් නම් සන්ධානය නැතිව නිදහස් පෙරමුණෙන් ඡන්දෙ ඉල්ලලා එක ආසනයක් අරන් පෙන්නන්න මහා ලොකු දේශප්‍රේමියා (නදී)
බත්තරමුල්ලේ එක්තරා නිවාස සංකීර්ණයක තිබුන ඉදිකිරීමක් විවෘර්ත කිරීමේ උත්සවයට මෙයා මගදී ඇවිත් හැරිලා ගියා. හේතුව මෙයා අකමැති දේශපාලකයකුට ඒ උත්සවයට ආරාධනා කර කර තිබීම. ඔන්න ඔය වගේ බාල වැඩ මෙයා කරන්නේ. (නදී)
ඉස්සෙල්ලම මෙයාව පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනේ (නදී)
රාජපක්ෂ මෙයා ගේ සහෝදරකම නියමෙටම ගැලපෙන්නේ ඔයාටම තමයි. (නදී)
තමන්ගේ පැවැත්ම හදා ගන්න ජාතිවාදයයි,ත්‍රස්ත්‍රවාදයයි අවුස්සන එක ඇරෙන්න මෙයාලට වෙන කරන්න දේශපාලනයක් දැන් රටේ ඉතිරිවෙලා නැහැ. මේ අය කොයිතරම් මුලාවක ඉන්නවාද කියලා පෙනෙන්නේ මොවුන් කියන දේවල් මේ රටේ ජනතාව පිළිගන්න සුදානම් නැති බවවත් තවම මොවුන් වටහා ගෙන නැති බව පෙනෙන විටයි. (නදී)
මෙයාගේ නිරුවත වහ ගන්නේ ඔය වගේ පරණ රෙකොඩ්ස් වලින් තමයි. සිගිරිය බලන්න අතේ පිච්චිය තිබ්බ නැති එකා දැන් රජ මාලිගා හදන්නේ කොහොමද කියල හොයල බලන්න. මෙයාගේ ඔය කළු සල්ලි පුලුවන්නම් රාජසන්තක කරන්න. (නදී)
තමන් දේශපාලනයෙන් හම්බු කළ ඉඩ කඩම් ගේ දොර වතු පිටි ගත්තොත් ඒ ටිකම ෆෙඩරල් රාජ්‍යයකට සෑහෙනවා. (නදී)
එඩ්‍රීයන් ද මෙල්, ඔයා දන්නේ නැති උනාට තව ලක්ෂ ගානක් මිනිස්සු කැමතියි විමල්ට. කොළ පාට කන්නාඩි දාගත්ත මිනිස්සුන්ට නම් එහෙම නොවන බව පේනවා. හැබැයි ඉතින් මෙයත් ඡන්දෙට අරයට සපෝර්ට් කළා නම් කොළ පාට කන්නාඩි දාන අය විමල්ට හුරේ දාන්න තිබ්බා. (නදී)
දැන්වත් කට වහ ගත්තොත් හොඳයි (නදී)
අනේ මෙයා කරපු දෙයකුත් නැහැ. කරන්ට පුළුවන් දේකුත් නැහැ. උඩුබුරන එකම තමා කරන්නේ (නදී)
රටේ ජාතිවාදය ඇවිස්සීමේ චෝදනාව යටතේ හිරේ දාන්න බැරිද ? (නදී)
මේ හාදයා කියන දේවල් එච්චර ගනන් ගන්න එපා (නදී)
අනේ දැන්වත් පොඩ්ඩක් කෑගහන්නේ නැතුව ඉන්නකෝ! (නි)
අනේ පව්..! (නි)
මම දන්නා ආර්තිකේකුත් නැහැ . මම දන්න දේකුත් නැහැ. මට තේරෙන්නෙත් නැහැ. මට කතාකරන්න කටවල් එකකට වඩා තියෙනවා. මට විදුලි බිල අඩු කලා නම් හොඳයි කියලා හිතෙනවා. (නදී)
ඔය බිල්ලව දැකලා අපිට තියෙන්නේ බයකට වඩා අප්‍රසන්න පිළිකුලක්. (නි)
මොනවද මේ කියවන්නේ? (නි)
මේ කියන එකක්වත් මේ රටේ සිද්ධවෙන දේවල් නොවෙයි. අගමැතිතුමා පැහැදිලිව එදා ප්‍රකාශ කළා ඒකීය රාජ්‍ය තුළ කටයුතු කරන ආකාරය. (නි)
විමල් ඔබගේ මුසා බස් ඇසු කාලය දැන් නිමාවී ඇත (නදී)
හිටපු අග විනිසුරු තුමියට මෙයා නඩු අහලා තීන්දු දුන් හැටි අමතක වෙලා වගේ. මම හිතුවේ මෙයාගේ රැකියාව (රජ වාසල කවටයා )නැති වෙලා කියලා. නමුත් නුගත් කමත් ලජ්ජා නැති කමත් අනිත් දේවල් අබිභවා ඉදිරියට එනවා. (නදී)
ඔබගේ නිර්භීත අදහස් අපි අගය කරමු. මහින්ද මහත්තයා අමතක නොකළ ඔබට 56 ලක්ෂයක් ජනතාවගේ ප්‍රණාමය හිමි වේවා (නදී)
අනේ බන්ඩෝ. බණ්ඩාගේ ටිකිරි මොලේ (නදී)
විමල් වීරවංශ විතරයි මේ රටට ආදරේ? අනේ මගේ කට (බ)
කිසිම බිල්ලෙක් නැහැ.මෙයා තමා එකම බිල්ලා...(අ)
මෙයාල පැරදුනු හින්ද දැන් බොරුවට කට කැඩිච්ච කතා කියනවා.මෙයාලට තියෙන පරීක්ෂණ මුලින්ම අරබන්න ඕන...(අ)
මේ අයට පිස්සු (අ)
ජීවිත පුජාවෙන් ලබාගත් දේ රිදී බන්දේසියක් මත තබා බාරදෙන්න, වෙන මොනවද. අවුරුද්දට කැවුම් කකා හිටපල්ලා. (අ)
හරි එතකොට අග විනිසුරු පත් වුනේ මොන ක්‍රමයටද කියල ඔය විමල් මන්ත්‍රී තුමාට කියන්න පුලුවන්ද ? පස්ස දොරෙන් පත් වුන නුසුදුස්සෙකු පත් කිරීමට භාවිත කළෙත් ඔය මැර බලයම නේද ? නිකන් තවත් කට අරින්න ගිහින් අර ගෙදර විවේකිව ඉන්න මහින්ද මහතාව තවත් අමාරුවේ දාන්න එපා. (බ)
මෙතුමා දේශපාලන අවබෝධයක් නැති පොඩි ළදරුවෙක් වගේනේ කතාකරන්නේ (නි)
මට ඔය විමල් කියන හාදයාගේ කතා අහන ඉන්නකොට මතක් වෙන්නේ අපේ ගමේ ගම්මඩුවක බෙර වාදනය කරපු ගුරුන්නාන්සේ ප්‍රේක්ෂකයෝ හිනස්සවන්නත්, නිදි මත හරින්නත් එක්ක නැටුම් ශිල්පියාත් සමග කියන කරන දෙබස් ටිකයි. (නදී)
ඔබට වාචලයි කියල හිනාවෙන මිනිස්සුන්ට, අඬන්නත් කාලයක් එයි. ලක්ෂ 57 ක් මිනිස්සු ඡන්දෙ දුන්නේ දෙන්න වෙන කව්රුවත් නැතිව නෙමෙයි රටට ආදරේ නිසයි. අසුබවාදීව හිතනවා නෙමෙයි නමුත් ගොනා හැරෙන්නේ මොකටද කියල දැනෙනවා. ඒ අතීතයෙන් ඉගෙන ගත්ත පාඩම් නිසා. (නදී)
නුගත් මිනිස්සු තනතුරු වලට පත් කර පුම්බා තිබ්බම අර කොසොල් රජ්ජුරුවන්ගේ සිහිනයට අපි ටික ටික ළං වෙනවා. (බ)