(නිමල කොඩිතුවක්කු)
උදෑසන ආහාර වේල නොගෙන පාසලට පැමිණි කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දැරියකට වමනය යාම හේතුවෙන් ඇය ගැබ්ගෙන ඇතැයි පවසමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය පිලිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනයේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කළ බව එහි සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.
නීතිපති උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය කියයි.
එම දැරිය ගැබ්ගෙන හෝ කිසිදු අපයෝජනයකට ලක්ව නැතැයි ඒ සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී තිබිණි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මේ පිළිබඳ විමර්ශන සිදුකරනු ලැබු බවද ඒ මහත්මිය ප්‍රකාශ කරයි.
ළමයින් සම්බන්ධ මෙවැනි හිංසන සිදුවීම් වෙතොත් වහාම 1929 ශ‍්‍රි ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද සභාපතිනිය ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට උපරිම දඬුවම් දෙන්න.
ඉතා අගය කලයුතුයි.
ඉතා සරලයි, විදුහල්පතිගේ වැඩ තහනම් කල යුතුයි සදහටම.
විදුහල්පතුමිය ට තව ටිකක් ළමයි ගැන උගන්නලා ගත්තොත් තමයි හොඳ ..නැවත සේවයේ පිහිට නවා නම් .
විදුහල්පතිට දඬුවම් කලත් ළමයට එයින් මුකුත් නොලැබෙන නිසා ළමයට ශිෂ්‍යත්වයක් වැනි දෙයක් ලබා දෙන්න.
මෙයා දොස්තර කෙනෙක් වෙන්න ට්‍රයි කරලා බැරි තැන විදුහල්පති වෙලා තියෙන්නේ . කොල්ලෙක් වමනේ දැම්මොත් අනිවාර්යෙන්ම සිරෝසිස් හැදිලා කියයි
විදුහල්පතිනියට උල්පන්දම් දීපු ගුරෙක් ඉන්වාලු ඔතන අලුලගෙන තඩිබාන්න ඕනා............
සිසුන් සම්බන්දව මෝඩ තීරණ ගන්න උගත් යයි හිතා ගන්නා ගුරුවරු සහ විදුහල්පති වරුන්ට මේවා හොද පාඩම්.........