
(අංජුල මහික වීරරත්න)
ජනතාව කබලෙන් ලිපට වැටෙන තුරු බලා සිටි විපක්ෂයේ සිහින මෙවර අයවැයෙන් බොඳ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පැවසීය.
ජනතාවට සහන ලබා දීම පමණක් නොව සහන ලබා දෙන්නේ කෙසේද යන්නත් පෙන්වා දී තිබෙන මෙවර අයවැය නිසැකයෙන්ම වැඩි ඡන්දයෙන් සම්මත වන බවද ඒ මහතා අවධාරණය කළේය.
නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ලබන වසර මැතිවරණ වසරක් ලෙස ජනපති සඳහන් කර තිබෙන බව කී මන්ත්‍රීවරයා මැතිවරණ සඳහා මුදල් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා ඇති නමුත් ආර්ථික ස්ථාවරත්වය සමඟ මැතිවරණ පැවැත්විය හැකි වාතාවරණයක් නිර්මාණය වන බව විශ්වාසයැයි කීය.
ඒ අනුව මැතිවරණ කොමිසම විසින් අදාළ මැතිවරණ නියමිත වෙලාවට පවත්වනු ඇති බවද දොලවත්ත මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මේ කියන්නේ? නීතිඥ හාදයෙක්. නීතිඥ කියන උපශීර්ෂය අහනකොටම එපා වෙනවා.
ලිපට වැටෙන්න දෙයක් නැහැ ,ආණ්ඩුව මිනිස්සුන්ව ලිපට දාලා ඉවරයි
කවුද මේ මනුස්සයා ?කොහෙන් ද ආවේ ?
මෙයා ඇත්තටම කතා කරන්නේ ලංකාවේ අය වැය ගැනද?
ඔය ගැන හාැමොම දන්නව ඔය බලාගෙනෙ ඉන්නෙත් කියක් හරි කඩාගන්නෙ නෑ
මේ කියන උන් කරන්නේ රටේ මිනිස්සු කබලට දාල ගිනි පිඹ්න එක.
අමුතුවෙන් කියලා වැටෙන්ඩ දෙයක් නැහැ.බලලෝබි බඩගොස්තරවාදි දුශිත පවුල් පාලනේ උන්ගේ ආසියාවේ ආශ්චර්යය ,සවුබාග්‍යයේ දැක්මට රැවටුනු ජනතාවට මහපාරට වැටෙන්ඩයි සිද්ද උනේ?