රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද (7) වැලිකඩ බන්ධනාගාරයේ සිට කොටුව මහේස්ත්‍රාත් උසාවියට රැගෙන එනු ලැබීය.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ නඩුව අද විභාග කිරීමට නියමිත අතර පෙරදින නඩු වාරයේ දී උසාවියේ කෑ ගසමින් කලබල කළැයි රිමාන්ඩ් කරනු ලැබූ සුදේශ් ප්‍රේමලාල් ද අද උසාවියට රැගෙන එනු ලැබ සිටී.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම බටහිර කුමන්ත්‍රණ. ජර්මන් ජාතිකයෝ මෝටර් රථය සොයාගත්තේ නැත්නම් ලෝකයේ මෝටර් රථ නැත. එතකොට නැති දෙයක් අවභාවිතා කරන්න බැරි නිසා මෙතුමාට හිරේ යන්න වෙන්නේ නැහැනේ. කොහේහරි කොනකට බටහිර අධිරාජ්‍යවාදියෝ ඉන්නවා කියන්නේ එ්කනේ (නි)
අබරන්, වීර කැප්පෙටිපොළ මහතාගේ නමට අපහාස කරන්න එපා (නි)
දේශයේ සිටි වීරයන්ගේ නම් වර්තමාන නායකයින්ට ගැලපෙන්නේ නැත. වර්තමාන දේශපාලකයින්ට ලස්සන නම් තියනවා. ඒවා භාවිතා කරන්න, දැන් බලන්න විමල් වීරවංස, මෙර්වින් සිල්වා , රන්ජන් රාමනායක , මොනතරම් ලස්සන නමක් ද ? ඒවා විකෘති කරන්න එපා. (බ)
අනේ වාසනාවන්....! වැලිකඩ පැත්තේම ඉන්න ඉඩදෙන්න මෙයාට. (නි)
කවුරුහරි මෝඩයෙක් නොවන කෙනෙක් කියන්න මට මේ ආණ්ඩුවේ ඉන්නේ ෆුල් පිරිසිදු කට්ටියකියල ද ? (බ)
නෝනා නම් ෆුල් මේක් අප් දාගෙන. (නි)
ඇයි ගයාන්, එයත් වර්තමාන වීරයෙක් තමා, කාට කාටත් අමතක වුණාට. (නි)
මේ පහළ පින්තූරේ ඉන්නේ පාස්පොර්ට් දෙකක් තියෙන නෝනා නේද? (නි)
අර නිරහංකාර මාතාව ඉවසන ඉවසිල්ල බලන්න (නි)
ද්විත්ව පාස්පෝට් සහ හැඳුනුම්පත් වෙනුවෙන් කූට ලේඛන යටතේ තව කෙනෙක් ඉන්නවා නේද ඊළඟට? (නි)
ඇඳලා ඉන්න සුදු රෙද්දටත් අගෞරවයක් (නි)
මෝඩකම් තිබුනට ඒවා පෙනන්නේ කතාකරනවිට ලියනවිට. ඉතිහාසයට ගරු කරන්න දන්නේ නැති අය රටේ වීරයන්ව මේ හොරුන්ට සම්බන්ධ කරන එක අපහාසයක්. මෝඩයන් දන්නේ තවත් අයට කඩේ යන්න (නි)
අර නෝනා ඇස්, මුහුණ, තොල් මෙතරම් සායම් කරලා තියෙන්නේ, අනේ හිතේ දුක වැඩිකමට වෙන්න ඇති. අයියෝ! (නි)
කට වාචාලකමට කියන්නේ වීරකම කියලද? දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කරුණාකරලා කවුරුහරි මෙයා කරපු එක වීරකමක් මට කියනවද? (නි)
අබරන්, ඔයා දන්නා කැප්පෙටිපොලලගේ කාලේ වාහන කීයක් අවභාවිතා කළාද? (නි)
අධිරාජ්‍යවාදීන්ගෙන් රට මුදා ගැනීම සඳහා දංගෙඩියට හිස තැබීමට ගෙනියන අපේ කාලයේ කැප්පෙටිපොළට ජයවේවා !!!! (ම)
එයාටම පුදුම ඇති ඇයි මෙච්චර කල් මාව ඇතුලට නොදැම්මේ කියලා (ම)