සන්නද්ධ සේවා වූෂු තරගාවලියේදී විනය විරෝධීව හැසුරුණු බව කියන නාවික හමුදාවේ ක‍්‍රීඩකයන් තිදෙනකුට ශ්‍රී ලංකා වූෂු සංගමය තාවකාලික තරග තහනමක් පනවා තිබේ. තාවුලූ ක‍්‍රීඩක උත්පල කුමාර මුණසිංහ, සන්ධා ද්වන්ධ සටන් ක‍්‍රීඩකයන් වන ඒ. එම්. ෆයිසාල් සහ ඞී. ඒ. ජයසිංහට මෙලෙස තාවකාලික තරග තහනම පනවා තිබේ. ඔවුන් නාවික හමුදාවේ ලූතිනන්වරු තිදෙනකු බවත් වාර්තාවේ. අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේ ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති සන්නද්ධ සේවා වූෂු තරගාවලිය එහිදී සංවිධානය කළ පළමු අවස්ථාව මෙය වේ. තරගාවලියේදී මෙම ක‍්‍රීඩකයන් තිදෙනා විනිසුරුවන්ට තර්ජනය කරමින් තරග නීති රීති උල්ලංඝණය කරමින් හැසුරුණේ යැයි චෝදනා එල්ලවී ඇතැයි ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ලේකම් මානෙල් ධර්මකීර්ති මහතා පැවසීය. තරගාවලියේ තාවුලූ අංශයේ ප‍්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ අන්තර්ජාතික වූෂු තරග විනිසුරු ඩබ්ලිව්. කේ. සරත්චන්ද්‍ර, දකුණු ආසියානු වුෂු තරග විනිසුරු නිශාන්ත පතිරාජ, වූෂු අභියාචනා මණ්ඩලයේ උප සභාපති අන්තර්ජාතික තරග විනිසුරු විජිත් ප‍්‍රියන්ත එදිරිසිංහ යන මහත්වරු මෙම ක‍්‍රීඩකයන් තිදෙනාගේ ක‍්‍රියා කලාපය සම්බන්‍ධයෙන් සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ද ධර්මකීර්ති මහතා වැඩි දුරටත් පැවසීය. මේ සම්බන්‍ධයෙන් වූෂු සංගමය පවත්වන විනය පරීක්‍ෂණය අවසන්වන තෙක් ක‍්‍රීඩකයන් තිදෙනාට තරග තහනම ක‍්‍රියාත්මක වන බව ද ඔහු පැවසීය. සන්නද්ධ හමුදාව නියෝජනය කරන වූෂු ක‍්‍රීඩකයන් තරග තහනමකට ලක් වු පළමු අවස්ථාව මෙය බවද වාර්තාවේ. තරගාවලියේ සංවිධායක කමිටුවේ ප‍්‍රධානී බි‍්‍රගේඩියර් රේණුක රොයල් මහතාත්, ආරක්‍ෂක අමාත්‍යංශයෙන් විනය කටයුතු භාරව පැමිණි නිලධාරීවරයාත් මේ සම්බන්‍ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා වූෂු සංගමයේ සභාපති ඇමැති ටී. බී. ඒකනායක මහතා නාවික හමුදාපතිට මේ සම්බන්‍ධව වෙනම පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද වාර්තාවේ. ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට මෙන්ම ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ට ද මේ සම්බන්‍ධව දැනුම්වත් කර ඇතැයිද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විනිසුරුවන්ට තර්ජනය කළැයි නාවික හමුදා වූෂු ක‍්‍රීඩකයන් තිදෙනකුට තරග තහනමක්
වරුණ Friday, 17 August 2012 01:14 PM
රටේ හැමතැනම විනය, සදාචාරය, හික්මීම පිරිහිලා. කවුද මේවට වගකියන්නේ? (නි)