එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රිමාන්ඩ් කරමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් බව බිඳදමා ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද කීවේය.
මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැදිහත්වීමෙන් කළ පරීක්ෂණ වාර්තාව අනුව ඒ ගනුදෙනුවෙන් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බව පැහැදිළි යැයි කී ප්‍රේමජයන්ත් මහතා හොරුන් යැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කරන ආණ්ඩුවේ ලොකුම හොරා මහ බැංකුවේ සිටින බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඔය කියපු ටිකම තමයි ෆොන්සේකා මහතාටත් වෙන්න ඇත්තේ නේද මැතිතුමෝ? (බ)
මේ ආණ්ඩුව ඉතිහාසය බැලුවහම ඕනෑම කෙනෙකුට තේරෙනවා කුමන්ත්‍රණයට දක්ෂයි කියන වග .ජේ ආර් ගේ ,ප්‍රේමදාසගේ කාලේ හොර ඡන්ද දාල තමයි මැතිවරණ කළේ. දැන් තමන්ගේ පාවාදීම් වලට විරුද්ධ අයව හිරේට දා ගන්න උප්පරවැට්ටි කරනවා.එතකොට නිකම්ම පාර්ලිමේන්තුවට රිංග ගන්න.ලැජ්ජයි. (බ)
මමත් වෙනසක් පතා හංසයාට කතිරේ ගැහුවාට මෙහෙම ආණ්ඩුවක් උවමනාවට ඡන්දෙ දුන්නේ නැහැ.මෙගා ඩිල්කාරයෝ අල්ලා නීතියට ගෙනෙන්න අපි ඉඩ දුන්නා තමයි. නමුත් මහා බැංකුවේ ජාතික අපරාධ වංචාව නිතිය ඉදිරියට ගෙන නො එන මේ ආණ්ඩුව අපට ඕන නැහැ. අපට පක්ෂ පාට මාරු කරන්න උවමනා වෙලාවට පුළුවන්. ඊළඟ ඡන්දෙදි තවත් වෙනසක් කරමු. (බ)
පුදුමේ කියන්නේ මහින්දගේ තවමත් පස්සෙන් යන අය විතරයි හොරු . මෛත්‍රී ට හොද කියන යහපාලනයට හොද කියන කිසිකෙනෙක් හොරු නෙමේ . ඔය හොරකම් කරපු අයට කරන්න තියෙන්නේ යහපලානේ හොදකියන එක . කවදාවත් හිරේ යන්නේ නැහැ . (අ)
එකතු වෙලා හොරෙන් කෑවා දැන් නිතියට යටත් වෙන්නේ නැතිව අසරණ මිනිසුන්ට යන්න කියනවා.ඔයාලට කඩේ ගිය කට්ටියව එහෙම ඇල්ලුවේ නැතිද? ,(කේ)
මෙහෙම වැඩ අනුමත කරන්න බැහැ.(හේ)
ලංකාවේ අපිට සිහිනයක්ව තිබු සාමය නව මංමාවත් වරාය ගුවන්තොටුපල නව සංනේවේදනය හා තාක්ෂනය අද අපිට ඒ සදහා දොරගුළු ඇරිලා අපගේ ඇස්පනාපිට සැබෑ වෙලා .(හේ)
මේක ඇත්තක් බව ජනතාව දන්නවා.වෙලාවට උත්තර ලැබේවි. (බ)
ඉතින් ඔය ඔක්කොමල හිරේ දානවද ? ජරාව කාල නැත්නම් ඔච්චර බය මොකටද ? මිනිස්සු චන්දෙ දුන්නේ ඕවට තමා.එ්ක මේ අයියිල තාම දන්නේ නැහැ (බ)
හොරු වෙන්වෙන් හොරු, හිරේ ඉන්න අය කව්ද කියල ජනතාව හොදට දන්නවා. හොරු නැතුව පක්ෂය දුර්වල වීම ගැන දුකයි (බ)
මේ මිනිස්සු කාලයක් හොර වැඩට හුරු වෙලා දැන් වෙනස් වෙන්න අමාරුයි. හොඳම වැඩේ අලුත් තරුණ අයට ඉඩ දීලා අකුලගෙන යන එකයි. (ම)
' හොරු වෙනුවෙන් හොරු '...කියන්නේ මේවට තමයි...මුල්‍ය වංචා විමර්ශන නිලධාරීන්ට මොලේ අමාරුවක් නැහැ නිකම් මන්ත්‍රීලාව කුඩුවට දමන්න. චුදිතයෝ වැරදි කරලා ඇතිබව ඒ අයට හොඳින්ම පැහැදිලිවුනාම තමයි අත්අඩංගුවට ගන්නේ.ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ, අත්දැකීම් බහුල අවංක නිලධාරීන් කණ්ඩායමක් තමයි මේ විමර්ශන කරන්නේ...පසුගිය කාලයේ ඛනිජතෙල් ........මතකනේ...? කොච්චර හොරාකෑවාද..ලැහැස්තිවෙලා ඉන්න බලුකුඩුවට යන්න. (බ)
නියම වැඩේ කියන්නේ මෙයාල හොරු කියල තේරුම් ගන්නේ නැති කට්ටිය අපි අතරෙත් ඉන්න එකයි. (ස)
ප්‍රේමජයන්ත මහත්තයෝ. කිසිම දේකට බය වෙන්ට දෙයක් නැහැ. දැනට ජනතා අප්‍රසාදය ආණ්ඩුව කෙරේ ගොඩ නැගෙනවා. අන්තිමේදී බලන්ටකෝ මැතිවරණ ප්‍රතිපල ලැබෙනකොට ඒ ගොල්ලන්ගෙන් පාර්ලිමේන්තුවට යන්නේ කියෙන් කී දෙනාද කියලා. අපි මේ සේරම බලාගෙනයි ඉන්නේ මහත්තයෝ. මැතිවරණ පොතේ අලුතින් ලියවෙන පිටුවක් ඇතිවෙනවා . (ස)
මහින්දට සහයෝගය දෙන අය පමණි හිරේට ගන්නේ (ම)
හොරු අල්ලනවනම් දෙපැත්තේම ඉන්න හොරු අල්ලන්න ඕන. බලයේ ඉන්න පැත්තේ ඉන්නේ ඔක්කොම උපසකයෝනේ. (ර)
ඇල්ලේ කුඩා බණ්ඩාට(බන්දුල පෙරේරාට, පිවිතුරු යහපාලට) ජයවේවා...! (නි)
ඉතින් මන්ත්‍රී තුමා හොරකම් නොකලානම් කොහොමද මෙහෙම අත්අඩංගුවට පත්වෙන්නේ? විපක්ෂ මන්ත්‍රී උනත් හොරකම් කලානම් මොනවා කරන්න ඕනි කියලද ඔබතුමා කියන්නේ? (ස)
මේ රජයට කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ , ආ දවසේ ඉදන් කරන්නේ කට්ටියට නඩු හොය හොයා දාන එකයි. රනිල් වික්‍රමසිංහ කියලා තිබුනේ, මැයි මාසයේ පඩි ගෙවන්න සල්ලි නෑ කියලා. පසුගිය රජයට ඔය වාගේ ප්‍රශ්නයක් තිබුනේ නෑනේ. උපකල්පනය කරමු එයාලා දූෂණ වංචා කළා කියලා, ඒත් ලංකාව පුරා සංවර්ධන වැඩට මුදල් තිබුණා, පඩි ගෙවන්න සල්ලිත් තිබුණා, ජනතාවට කෑම බීමත් තිබුණා, දැන් මෙයාලට එක පාරටම සල්ලි නැති වුනේ, මෙයාලා කරන්නේ දූෂණ වංචා විතරවද්ද. මොකද දැන් සංවර්ධනයත් නෑ, බඩුමිල අඩුවකුත් නෑ, පඩි ගෙවන්න සල්ලිත් නෑ. (බ)