හොරණ ප්‍රාදේශීය සභාවේ විපක්ෂය අද කුප්පි ලාම්පු ද පත්තුකරගෙන සභාවට එන විට සභාපති යාමින් චන්දන හතුරුසිංහ මහතා සභාවේ වැඩ මිනිත්තු විස්සකින් අවසන් කර ගෙදර යාම සඳහා වාහනයට නගිමින් සිටියේය.
විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළකරමින් කුප්පි ලාම්පු රැගෙත් මන්ත්‍රීවරු මල්වඩමක් ද රැගෙන ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා පැනගියාට පසුව ඉස්තාලය වැසීමේ ඵලය මොකක්ද? (නි)
මහින්ද චින්තනේ ඔක්කොම ඉන්නේ අනුන්නට මඩගහන වැඩ බැරි ටාසන්ලා (අ)
දැන් සිරිකොත අන්ධකාරයි, පාලුවට ගිහින්. ඒ නිසා ඒවා පත්තු කරන්න ඕනෑ එහේනේ. විපක්ෂයට මේවා මෙහෙම වෙන්න හේතුව තමා තමන් කරන කියන දේ පිළිබධ අවබෝධයක් නොමැතිකමයි. (නි)
විහිලු සපයන්නේ නැතිව දැනෙන දෙයක් කරන්න.(ස)
මේ මෝඩ වෑඩ බලල අපිට දෑන් එපා වෙලා තියෙන්නෙ...(ස)
ඔය සමහර කොමෙන්‍ටු කරුවන් කියන පරිදි ඔය වගේ විරෝධතා කරලා වැඩක් නෑ,දැනෙන විදියට ට්‍රාන්ස්ෆෝමර ටික පුපුරවලා ගිනි තියලා දැම්මනං හරි. (අ)
හොඳයි ,අපි අනික් පාර එක්සත් ජාතික පක්ෂය හරි, ගිනිසිළුව හරි දිනුව කියල හිතමු .ඔය නග්ගල තියෙන දේවල් වලින් එක දෙයක් බස්සනවද ?ඕන නම් අර මෙටිගුලි වගේ හදන පාන් ගෙඩිය කීයක් හරි අඩු කරයි .ලෝකේ හැම ආණ්ඩුවක්ම ,හැම දෙයක්ම ටිකින් ටික වැඩි කරනවා තමයි .(අ)
විපක්ෂය වෙන මුකුත් කරලා නැද්ද ?(ස)
විපක්ෂයට නම් ආලෝකය අවශ්‍යයි තමා...(ස)
අපිත් එන්නද?? (ස)
කොලුවෝ, අල්ලපන්කෝ ඔය මන්තිරි කොලුවා ගෙනාව කුප්පි ලාම්පුවක්. මගේ මැනිලා සුරුට්ටුව පට්ටු කොර ගන්ට....... (නි)
රටට දැයට දැනෙන විදියට ඉතිහාස ගතවෙන දෙයක් කරන්න බලන්න. (නි)
කුප්පි ලාම්පු නොවෙයි, සභාව මැද්දේ ගිනි මැලයක් ගැහුවත් මේවා නවත්වන්න බැහැ. (නි)
ගෙදරත් කුප්පි ලාම්පු පත්තුකරන්නකෝ, දවල්ට නෙමේ රෑට (ස)
විපක්ෂයේ උදවිය හැසිරෙන්නේ හරියට පොඩි ළමයි වගේ. ඕකම තමයි එයාලට බලයට එන්න බැරි හේතුවත්. (නි)
මේ වගේ දේවල් වලට තමයි විපක්ෂය ප්‍රසිද්ධ..විපක්ෂට අද මොනවද කරන්න පුළුවන් ? (ස)
නියම විපක්ෂයක් තිබුනා නම් අපේ රටට මෙහෙම වෙන්නේ නැහැ . (නි)
ජයවේවා! (නි)
ඔයාලගේ විකාර දැකල එපා වෙලා දැන්වත් හරි දයක් කරන්න. (ස)
අපරාදේ කියන්න ඕන නැහැ .ජේ .ආර් .ඉන්න කාලේ ගම්වලට විදුලිය දුන්න . අද බිල ගෙවන්න සල්ලි නැහැ .කාටද කියන්නේ ? (ස)