IMG-LOGO

‘විපක්ෂ සංශෝධන බොහොමයක් පිළිගත්තා‘

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල කෙටුම්පතට ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ සංශෝධන සියල්ලම පාහේ පිළිගත් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධන අනුව එම පනත් කෙටුම්පතෙහි 7 වැනි පිටුවේ 11 වැනි වගන්තියේ 21 වැනි පේළියේ සිට 29 වැනි පේළිය දක්වාම ඉවත් කළ බව කී අමාත්‍යවරයා උසාවි වරෙන්තුවක් නොමැතිව හමුදා කඳවුරකට හෝ කිසියම් ස්ථානයකට ඇතුළුවීමට අතුරුදන්වූවන්ගේ කාර්යාලයට දී තිබූ අවස්ථාව, දේශීය හෝ ජාත්‍යන්තර මුදල් අවශ්‍ය පරිදි ලබාගැනීමට ඔවුන්ට දී තිබූ ඉඩකඩ අහිමි කැර ඇති බව ද අමාත්‍යවරයා කීවේය.

තවත් සංශෝධන තිබේනම් ඒවා ඉදිරිපත් කිරීමට කාලය ලබාදී තිබියදීත් ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ කෑ කෝ ගසමින් සෙංකෝලය පැහැර ගැනීමටත්, සභාවේ කටයුතු කඩාකප්පල් කිරීමටත් උත්සාහ කළ බව කී අමාත්‍යවරයා ඔවුන්ගේ හැසිරීම අනුමත කළ නොහැකි බව ද සඳහන් කළේය.

පනත් කෙටුම්පත සම්මතවීම පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව සිදුවූ බව ද කී සමරසිංහ මහතා එම ක‍්‍රමවේදයේ කිසි`දු වරදක් සිදුවූයේ නැතැයි ද පෙන්වා දුන්නේය.  



අදහස් (0)

‘විපක්ෂ සංශෝධන බොහොමයක් පිළිගත්තා‘

ඇසළ Friday, 12 August 2016 01:30 PM

ලංකාවේ තියෙන එකම ප්‍රශ්නේ ඕක තමයි. දැන් ජනතාවගේ සේරම ප්‍රශ්න විසදෙයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 332 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site