ව්‍යාජ ලිපිලේඛණ සැකසීයැයි කියන සිද්ධියකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීංවංශ අද (20) රහස් පොලිසියට කැඳැවීය.
ඔහුට සහාය පළකරමින් පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, රෝජර් සෙනවිරත්න ඇතුළු පිරිසක් රහස් පොලිසිය අසල සිටිති.
( වීඩියෝ සනත් ඩෙස්මන් සහ ඉෂංක සුනිමල්)
(ඡායාරූප ඉෂංක සුනිමල්)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට හොඳ නැති කමයි කට හොඳ කමයි තේරුම් ගන්න බැරි බවලතුන් ගේ නුවණෙහි දිග පළල හිතා ගන්න පුළුවන්. (බ)
කට විතරක් නෙමෙයි වැඩ ගැනත් හොයන්න වෙනවා. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ.... (නි)
වේදිකාවේදී අනුන්ට අපහාස කරන මිනිසුන්ට අපි නම් ජාතික වීරයෝ කියන්නේ නැහැ (නි)
මෙවැන්නන් ජාතික වීරයෝ වන්නේ කුමන කුලකයේ අයටද ?තීරණය ඔබ සතුය (නි)
මේ වගේ අයට කොහොමද වීරයෝ කියන්නේ? මෙවැන්නන් දේශපාලනයෙන් පන්නා දැමිය යුතුය. (නි)
විමල්ට අපිත් රැවටුනා වීරයක් කියල බලපුවම අනිත් දේශපාලුවෝ වගේ මෙයත් බොරුකාරයෙක් (බ)
තනුජාගේ ඇත්ත වයස මට ෂුවර් නැහැ. (නි)
ඔය ට්‍රයි එක මහින්ද මහත්තය ජනාධිපති කරලා, අගමැති පුටුවට වග කියන්න. (බ)
විමල් වීරයෙක්නම් දුමින්ද සිල්වාත් වීරයෙක්.(බ)
කට ඇති පුතුන් වේදිකාවේදී නොසරුප් බසින් අනෙක් අයට පරිභව කරන්නේ නැත. තමන් මහජන නියෝජිතයෙකු වශයෙන් මුඛයෙන් පිටවන වචන ගැන සැලකිලිමත් විය යුතු බව නොදන්නා කෙනෙකුට දේශපාලන අනාගතයක් නැත. කටින් පමණක් දේශපාලනය කළ නොහැක. උගත්කම අවංක කම විචක්ෂණ බව වෙනුවට අලි කටක් පමණක් ඇති අයවලුන් ට වීරයන් කියන අයගේ ආකල්ප වලට අනේ අපොයි හැර කියන්න දෙයක් නැත. (බ)
වේදිකාවල අනුන්ට අපහාස කරන්නේ මෙයා විතරද (බ)
ලංකා දේශපාලන ඉතිහාසයේ මේ තරම් නොමනා කතා විලාශයක් සහිත දේශපාලකයෙක් සිටියේ නැතිව ඇති. ලජ්ජා නැතිව දියුණු රටක ජාත්‍යන්තර දේශපාලකයෙකු ළඟ තබා මේ අපේ රටේ දේශපාලකයෙක් යයි කීමට අපිට පුලුවන්ද ? (බ)
රණසිංහ, දේශපාලකයෙකුට නැති නම් මහජන නියෝජිතයෙකුට නොගැලපෙන පරිදි ප්‍රතිවාදීන්ට අපහාස කරන්නේ මෙයා විතරයි. (බ)
අනෙක් අයටත් කටවල් ඇති ඒත් මෙහෙම ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීම වගේ තුට්ටු දෙකේ වැඩ කරලා නැහැනේ රණසිංහ (බ)
මේ රටේ මිනිස්සුන්ට කට තියෙන මිනිස්සු තමයි ලොකු.. මොලේ නැති උනත් කමක් නෑ. කටෙන් වැඩ කරන්න බෑ කියලා කවද තේරුම් ගනීද? (ස)
අපේ රටේ මිනිස්සු කොන්ද පන තියෙනවද බලන්නේ කටින් වගේ. (ස)
මේ මිනිහ දන්නේ නැද්ද රහස් පොලිසියට එන්න කියපු හේතුව ? කියන බොරුව අහු වෙන්නම කියන එක තමා මෝඩකම (බ)
දේශපාලකයන්ගේ අධ්‍යාපන සුදුසුකම අවමය උසස්පෙළ කලොත් හොඳයි. නැතිනම් දෙක දෙකෙන් බෙදුවාම බින්දුවයි කියලා ලංකාවේ පටි රෝල් වෙනවා. (ස)
හිතට රිදෙනකොට අපහාස කියලා සමහරුන්ට හිතෙනවා. තවත් සමහරුන්ට විමල්ගේ කතා නිසා ඡන්දෙදි පරදින්න වෙයි කියලා බය වෙනවා. හිතෙනවා. එ්කනේ මේ හැටි කරදර කරන්නේ. (බ)
මෙයාට වීරයෙක් කිව්වොත් වීරයන්ට මොකද්ද කියන්නේ මේ වාචාල කෙනෙක් විතරයි අහුවෙයි කියල බයේ දගලනවා (බ)
මොන කැත චෝදනාද මෙයාටයි මෙයාගෙ උන්දැටයි මේ එන්නේ? මේවගේ අයටද ජාතික වීරයො කියන්නේ? (බ)
පුංචි පුතෙක් කිව්වලු "බැන්ටන්" නුත් ජාතික වීරයෙක් කියලා. ඒ නොදරුවා නම් නොදැනුවත් කමට. ඒත් චන්දන ඔයා? (බ)
කටින් නම් හුඟක් අයට හුඟක් දේවල් කරන්න පුළුවන්. ඒත් ඇත්තට කරන අය තමයි නියම වීරයෝ? මෙයා යුද්දෙට ගියාද? නෑ. යුද්ධ කරන අයට උපදෙස් දෙන්න දැනුමක් තිබුනද? නෑ. වේදිකා වලකෑ ගහපු එකටද මේ වීරයෙක් කියන්නේ. අබුද්දස්ස කාලේ කිව්වලූ......(බ)
වගකිය යුතු පුද්ගලයෙක් වැරද්දක් කළ විට දඬුවම දෙගුණ විය යුතුයි (බ)
පුප්පගෙන බේගල් ඇදබාන්න ඉන්න එකම රුසියා මෙයා තමයි මෙයාගේ වැරදි කරපුවා කෝටියක් ඇති (බ)
විමලේ.. විමලේ.....කෝ මේ විමලේ...... බය වෙන්ඩ එපා විමලේ.... අපේ ජනාධිපති තුමා එයාර්පොට් වහන්නේ නෑ විමලේ......(බ)
එජාප, ජේවීපී ,මංගල බජට් එක පරද්දන්න හදපු වෙලාවේ විමල් එලියට ඇවිත් ආණ්ඩුව බේරාගත්තේ විමල්ල ...නැත්නම් තවමත් යුද්දේ තියනවා..අද ඔය වීරයෝ වෙන්න හදන අය එදා හැසිරුණ විදිය අපිටනම් තාම මතකයි..හොරකම් කරලා තියනවනම් දඩුවම් දෙන්න ඕනේ එ්කේ විවාදයක් නැ ...එ්ත් ඡන්දෙ පරදිනවා කියල බයට හිරේ දානවනම් එ්ක වැරදි (බ)
ඉංජිනේරු සංස්ථාව කාපු, මහජන මුදල් වලින් මාලිගා හදපු, ශරීරය පුරා අසුචි ගා ගත් මේ වගේ අයට ජාතික වීරයෝ කියනවනම්, පුරන් අප්පු,කැප්පෙටිපොල වැනි අයට කුමක් කියන්නද? (බ)
දැන් මේකත් ජත්‍යන්තර කුමන්ත්‍රණයක් කියයිද දන්නේ නෑ.(හේ)
චන්දනට අනුව ජාතික වීරයා යනු අනුන්ට අපහාස කරන ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වයස වෙනස්කරන අනෙකුත් සුදුස්සන් සිටියදී ජාතික ධනයෙන් 16 වයසැති තම පුතාව ලෝක තරුණ සමුළුවට යවන තම ඥාතීන්ට රජයේ නිවාස බෙදන 8 පාස් පුද්ගලයකි. (බ)
අපේ රටට වින කරපු , රට කෑව ඕනෑම දෙස්පාලුවෙක් කුඩුවට ගියාවේ. හිතට සතුටක් මිසක් සිහිනයකින්වත් දුකක් නැත. (ර)
වරදක් සිදු නොකරා නම් බයවෙන්න දෙයක් නෑනේ.(හේ)
එහෙනම් එයාටත් යන්න වුණා? (නි)
තම පවුලේ අය සඳහා කූට ලේකන හදා ලාබ ප්‍රයෝජන ගත්ත වගේම අමාත්‍ය අංශයේදී කූට ලේකන හදා ජාතික ධනය සොරකම් කරන්න ඇති . (ස)
අපේ ජාතික වීරයා සමඟ රටේ ජනතාව ඉන්නවා (නි)
කට ඇති පුතෙක් බිහිකළ ඔබේ මව මෙවන් දෙයකින් කිසිදු කම්පාවක් නොවනු ඇත. මහජනයාද එසේමය. ලෝක ඉතිහාසයේ මෙවන් දේ කොතෙකුත් ඇත. මැතිවරණය නිම වනතුරු ඔබ රිමාන්ඩ් සිරගෙදර සිටියත් කම් නැත. එක රැයකින් සියල්ල නිම වෙන්නේ නැත. ඔබට ජය විමල්. (ස)
අනේ විමලේ, මේ මොකද දෙයියනේ වුණේ? (නි)
චන්දන, මොකක්ද මෙයා කළ ජාතික වීර ක්‍රියාව? (නි)
ඇමෙරිකාව ඇතුළු බටහිර අධිරාජ්‍යවාදී රටවල එදා තුන්වැනි ලෝකයේ රටවල් විනාශ කරන්නට වලිකනකොට එවකට සෝවියට් දේශය මුහුණ ටිකක් පෙන්වීම නිසා අදත් තුවනි ලෝකයේ රටවල් විනාශ නොවී පවතිනවා. අන්න ඒ වගේ තමයි විමල්, ගම්මන්පිල වාසු වැනි වර්තමාන කාලින නායකයින් මතුවීමෙන් රටේ ජනතාව අදටත් බේරිලා ඉන්නේ. මේ බව තේරුම් ගන්නට බැරි කිසිම කෙනෙක් නැහැ. ඔවුන් සිරගත කොට බිය වද්දා ජයග්‍රහණය කරන්නට සිතීම හීනෙන් ගාගත්තු සුවඳක් වගෙයි. (බ)
චින්තා රත්නමල්ල,මම කණගාටු වෙනවා ඔබගේ වාසගම මටත් තිබීම ගැන.ඔයාගේ වර්තමාන කාලින නායකයෝද විමල්,ගම්මන්පිල,වාසු කියන්නේ? මට කියන්න බලන්න. (නි)
චමල්, ව්‍යාජ ලේඛන සැදීමේ වීර ක්‍රියාව සඳහා වෙන්න ඇති. (නි)
මොනවා වුණත් කොන්ද පණ ඇති ඇමතිවරයෙක් (නි)
ඔව් තනුජා , ලෝක ඉතිහාසයේ කටින් පමණක් දේශපාලනය කළ හෘද සාක්ෂිය ඉදිරියේ පුරවැසියන් පුදුමකළ සමාජවාදී පුතුන් ඇත. (නි)
බයවෙන්න එපා. අපි ඉන්නවා ඔබතුමා එක්ක (නි)
තනුජාටත් ගෙයක් එහෙනම් ලැබිලා තියෙන පාටයි. හොඳයි අනේ! (නි)