රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (7) නියෝග කළාය.
පෙරදින නඩු වාරයේ දී උසාවියේ කෑ ගසමින් කලබල කළැයි රිමාන්ඩ් කරනු ලැබූ සුදේශ් ප්‍රේමලාල් ද අද උසාවියට රැගෙන එනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් බලාගන්න පුළුවන් බත් බැලයෝටිකගේ මාකටින් (බ)
හරියට දේවල් සිද්ධ වුණානම් මෙයා ඉන්න ඕන රිමාන්ඩ් එකේ නෙවෙයි. අවුරුදු 10 කට හිරේ .(බ)
දේශපේ‍්‍රමියෙකු ලෙස ජීවිතය ආරම්භකර - දේශ පාලුවන් සමග කරට අත දාගෙන - දේශ දේශාන්තර ආක්‍රමණ ගැන මුසාබස් දොඩමින් සිට - රහසිගතව දේශද්‍රෝහි සැහැසිකම් සිදුකර - සිරගතවූ විමල් දේශපාලනයටත් පිළිලයක් වූ වගයි (බ)
මේ දේශ හිතෛෂීන් හොරකාලා තියෙන්නේ මහජන මුදල්. නියම දඬුවම දෙනතුරු නිදහස් කරන්න එපා. (නි)
මේ වගේ මිනිස්සු ඉන්න ඕනේ හිරගේවල්වල තමා . (බ)
බැදුම්කරයටත් ඔහොම කළානම් තමා හොඳ (බ)
චන්දුගේ විග්‍රහය තමා මේකට නියමෙට ගැලපෙන්නේ. දේශහිතෛෂීන් ලෙස මොවුන් කොතරම් මිනිසුන් මුලා කරනවාද. (බ)
බැදුම්කර හොරු එළියේ වෙනස හොදයි (ම)
අයියෝ! එළියට එන්න ලැබෙන්නෙම නැද්ද? (නි)
ඉක්මනින් විභාග කර දඬුවම් ලබාදෙන්න (නි)
ඇඟිල්ලේ තරමට වඩා මෙයා ඉදිමුන එකේ ප්‍රතිඵල. අනෙක් දේශපාලුවන්ටත් මේක හොඳ පාඩමක්. විශේෂයෙන්ම දෙපත් නයින්ට. හැමදාම බඹරේ වැල්ලේ කැරකෙන්නෙ නැහැ (නි)
මේවා ඉක්මනින් විභාග කර තීන්දුවක් දෙන්න බැරි මොකද? (නි)
"පල ඇති රුකටයි ගල් ගහන්නේ". මේ යමපලනය ජනතාවට දැන් එපාවෙලා. මෙහෙම හිර ගෙවල් ගෙනෙන්නද රට කරවන්නේ. කෝ බැඳුම්කරය ගැන ඇයි මොකුත් නොකරන්නේ. මේවා අධිකරණයෙන් දුන් තීන්දු වුණත්, අපිට ඒවා හරියට සිරිකොතෙන් දුන් දඬුවම් වගෙයි. (නි)
නිතිය එක හා සමාන නැත. බලය ඇත්තන්ට නීතිය කියා දෙයක් නැත. බලයේ සිට දැන් බලය අහිමිවුන්ට නීතිය පමා වී ඇත. මැද සිටින අප ප්‍රේක්ෂකයන් වී ඇති අතර නීතියද යහමින් ඇත. (නි)
හිරේට ගිහිල්ලත් බොරු කරන ලස්සන... ඔයා ඕකෙම ඉන්න ... සිල් ගන්න, පොත් ලියන්න පුළුවන් ලේසියෙන්ම එතකොට.(ර)
මම මේ බලන් ඉන්නේ "වොයිස් කට්" එක අහන්න.... (ර)
සියලුම දේශපාලකයන් පාහේ වාහන අවභාවිතා කරන නිසා ඔක්කොම අල්ලලා හිරේ දාන්නකෝ. (නි)
විමල් වැරදි කියල කියන්නේ ආණ්ඩුවේ ඉන්න උදවියනේ. එහෙම නැතුව ඔහුට විරුද්ධව ඇති චෝදනා ඔප්පු වෙලා නැහැනේ. කෝ මේ නිතිය මහා බැංකු අධිපතිට ? චෝදනා ඔප්පු වෙලා තියෙන සිදුවිමක්නේ . ඒ චෝදනාවේ බරපතලකම කොච්චරක්ද ? රටේම ආර්ථිකය ගිලගත්තනේ. අගමැති සහ ඔහුගේ ඇමතිවරු ටික තවම මේ හෝරාව රකිනවනේ . කෝ යහපාලනය (බ)
විමල්ගේ නෑදෑයෝ ටික කොහෙද දන්නේ නැහැ. (ර)
පැහැදිලිවම මේක දේශපාලන දඩයමක්..රජයේ වාහන අවභාවිතා නොකරන ඇමති කෙනෙක් ආණ්ඩු දෙකේම නැහැ,,එහෙනම් 225 ඉන්න ඕනේ රිමාන්ඩ් එකේ..අර බිලියන ගණන් වංචා කරපු මහා බැංකු උදවියගෙන් ප්‍රශ්නයක්වත් අහන්නේ නැනේ.. (බ)