IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විමර්ෂණවලට සහය දෙන්නැයි මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

(රෝෂන් තුෂාර)

අධිකරණ ශාලාව තුළ විත්ති කූඩුවේ සිටියදී වෙඩිවැදී මිය ගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට සියලු සහයන් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය   ප්‍රධාන අධිකරණ රෙජිස්ටාර්වරයාට අද (19) නියෝග කළාය .

සිද්ධියට අදාල සියලු සීසී ටීවී දර්ශන විමර්ශන අංශයන්ට ලබා දෙන ලෙසට ද  රෙජිස්ටාර්වරයාට වරයාට නියෝග කළාය.

 සංජීව වැඩි වැදී මිය යෑම සම්බන්ධයෙන් කෙසෙල්වත්ව පොලිසිය ගොනු කළ බී වාර්තාවත් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළාය.

කෙසෙල්වත්ව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා මගින් මෙම  බී වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ පොලිස් නිලධාරින් අධිකරණයට කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවය.

ඊට පොලිසියේ විවිධ අංශ සහය දක්වා ඇති බවත් සීසීටිවි දර්ශන තවදුරටත් ලබා ගැනීමට ඇති හෙයින් අදාළ දර්ශන ලබා දෙන ලෙසට රෙජිස්ටාර්වරයාට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය. 

මරණ පරීක්ෂණය සූදානම් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය . 

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉල්ලා සිටින ලද අදාළ නියෝග නිකුත් කරමින්   මරණ පරීක්ෂණය එතුමියගේ සහභාගිත්වයෙන් පස්වරු දෙකයි තිහට සිදු කරන බවත් ඊට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙසත් නියෝග කළාය.



අදහස් (0)

විමර්ෂණවලට සහය දෙන්නැයි මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site