IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වෙබ් අඩවි නව නීති ගැන සාකච්ඡා මාලාවක් අරඹයි.

නාරාහේන්පිට කිරුළ පාරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මාධ්‍යවේදීන්, පාඨකයන් ඇතුළු අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සියළු පාර්ශවයන් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වීමට යයි. වෙබ් අඩවි ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයක් ද , වාර්ෂිකව රුපියල් 50,000 ක්ද ගෙවිය යුතුයැයි රජය පසුගියදා තීරණය කළේය. රජයේ මේ නීතිරීති ගැන සාකච්ඡාකර රජයට කරුණු ඉදිරිපත් කිරීමේ අදහසින් මෙම සාකච්ඡා මාලාවේ පළමුවැන්න අගෝස්තු 14 දා පැවැත්වෙන බව දැනගන්නට ඇත.



අදහස් (0)

වෙබ් අඩවි නව නීති ගැන සාකච්ඡා මාලාවක් අරඹයි.

තරුෂ Monday, 23 July 2012 11:20 AM

මෙම තීරනය රට වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටින මාධ්‍ය වෙබ් අඩවි මාධ්‍යවේදීන්ට හයි වෝල්ටේජ් ෂොක් එකක්. ඒ ගැන නොසිතුවොත් වාසිය රටට නොව පිටටයි......(ස.වි)

:       0       0

සමන් Monday, 23 July 2012 04:31 PM

සාරධර්ම වලින් පිරි රටක මනුෂ්‍යයා ජිවත් වන්නේ බොහොම නිදහසේ. එහෙත් රටක සාරධර්ම පිරිහෙනවාත් සමගම මනුෂ්‍යයාගේ ජිවත් වීමේ අයිතින් වැනසී යාමත් කෙලසී යාමත් සොවාභාවිකයි. එහෙත් මෙය රැක ගන්නනම්, මාධ්‍ය නිදහස මනුෂයාට අත්‍යවශයයි . එහෙත්, කිසිම රටක රජයකට බැහැ මාධ්‍යවේදීන්ගේ හෝ මාධ්‍ය නිදහස නැති කරන්නවත් නැනිනම් මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස පාලනය කරන්නවත්. මොනම රජයක් රටේ පාලනයට ආවත්, රටේ මුලු මහත් ජනතාවම රජයකට මුලා කරන්න පුළුවන් වන්නේ, මාධ්‍ය නිදහස රජයේ පාලනයට ගතහොත් පමණි. නැතිනම් මාධ්‍ය නිදහස නැති කිරීමට සක්කරයාගේ පුතාටවත් බැරි බව කවුරු කවුරුත් හොදින් මතක තබා ගන්න. (නි)

:       0       0

රොහාන් Tuesday, 24 July 2012 12:04 AM

බුදුහාමුදුරුවෝ අපට කියලා දීල තියනවා වේතනාව තමයි හැම දේකටම මුල කියලා. ඒ ඔබ හිතන හැටි තමයි. ඔබ ලබා උපන් හැටි තමයි. (නි)

:       0       0

රොෂාන් Monday, 13 August 2012 11:32 AM

අන්න හොදයි

:       0       0

සමන් Thursday, 26 July 2012 11:59 AM

අපේ රට දැන් කැද හැලියක් (දී)

:       0       0

සමන් ' Monday, 13 August 2012 11:38 AM

අපිට මොකද අනේ

:       0       0

ෆයිසාර් Monday, 23 July 2012 12:57 PM

කොහෙන් හරි සල්ලි හම්බකරන්න තමයි බලනනේ. (අ)

:       0       0

අනුෂ්ක Tuesday, 24 July 2012 05:53 AM

වෙන රටක ඉදලා ලියාපදිංචි වෙන්න .එතකොට කීයක් වත් ගෙවන්න ඕනේ නැහැ. (නි)

:       0       0

සමන් Tuesday, 24 July 2012 12:42 PM

අනවශ්‍ය අය මේ රටට ගෙනත් දාලා දැන් ලංකා මාතෘ භුමිය හරියට නිකම් මැටි වලන් කඞේට පැන්න හරක් වගේ වෙලා. ඒකයි මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ? එහෙම තමයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

මධු Monday, 23 July 2012 12:41 AM

ගෙවන්න එපා සල්ලි. ෆේස්බුක් හරහා දාන්න අවශ්‍ය දෙයක්. (නි)

:       0       0

රොහාන් Thursday, 26 July 2012 05:57 AM

සෑම මනුෂ්‍යයෙක් ම එක හා සමාන නැත. මනුෂ්‍යයා එකිනෙකාට විවිධාකාරය. මනුෂ්‍යයා එකම විදියට හිතනවා නම් මේ වෙද්දිත් ලෝක විනාශය වී අවසානය. එහෙත් ලෝකය තවමත් එවන් තත්වයට පත් වී නැත. අපිට මේ ලෝකය බේරා ගැනීමට තවමත් කල් ඇත. මේ මොනදේ කරන්නත් මනුෂ්‍යයා හට මාධ්‍ය නිදහස අවශ්‍යම ‍බව කිව යුතුය. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 24 July 2012 09:30 PM

රොහාන්, බබියත් සුන් බබියගේ ආච්චිත් සුනේ සුන්. (අ)

:       0       0

ගාල්ලේ සමන් Monday, 23 July 2012 04:51 AM

කවුරුත් බලන්නේ මොන ක්‍රමයකින් හරි සල්ලි හොයන්නයි. දැන් හැම එකටම දඩ දඩ දඩ. ඩෙංගු වලිනුත් දඩ, හැම එකෙන්ම දඩ.මෙහෙම යද්දි යට ඇදුම් නොඇන්දත් දඩ ගහයි..... ඒ සමගම බදු බදු බදු. වාහනයෙන් ගියත් බදු, පයින් ගියත් බදු. අනේ මන්දා. ‍ (නි)

:       0       0

රොහාන් Tuesday, 24 July 2012 02:00 PM

ඌරගේ මාලු ඌරගෙම පිටේ තියලා කපනවා කියන්නේ මේවට තමයි. (නි)

:       0       0

රොහාන් Monday, 23 July 2012 05:38 AM

කිසිම රජයකට බැහැ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස නැති කරන්නත්, නැනිනම් මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස පාලනය කරන්නවත්. එහෙම රජයක් මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස අතට ගතහොත් හෝ පාලනය කරන්න යනවනම් රටටම කාබාසිනියා වන බැව් කවුරු කවුරුත් හොදින් මතක තබා ගන්න. මම මෙහෙම ලියන්නේ මොකද දන්නවද? ලෙඩා මැරුණට පස්සෙ දොස්තර මහතා බෙහෙත් ලියලා වැඩක් නැති නිසාය. මොනම රජයක් රටේ පාලනයට ආවත්, රටේ මුලු මහත් ජනතාවම රජයකට මුලා කරන්න පුළුවන් වන්නේ, මාධ්‍ය නිදහස රජයේ පාලනයට ගතහොත් පමණි. නැතිනම් මාධ්‍ය නිදහස නැති කිරීමට සක්කරයාගේ පුතාටවත් බැරි බව කවුරු කවුරුත් හොදින් මතක තබා ගන්න. (නි)

:       0       0

අමිල Monday, 23 July 2012 07:14 AM

ඕවා බොරු වැඩ. (නි)

:       0       0

රොහාන් Tuesday, 24 July 2012 02:10 PM

බොරු ලිය ලියා හිටපු අය, දැන් ඉතිං ඕන දෙක් කරගන්න එකයි ඇත්තේ. (නි)

:       0       0

සමන් රොහාන් Thursday, 26 July 2012 07:42 AM

කෝ මාධ්‍ය නිදහස? මාධ්‍ය නිදහසට තව මොන සාකච්ඡාද? ලොකු ලොක්කන්ගේ අදහස් ඒ විදියටම පළ කරන්න පුලුවන් නම් ඇයි රටේ ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් නැත්තේ? (නි)

:       0       0

විකී Monday, 23 July 2012 09:07 AM

මෙතන තියෙන්නේ මාධ්‍ය පළිබද ප්‍රශ්නෙකට වඩා තමන්ගේ විරුද්ද මත දරන මිනිස්සුට කැත විදියට මඩ ගහන එක......(ස.වි)

:       0       0

සිසිර Monday, 23 July 2012 09:08 AM

සල්ලි උපයා ගැනීමේ මාර්ගයක්......(ස.වි)

:       0       0

නුවන්ග Monday, 23 July 2012 09:53 AM

මේක අසාධාරණ වැරදි වැඩක්......(ස.වි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site