IMG-LOGO

විපක්ෂයට වැඩිපුර කාලය දුන්නැයි ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු පිටව යති

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුවේ කතා කිරීමට  විපක්ෂයට වැඩිපුර කාලයක් ලබා දුන්නේයැයි කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටවී ගියහ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තුන් දෙනකුට කතා කිරීමට අවස්ථාව ලබා දීමට තමා පොරොන්දු වීයැයි ද ඒ සඳහා අවස්ථාව දිය යුතු යැයි ද කතානායක කරු ජයසූරිය මහතා කීවේය.

එය අසාධාරණ බවත්, එලෙස කළහොත් පාර්ලිමේන්තුවේ සෙසු වැඩකටයුතු කරගෙන යෑමට නොහැකි බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

කතානායකගේ ස්ථාවරය වෙනස් නොවූයෙන් ඊට විරෝධය පළ කරමින් ලක්ෂමන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සභාවෙන් පිටව ගියහ. ඔවුන් ගිය පසු ආණ්ඩු පක්ෂයේ සෙසු මන්ත්‍රීවරු ද පිටවී ගියහ.
21 වැනි දා තෙක් සභාව කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය.



අදහස් (7)

විපක්ෂයට වැඩිපුර කාලය දුන්නැයි ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු පිටව යති

lusena Friday, 10 March 2017 07:30 AM

ජරා පාර්ලිමේන්තුව

:       1       819

viki Friday, 10 March 2017 09:28 AM

ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්නනම් මේ වගේ අය පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතුයි

:       0       57

siri Friday, 10 March 2017 09:29 AM

එයාල හිටිය කියල , කරන්නේ අනුන්ගේ රෙදි හෝදන එකනේ.

:       0       65

sumya Friday, 10 March 2017 09:49 AM

ඊයේ දුන්න ගේමෙන් පස්සේ එන ඇනුම් බැනුම් වලින් බේරෙන්න දුන්න වෙන ගේම් එකක් දෝ කියලත් හිතෙනවා, මෙහෙම පුලුවන්ද පාර්ලිමේන්තුවක ජනතා ප්‍රශ්න රටේ ප්‍රශ්න කතා කරන්න ? අනේ මන්ද මෙහෙම දේවල්, ඉස්සර පක්ෂ විපක්ෂ උපහාසාත්මකව වාද විවාද කලා රටේ ප්‍රශ්න ගැන, දැන්නම් එක සම්පූර්ණයෙන් වෙනස්, පාර්ලිමේන්තු සම්ප්‍රධාය අතින් පයින් රණ්ඩු කරගැනීම වැඩයි පෙන්නේ.

:       0       0

aravinda Friday, 10 March 2017 11:32 AM

අයෙත් ඉස්කෝලේ යැවිය යුතුයි.

:       0       0

ravin Friday, 10 March 2017 12:11 PM

"කොළඹ සරසවියේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු නවතා දමයි" ලංකාදීප ප්‍රවුර්තියක් --- විශ්වවිද්‍යාලය වසාදමයි. "විපක්ෂයට වැඩිපුර කාලය දුන්නැයි ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු පිටව යති" ලංකාදීප ප්‍රවුර්තියක් - පාර්ලිමේන්තුව වසාදමයි . දෙතැනම විනය පිරිහී ගොසින්ය

:       0       0

hewawitharana Friday, 10 March 2017 12:26 PM

අනේ මෙහෙම ඉර්ශියාවක් එදා ඉඳලම අපේ සිංහලය බළල්ලු වගේ එකාට එකා කා ගන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1540 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 551 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 620 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site