මෛත්‍රීපාල සිරිසේන ජනපතිට එරෙහි කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් බල කරමින් පාගමනක් යෑමට බලාපොරොත්තු වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අද (19) මරදාන සීඑස්ආර් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
ඉදිරි මාසය ඇතුළත නව දේශපාලන පක්ෂයක් සාදා ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණ දැන් අලියාගේ බෙල්ලේ සීනු බඳින්නට යන බව කී අමරසිංහ මහතා එහි නායක සහ නායකත්ව මණ්ඩලය බවත් වී නව නායකයකු පත් කර ගැනීමට පාක්ෂිකයන්ට බාර දෙන ලෙස ද ප්‍රකාශ කළේය.
පක්ෂයෙන් ආරාධනයක් ලැදහොත් නැවත ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය බාර ගන්නවාදැයි මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කීවේ සෝමවංශ අමරසිංහ යනු වමනේ කර නැවත කන ජාතියේ මිනිහෙන් නොවන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නායකත්වයෙන් ඉවත් වුණ පසු ජනතා විමුක්ති පෙරමුණ නිවැරදි දිසාවේ ගමන් කළ බව සහ ජනතාව පිළිගත් බව මගේ හැගීම වේ. (බ)
අසූචි නාගන්නවට වඩා වඩා ඒක හොඳා. (බ)
ඔබ තුමා හොඳ වෙන්න පුළුවන් ඒ වුනාට මම කැමති අනුර කුමාර මහත්තයට එයා නිසා තමයි මම ජෙප්පොන්ට මේපාර ඡන්දෙ දෙන්න ඉන්නේ (බ)
සමහර මිනිස්සුන්ට වයසට යනකොට පිස්සු හැදෙන්න පුළුවන් කියන බව තහවුරු කරන්න පුළුවන් එක උදාහරණයක් මේ. (බ)
ජවිපෙ රටට කළ හරිය ඉතිහාසය දත් ජනතාව කිසිදා අමතක නොකරනු ඇත. එමෙන්ම 88-89 කාලයේ ජීවිත අහිමිවූ සාමාජිකයන්ගේ පවුල්වල අයද, එදා එයට වගකිවයුතු අය සමග අද ජවිපෙ සුහදතාවය කිසිදා අනුමත නොකරනු ඇත. (බ)
අනුර දිසානායක කියන්නේ පක්ෂයට හොද නායකයෙක්. ඒගැන විවාදයක් නෑ. (ර)
අනේ අපිට ඕවා කියන්න එපා (නි)
තවත් ත්‍රී රෝද පක්ෂයක්. ඔය වගේ අධි තක්සේරුවෙන් පක්ෂ කීයක් නම් ඇවිත් ගියාද.අද වන විට එම නායකයෝ ඉන්නවද මළාද කියලවත් කිසි කෙනෙක් දන්නේ නැහැ. මෙයත් එතනට තමයි ගාටන්නේ (බ)
සෝමවංස වයසට වඩා නොදන්නා මිනිසකු බව අපි දනිමු (බ)
අන්තිමේදී ඔයත් වෙනස්වුණා එහෙනම්... (නි)
සෝමවංශ කියන්නේ ජේ වී පි කියන මිනීමරු මංකොල්ලකාරින්ගේ නායකයෙක් 88-89 කාලයේදී ජීවිතේ ගලවා ගත්තේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්.හැබැයි මොහුගේ මස්සිනා තමයි සිරිසේන කුරේ.එහෙව් එකේ මෙයාල කරන කුමන්ත්‍රණ ගැන ජනතාව හොඳින් අවබෝධ කරගත යුතුව ඇත. (බ)
1971 කැරැල්ල සමයේදී ගරු සිරිමාවෝ මැතිනිය පැහැරගෙන ගොස් මරන්න හදපු හැටි මතක් කර ගත්තොත් හොඳ නේද සහෝදරයා.(බ)
මෙයා මේ හැලෙන ඡන්ද එකතු කරන්න යනවා (බ)
ඉන්දික කියනවා වගේ සමහර මිනිස්සුන්ට වයසට යනකොට පිස්සු හැදෙන්න පුළුවන් කියන බව තහවුරු කරන්න පුළුවන් එක උදාහරණයක් මේ. (හේ)
ලජ්ජා නැතිකම මහමුදලිකමට වැඩිය ලොකුයි කියනවලුනේ. (හේ)
දැන් වයසයි. ඒ නිසා කියන දේවල් ගණන් ගන්න බෑ.(හේ)
අනේ අපි නොදන්නවායැ? (නි)
බලනකොට කතාව ඇත්ත තමයි. (නි)
සෝමවංශගේ මොන කතාවක්වත් ඇත්ත බව මම නොකියමි. (නි)
මමත් වයසක මනුස්සයෙක් තමයි. ඒත් ඉතින් මෙහෙම අය නම් ඉහ නිකට පැහුණු අපිටත් ලැජ්ජාවක්. (නි)
කක්කුට්ටන්,කුරුට්ටන් හා තවත් සමහරු අතර දැන් වෙනසක් ඇත්තේ නැත.ධනපතියාගේ බෙල්ලේ සීනුව එල්ලන්න කිසිවෙකුට අයිතියක් නැහැ.අලියාද,අතද,පුටුවද කියා ධනපති පංතියේ වෙනසක් නොදකින අය ජවිපෙන් යන එක ඉතාම හොඳයි. ජවිපෙට නියත ජය.....! (නි)
ජවිපෙ නොනැවතී ඉදිරියට! (නි)