IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


වඳ වී යන ශාඛයක් රට පටවයි

ලොව වඳ වී යන ශාඛ ලේඛනයට අයත් ගයිරිනොප්ස් වල්ල හෙවත් වල්ලපට්ටා හෙවත් පට්ට වැල් ඉන්දියාවට යැවීමේ ජාවාරමක් ඇතැයි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකුද හවුල් කැරගෙන ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරිකයකු තෙත් කලාපයේ රක්‍ෂිතවලින් මෙම ශාඛය කුඩා කැබැලි වලට කපා රට පටවතියිද එසේ පැටැවීමට සූදානම් කැර තුබූ කිලෝ 500ක් පමණ අත්අඩංගුවට ගත්තේ යැයි ද නිලධරයෝ කියති. කිලෝ දහයකට හෝ විස්සකට ගැමියාට රුපියල් හාරපන්දාහක් දී එකතු කැර ගන්නා මෙම ශාඛයේ ග‍්‍රෑමයක් ඇමෙරිකා ඩොලරයක් ඩොලර් දෙකක් (රු. 135x270) මිලකට එතෙර අලෙවි වෙතියි කියති. කලවාන අඩවි වන නිලධාරි එච්.ඒ.බී. හේරත්, බිට්ටු වන නිලධාරී බී.පී.එස්. වීරකෝන් හා සම්පත් සිසිර කුමාර මේ වැටැලීම කළහ.



අදහස් (0)

වඳ වී යන ශාඛයක් රට පටවයි

ස්ලික් Wednesday, 08 August 2012 01:35 PM

අපරාදෙනේ අපි මේ තේ, පොල්, රබර් වවන්නේ. (මත් ද්‍රව්‍යයක් නොවේ නම්) මේක වවලා විකුණුවා නම් ඉවරයිනේ. කිලෝ එකක් රුපියල් 270,000 ක් නේ. (නි)

:       0       0

සර්ෆාස් Thursday, 09 August 2012 08:27 AM

මේවා තමයි නව අපනයන බෝග.. එදා සුද්දා රට යවපු දේවල් තවමත් අපි රට යවන්නෙ.. අලුත් බෝගයක් හොයාගන්න හොද වෙළදපොලක් තියෙනවානම් ඒක රට යවමු..!!(නු)

:       0       0

අරුන Tuesday, 17 September 2013 03:21 PM

අපේ රටේ වස්තුන් තමයි මේ විනාශ වෙන්නේ (දී)

:       0       0

සංජී Wednesday, 08 August 2012 02:02 PM

මොනවටද මේවා පාවිච්චි කරන්නේ? මේක නම් වෙන්න බැරි දෙයක්. (නි)

:       0       0

සමන් Wednesday, 08 August 2012 02:21 PM

මෙම ශාකය මෙතරම් වටින්නේ ඇයි? (නි)

:       0       0

චතුල-වෙරෝනා Wednesday, 08 August 2012 02:24 PM

සහ ගහන අපරාධ මේවා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 08 August 2012 02:27 PM

මේ ශාකයේ වෙළඳ වටිනාකම මේ පුවතට ඇතුළත් නොකළා නම් තමයි හොඳ. දැන් ඉතින් අපේ අයියලා තව කීප දෙනෙක් ජාවාරමට බහින්න ඉඩ තියෙනවා මේක දැකලා. අපේ අයට 'බිස්නස් අයිඩියාස්' එන්නේ එහෙමනේ. (නි)

:       0       0

හේමන්ත Wednesday, 08 August 2012 02:29 PM

මේචචරම ගණනකට අපනයනය කරන්න පුලුවන් නම් වෙනම වගාවක් විදියට කරන්න පුළුවන් නේද? කැළයේ තිබෙන ගස් වලට ඇති ඉල්ලුම සඳහන් කිරීමත් නොකළ යුතුයි. (නි)

:       0       0

මිත්‍ර Friday, 10 August 2012 07:54 AM

මම කිව්වෙ මේවා පිරිත් මණ්ඩප හදන්න ගන්නවා කියලයි. (නි)

:       0       0

සන්ජීව Thursday, 09 August 2012 09:33 AM

කලින් මේ පුවතම ගහේ නම සදහන් නොකර පළවුණා...මම හිතන්නේ නම සදහන් නොකලානම් හොදයි...මොකද අපේ මිනිස්සුන්ගෙන් බේරගන්න බැරිවෙන නිසා....(ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Wednesday, 08 August 2012 02:59 PM

ඊයේ අපි තරගය පැරදුණු දුකටත් එක්කම මේ මනුස්සයාව වැල් පට්ටයකින්ම එල්ලුවා නම් හරි. (නි)

:       0       0

දයා Wednesday, 08 August 2012 03:12 PM

වද වී ගෙන යනවා නම් ඉතිං, කීයක් හරි හොයා ගන්න කෙනෙකුට ඒක කරගන්න දීලා සද්ද නැතුව ඉන්නකෝ. (නි)

:       0       0

සංජීව Friday, 20 December 2013 11:51 PM

අහන් ඉන්න බැරිනම් බලන් ඉන්න බැරිනම් අපිට කරන්න තියෙන්නේ මෙච්චර ලොකු විදේශ විනිමයක් අපට ලැබෙනවානම් අපි මේක අපනයන බෝගයක් විදියට වගා කරමු (අ)

:       0       0

මනුල Thursday, 09 August 2012 09:52 AM

මෙ ගහ ඉතා වටිනා සුවඳ විලවුන් සැදීමට ගන්නවා . ගහේ නම සදහන් නොකර පළවුණා නමි මම හිතන්නේ හොදයි ...(ස)

:       0       0

පියල් Wednesday, 08 August 2012 03:38 PM

මම කැළේට ළගදි ගිහින් මේ ගහක් හොයලා හොයලා, අන්තිමට වළි කුකුළෙක් අල්ලගෙන ආවා. (නි)

:       0       0

සිංහ Saturday, 21 December 2013 12:36 AM

මෙම ශාකය ඒකදේශික නොවේද?? (අ)

:       0       0

උපුල් Thursday, 09 August 2012 04:58 PM

මේකත් ඔන්න ඔහේ කැළේටම යට කරලා දාන්න. නැත්නම් අමතක කරන්නකෝ. (නි)

:       0       0

මනෝ Thursday, 09 August 2012 11:24 AM

ඕක ලංකාවෙ තිබුණයි කියලාවත්, හොරු කවුද කියලාවත් මට නම් වැඩක් නැහැ. මම අහන්නේ කෝ යුද්ධය කාලයේදී අපට ලැබුණු රත්තරං ටික කියලා? (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 08 August 2012 05:13 PM

ඉන්දියාවටත් පටවන්නකෝ ජපන් ජබර, සැල්වීනියා, ඩෙංගු වගේ දේවල්. (නි)

:       0       0

කටුවන Wednesday, 08 August 2012 06:09 PM

කතාව ඇත්ත. අපි ඉස්සඑ මේවායින් වරිච්චි බිත්තිත් බැන්දා.දැන් බේතකටවත් හොයා ගන්න බැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 08 August 2012 06:22 PM

මේ පැළෑටිය මෙච්චරටම වටිනවා නම් ඇයි අපට ඒක නීත්‍යානුකූල විදියට වැඩිදියුණූ කර ගන්න බැරි? (නි)

:       0       0

සමන්ත Wednesday, 08 August 2012 06:54 PM

කවුද කියන්නේ මේ ගහ වදවීගෙන යනවා කියලා. රත්නපුර පැත්තට නම් මේ ගහ හරිම කරදරයක් වෙලයි තියෙන්නේ. (නි)

:       0       0

අභය Wednesday, 08 August 2012 07:00 PM

අපේ ගෙදර ඉදිරිපිටත් මේ වගේ ගහක් තියෙනවා. ගෙඩිත් එනවා. මම දන්නෙ නැහැනේ මේ තරම් වටිනවා කියලා. (නි)

:       0       0

චාමර Thursday, 09 August 2012 06:36 PM

මේ ගහේ දලු තලලා බලන්නකෝ සුවද මොකක්ද කියලා. (නි)

:       0       0

සුනිල් Wednesday, 08 August 2012 08:19 PM

මෙම ගස් වර්ගය මම නම් දැක තිබෙන්නේ සබරගමු පළාතේ පමණයි. මෙතරම් වටිනා බව විශ්වාස කරන්නත් අමාරුයි. (නි)

:       0       0

රාජා Thursday, 09 August 2012 01:17 PM

මේක වද වී ගෙන යනවා නම් ඉතිං වවන්න බැරිද? අනේ බොරුනේ මේවා. කවුරුහරි මොකක් හරි කරනකල්ම ඉන්න ඕනෑ අපේ අයට ඒ දේවල් වල වටිනාකම තේරෙන්න. (නි)

:       0       0

චමින්ද Thursday, 09 August 2012 01:35 PM

කිලෝ එකක් රුපියල් 270 වෙන්න ඇති. (නි)

:       0       0

ඇරිස් Wednesday, 08 August 2012 10:12 PM

ශාක වර්ග වර්ග කර විකුණන්න පුලුවන්නේ. (නි)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 09 August 2012 02:00 PM

බලාගෙන ගියාම මේක නියම වැලක්නෙ...!!(නු)

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Wednesday, 08 August 2012 11:12 PM

වල්ලපට්ටා යනු තයිමලේසියේ කුලයට අයත් වඳවී යන ශාඛ විශේෂයකි. 1981 වසරේදී ඉලිනෝයි විශ්ව විද්‍යාලය මගින් ලංකාවෙන් සොයාගන්නා ලද මෙම ශාඛයක් රසායන විද්‍යා පර්යේෂණයන්ට යොදා ගැනීමෙන් අනතුරුව පළමු වරට මෙම ශාඛවල පත්‍ර වලින් පිළිකා නාශක රසායනික සංයෝග ලෙස සැලකෙන කුකර්බිටැසින් සහ සිටොයින්ඩොසයිඩ් නිස්සාරණය කර ඇත. එම රසායනික සංයෝග ඇසුරින් පිළිකා මර්දනය සඳහා කිසියම් ‍ඖෂධයක් නිපදවන ලද්දේදැයි මම නොදනිමි. එහෙත් වල්ලපට්ටා නීති විරෝධී ලෙස අපනයනය කරන ජාවාරමක් ඇත්තේ එම ශාඛයේ වටිනාකම අපට වඩා ඔවුන් දන්නා බැවිනි. පරිසර විද්‍යාඥයකු වශයෙන් මාගේ තර්කය වනුයේ අපගේ මෙම වටිනා ජාන සම්පත් ආරක්ෂා කරගත යුතුවා මෙන්ම ඉන් කිසියම් වටිනා ඖෂධ නිශ්පාදනයක් සිදුකළ හැකිනම් ජාවාරම් කරුවන්ගෙන් අපගේ අයිතිය ආරක්ෂා කර ගනිමින් එම සම්පත තිරසාර භාවිතය සඳහා යොදාගත යුතු බවයි. මන්දයත්, එම ඖෂධය මිනිස් සංහතියේ උන්නතිය සඳහාම වන බැවිනි. එසේම ජෛව සම්පත් ආරක්ෂාකර ගැනීම අප සියළු දෙනාගේම වගකීමක් බවද සිහිපත් කරමි. (නි)

:       0       0

විජය Wednesday, 08 August 2012 11:25 PM

මේ අගාර් වුඩ් වර්ගයට නෑකම් කියන ශාකයක්. මෙම ශාක තායිලන්තයේ වාණිජව වවනවා. මෙම ගස් වලට වැළඳෙන දිලීර ආසාදනයකට විරුද්ධව ගස විසින් රසායන ද්‍රව්‍යයක් නිෂ්පාදනය කර එම දිලීරයට ඔරොත්තු දෙන්න ක්‍රියා කරනවා. එම රසායන ද්‍රව්‍යය ඉතා වටිනා සුවඳ විලවුන් සැදීමට ගන්නවා. සාමාන්‍යයෙන් මෙය සිදුවීමට වසර 30 ක් වත් යනවා. එහිත් දිලීරය වැළඳුන ගස්වල විතරයි මේ සුවඳ හැදෙන්නේ. නිස්සාරණය කළ දියරය ලක්ෂ ගණනක් වටිනවා. දැනට තායිලන්තයේ මේ දිලීරය බලෙන් ගස් වලට එන්නත් කරනවා. කෝටි ගණනක් විදේශ විනිමය උපයනවා. ලංකාවෙත් මේ ගස් තියෙනවා නම් අපිටත් මේක කරන්න පුලුවන්.

:       0       0

මහී Wednesday, 08 August 2012 11:50 PM

මම අපේ ගෙදර ඉදිරිපිට ගහ විකුණුවා කිලෝ එකක් රුපියල් 130,000.00ට.($10,500.00). මම නම් දන්නවා මේ ශාකයේ වෙළඳ වටිනාකම. ඔයාලත් මේ ගහක් හොයලා කීයක් හරි හොයා ගන්න. (නි)

:       0       0

මිත්‍ර Thursday, 09 August 2012 07:20 AM

මම මේ වල්ලපට්ට වැල් වලින් පිරිත් මණ්ඩපත් ගහනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 232 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 232 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site