නාරාහේන්පිට කිරුළ පාරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මාධ්‍යවේදීන්, පාඨකයන් ඇතුළු අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සියළු පාර්ශවයන් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වීමට යයි. වෙබ් අඩවි ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයක් ද , වාර්ෂිකව රුපියල් 50,000 ක්ද ගෙවිය යුතුයැයි රජය පසුගියදා තීරණය කළේය. රජයේ මේ නීතිරීති ගැන සාකච්ඡාකර රජයට කරුණු ඉදිරිපත් කිරීමේ අදහසින් මෙම සාකච්ඡා මාලාවේ පළමුවැන්න අගෝස්තු 14 දා පැවැත්වෙන බව දැනගන්නට ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තීරනය රට වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටින මාධ්‍ය වෙබ් අඩවි මාධ්‍යවේදීන්ට හයි වෝල්ටේජ් ෂොක් එකක්. ඒ ගැන නොසිතුවොත් වාසිය රටට නොව පිටටයි......(ස.වි)
සාරධර්ම වලින් පිරි රටක මනුෂ්‍යයා ජිවත් වන්නේ බොහොම නිදහසේ. එහෙත් රටක සාරධර්ම පිරිහෙනවාත් සමගම මනුෂ්‍යයාගේ ජිවත් වීමේ අයිතින් වැනසී යාමත් කෙලසී යාමත් සොවාභාවිකයි. එහෙත් මෙය රැක ගන්නනම්, මාධ්‍ය නිදහස මනුෂයාට අත්‍යවශයයි . එහෙත්, කිසිම රටක රජයකට බැහැ මාධ්‍යවේදීන්ගේ හෝ මාධ්‍ය නිදහස නැති කරන්නවත් නැනිනම් මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස පාලනය කරන්නවත්. මොනම රජයක් රටේ පාලනයට ආවත්, රටේ මුලු මහත් ජනතාවම රජයකට මුලා කරන්න පුළුවන් වන්නේ, මාධ්‍ය නිදහස රජයේ පාලනයට ගතහොත් පමණි. නැතිනම් මාධ්‍ය නිදහස නැති කිරීමට සක්කරයාගේ පුතාටවත් බැරි බව කවුරු කවුරුත් හොදින් මතක තබා ගන්න. (නි)
බුදුහාමුදුරුවෝ අපට කියලා දීල තියනවා වේතනාව තමයි හැම දේකටම මුල කියලා. ඒ ඔබ හිතන හැටි තමයි. ඔබ ලබා උපන් හැටි තමයි. (නි)
අන්න හොදයි
අපේ රට දැන් කැද හැලියක් (දී)
අපිට මොකද අනේ
කොහෙන් හරි සල්ලි හම්බකරන්න තමයි බලනනේ. (අ)
වෙන රටක ඉදලා ලියාපදිංචි වෙන්න .එතකොට කීයක් වත් ගෙවන්න ඕනේ නැහැ. (නි)
අනවශ්‍ය අය මේ රටට ගෙනත් දාලා දැන් ලංකා මාතෘ භුමිය හරියට නිකම් මැටි වලන් කඞේට පැන්න හරක් වගේ වෙලා. ඒකයි මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ? එහෙම තමයි මට නම් හිතෙන්නේ (නි)
ගෙවන්න එපා සල්ලි. ෆේස්බුක් හරහා දාන්න අවශ්‍ය දෙයක්. (නි)
සෑම මනුෂ්‍යයෙක් ම එක හා සමාන නැත. මනුෂ්‍යයා එකිනෙකාට විවිධාකාරය. මනුෂ්‍යයා එකම විදියට හිතනවා නම් මේ වෙද්දිත් ලෝක විනාශය වී අවසානය. එහෙත් ලෝකය තවමත් එවන් තත්වයට පත් වී නැත. අපිට මේ ලෝකය බේරා ගැනීමට තවමත් කල් ඇත. මේ මොනදේ කරන්නත් මනුෂ්‍යයා හට මාධ්‍ය නිදහස අවශ්‍යම බව කිව යුතුය. (නි)
රොහාන්, බබියත් සුන් බබියගේ ආච්චිත් සුනේ සුන්. (අ)
කවුරුත් බලන්නේ මොන ක්‍රමයකින් හරි සල්ලි හොයන්නයි. දැන් හැම එකටම දඩ දඩ දඩ. ඩෙංගු වලිනුත් දඩ, හැම එකෙන්ම දඩ.මෙහෙම යද්දි යට ඇදුම් නොඇන්දත් දඩ ගහයි..... ඒ සමගම බදු බදු බදු. වාහනයෙන් ගියත් බදු, පයින් ගියත් බදු. අනේ මන්දා. (නි)
ඌරගේ මාලු ඌරගෙම පිටේ තියලා කපනවා කියන්නේ මේවට තමයි. (නි)
කිසිම රජයකට බැහැ මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස නැති කරන්නත්, නැනිනම් මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස පාලනය කරන්නවත්. එහෙම රජයක් මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය නිදහස අතට ගතහොත් හෝ පාලනය කරන්න යනවනම් රටටම කාබාසිනියා වන බැව් කවුරු කවුරුත් හොදින් මතක තබා ගන්න. මම මෙහෙම ලියන්නේ මොකද දන්නවද? ලෙඩා මැරුණට පස්සෙ දොස්තර මහතා බෙහෙත් ලියලා වැඩක් නැති නිසාය. මොනම රජයක් රටේ පාලනයට ආවත්, රටේ මුලු මහත් ජනතාවම රජයකට මුලා කරන්න පුළුවන් වන්නේ, මාධ්‍ය නිදහස රජයේ පාලනයට ගතහොත් පමණි. නැතිනම් මාධ්‍ය නිදහස නැති කිරීමට සක්කරයාගේ පුතාටවත් බැරි බව කවුරු කවුරුත් හොදින් මතක තබා ගන්න. (නි)
ඕවා බොරු වැඩ. (නි)
බොරු ලිය ලියා හිටපු අය, දැන් ඉතිං ඕන දෙක් කරගන්න එකයි ඇත්තේ. (නි)
කෝ මාධ්‍ය නිදහස? මාධ්‍ය නිදහසට තව මොන සාකච්ඡාද? ලොකු ලොක්කන්ගේ අදහස් ඒ විදියටම පළ කරන්න පුලුවන් නම් ඇයි රටේ ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් නැත්තේ? (නි)
මෙතන තියෙන්නේ මාධ්‍ය පළිබද ප්‍රශ්නෙකට වඩා තමන්ගේ විරුද්ද මත දරන මිනිස්සුට කැත විදියට මඩ ගහන එක......(ස.වි)
සල්ලි උපයා ගැනීමේ මාර්ගයක්......(ස.වි)
මේක අසාධාරණ වැරදි වැඩක්......(ස.වි)