විමල් වීරවංශ මහතා පාස්පෝර්ට් ප්රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. ඔහු මේ බව කීවේ දැන් පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට එකතු වෙමිනි.
ඡන්ද ප්රතිඵලය ආශිර්වාදයක් ලෙස බාරගෙන රට ඉදිරියට කරගෙන යා යුතු බව ද මන්ත්රීවරයා කිවේය.
මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීවේ.
‘‘පොදුජන පෙරමුණට වඩා ඊට විරුද්ධව විශාල ජනමතයක් තිබෙනවා. 55 % කට එහා ජනමතයක් තිබෙනවා. මැතිවරණයෙන් යම් පණිවිඩයක් දෙනවා. වංචා දූෂණ සෙවීම ඉෂ්ඨ නොකිරීම ගැන යම් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.
විමල් වීරවංශ මහතා විවිධ දේ කිව්වා. අගමැතිවරයාට පින්සිද්ධ වෙන්නයි පාස්පෝට් සිද්ධියෙන් බේරුණේ. නැතිනම් ඉන්න වෙන්නේ බන්ධනාගාරේ.
ඒ නිසා අපි නැවත 2015 ජනවාරි අට ජනමතය යළි ආරම්භ කළ යුතුයි. මේ රටේ ජාතිවායට පැසිස්ට් වාදයට එරෙහිව කඳවුරක් තිබෙනවා. මේ මැතිවරණය පටන් ගත්තු දවසේ ඉඳන් ජාතිවාදය අවුස්සන්න පුලුවන්ද බැලුවා. අපි එය පරාජය කළා. මේ තීන්දුව ආශිර්වාදයක් විදියට අරගෙන රට හරියට ඉදිරියට ගෙන යා යුතුයි. ‘ යයිද මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඇතුලට යන්නේ කවුරු හින්දාද?
කතාව ඇත්ත... හොරු හොරුන්ව රැක්කා. ලැජ්ජා නැතිව කියන එකයි පුදුමේ !
ඒකටනේ වෙනසක් කරන්න අපි 2015 ඡන්දේ දුන්නේ නේද? අපිම අපටම මඩු වලිගෙන් තලා ගම්මු..
එහෙමනම් රනිල් මහතා එදා බේරුනේ මහින්ද මහතා සිරිකොත ඉස්සරහ පාරට තාර දාපු නිසා නේද ?
අපි දන්නේ නැහැනේ අගමැතිවරයාට චුදිතයන් නඩුවලින් නිදහස් කරන්න පුළුවන් කියල. ඒ කියන්නේ අගමැති නිතිය නවනවා? මරු යහපාලනේ
ඕනෙ කෙනෙකුට පරණ පාස්පොර්ට් එක මග හැරුණොත් අලුත් එකක් ගන්න පුළුවන්. එතකොට පරණ එක ඉබේ අවලංගු වෙන එක විතරයි වෙන්නේ. තානාපති කාර්යාලයෙන් වැරදීමකින් අවලංගු එකට වීසා ගැහුවොත් ලංකාවේ ආගමන විගමන නිලධාරීන්ට ගුවන්තොටුපළේදී හොයාගන්න පුළුවන්. එතකොට පිටරට යන්න බැහැ. විමල් වීරවංශ මහතා මෙතන වරදක් කර නැහැ. කියන විදියට කාටවත් පින් දෙන්න වුවමනාවක් නැහැ.
ඒ කතාව ඇත්තනම් අගමැති තුමා නීති විරෝධී කාරියක නිරත වී ඇති බවයි පෙනෙන්නේ. අපි එතුමාව පත් කලේ එවැනි ක්රියාවල් සඳහා නොවේ.
එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව 70% ක ජනමතයක් තිබෙනවා කියලා මුජිබුර් රහුමාන් දන්නේ නැහැ වගේ.
එතකොට මීගමු උසාවියෙ නඩු දාල තියෙන්නෙ පොලොසියෙන් ද?
අගමැති නීතිය නමනවා. ඕං අපි නෙවෙයි කියන්නේ. ඒ ගොල්ලොමයි
සේරම එක මල්ලේ ලුණු කන අය. අගමැති අපරාද කාරයන්ව රකිනවා කියන එකද මේ කියන්නේ?
නීතිය කාටත් එක වෙන්න ඕන.
"විෂ ඝෝර සරුපයා - දැක නොහරු මෝඩයා!"
මෙයා හිතන් ඉන්නේ මෙයාගේ අම්මගේ අප්පාගේ බූදලය කියලා..............
ඕක නිසා තමයි ඕගොල්ලෝ මේ පර පැරදුනේ දැන් අපි අගමැතිට පින් දෙන්නද ඕන ? කරුණාකරලා හොරු අල්ලන මේක ඕගොල්ලොන්ට ලැබුණ අන්තිම අවස්ථාව......
කමල් යමක් කියන්න කලින් හොයල බලන්න දන්න දේවල් ප්රසිද්දියේ කියන්න එපා අලුත් පාස් පොර්ට් එක නිකුත් කරද්දී පරණ පාස් පොර්ට් එකට cancel seal එක ගහල එක අයිති අයට දෙනවා එතකොට ඒ පරණ එකේ වලිඩ් විසා තියනවනම් දෙකම use කරන්න පුළුවන්
ඒ කියන්නේ අපේ ලිච්චවී අගමැති නීතිය නමනවා කියලනේ . ඔබ තුමා හරි.
මම බොහොම අගය කරනවා මේ මහත්මයාගේ චතුර, ඉතාමත් තාර්කික, සංයමයෙන්, බොහොම පරිස්සමින් කරන සංවාද ගැන. මෙවැනි දේශපාලකයින් සමග යමක් බුද්ධිමත්ව විසදා ගන්න පුළුවන්.
පද්මිණි, අයි අයියෝ මොනවද මේ කියන්නේ? ඉතාමත් අතාර්කික ලෙස, කිසිම සංයමයක් නැතුව කිසිම පරිස්සමන් නැතුව, කිසිම හරයක් නැති වල් පල් දොඩවන වාචාල විශේෂඥයකු වගෙයි අපට නම් පෙනෙන්නේ.