අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා විනිසුරු සංගමයේ මහ සභා රැස්වීමක් අඟහරුවාදා හදිසියේම කොළඹදී කැඳවීමට එහි විධායක කමිටුව තීරණය කරයි. ඒ අනුව සිය සංගමයේ සාමාජිකයින් වන දිවයින පුරා සිටින මහේස්ත‍්‍රාත්වරුන් අලූත්කඬේදී රැස්වෙනු ඇතැයි ශ්‍රී ලංකා විනිසුරු සංගමයේ ලේකම් ප‍්‍රදීප් ජයතිලක පවසයි. සියලූම මහේස්ත‍්‍රාත් හා දිසා අධිකරණ රාජකාරියෙන් අඟහරුවාදා ඉවත්වීමට විනිසුරුවරු තීරණය කරති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය කියන්නේ රටේ උත්තරීතරම ආයතනය. මේ විරෝධය සාධාරණයි. (නි)
බොහෝ රටවල විධායකය වැඩ වරද්දා ගත්තේ අධිකරණයට වැඩ වරද්දන්න ගිහිල්ලා. (නි)
මේ අයගෙන් අපිවගේ මිනිස්සුන්ට කවදාවත් සෙතක් වෙන්නෙ නැහැ. ඒක නිසා මටනම් මේවා ලොකු දේවල් නෙමෙයි. කොහොමත් මේවා නවත්තන්නෙම නෑත්නම් මගෙ යාලු තාත්තා කෙනෙකුයි පුතෙකුයි ඉන්නවා, එයාලට බාර දෙනවා සමතයකට පත් කරන්න. (නි)
කෙළින් තීරණ අරගෙන, කාටවත් යටත් නොවී හොදින් වැඩකරන්න. තර්ජන ගර්ජන සියල්ල ජනතා බලයට යටයි. (නි)
නියමයි නියමයි. (නි)
හොඳ තීරණයක් ගන්න,
වැඩක් නැහැ. අන්තිමට මේවා සියල්ල අවසන් වෙන්නේ මේ සියල්ලන්ම විදෙස් කුමන්ත්‍රණ කරන හා ඩොලර් වෙනුවෙන් දේශද්‍රෝභීන් වෙලා. (නි)
පුතා එම තාත්තගේ කියල ෂුවර්මද ??? මට හිතෙන්නේ ඊට වඩා බලවත් කෙනෙකුගේ බවයි (ස)
අවි ගත්තෝ අවියෙන් නැසේ . වැඩි දුර යන්න අදහසක් නෑ වගේ රටේ උත්තරීතර තැනටත් බලපෑම් කිරීමෙන් තේරෙන්නේ , බලේ ඇති තැන මොලේ නෑ....(ස)
චතුලගේ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. ලංකාවේ අධිකරණය මෑත අතීතයේ හැසිරිලා තියෙන්නේ පීඩිතයින්ට පිළිසරණක් සොයා යා හැකි තැනක් ලෙස නොව පීඩකයින්ගේ මෙවලමක් ලෙස පමණයි. වෘත්තීය සමිති වලට හිතුමතේ වාරණ පැනවීමෙන්, වැට පනින දේශපාලුවන්ගේ ආරක්ෂාවට පෙනී සිටීමෙන්, ජාතික වැදගත්කමක් ඇති නඩු සමහරක් විභාගයට නොගෙනම ඉවත දැමීමෙන්, තෝරාගත් සමහරුන්ගේ ආරක්ෂාව පිණිස ඔවුන්ගේ නීතිවේදීන් සපයන විහිලු තර්ක වලට හිස නැමීමෙන්, සිවිල් බලයක් ඇති වරෙන්තු කරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ දීමෙන් ආදී වශයෙන් අධිකරණය බැලූ බැල්මට පාක්ෂික බවක් පෙන්වූ නිසා අප කවුරුත් ඊට දී තිබුන උත්තරීතර සැලකීම පලුදු කර ගත්තා. අවසානයේ ඔවුන්ගේ වාරය එන විට මාටින් නිමොලර් කී විදියට ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නට ඉන්නේ කවුද? (ස)
කලබලේ මොකද
පහරදුන්නේ කොයි පැත්තෙන් ආපු කෙනෙක්ද? (නි)
ඔබතුමන්ලාගේ මෙම ක්‍රියාව ඉතා සාධාරණයි. ඒ වාගෙම ඔබතුමන්ලා ඉදිරියේදීවත් නඩුවක දෙපැත්ත නොකා සේවා දායකයාට අසාධාරණයක් නොවන ආකාරයට,මිනිසුන්ගේ ආර්ථිකයට සරිලන ගාස්තු අයකරනවා නම් , මේ වගේ අවස්ථාවක පොදු ජනතාවත් ඔබලා සමග අත්වැල් බැද ගැනීමට එයි. "නැත්නම් ඕවත්, ඔය කොයි දෙයත් විධායකයට යටත් නේ?" නඩුකාර මහතුනි, බලන්න. ඔබතුමන්ලා නඩු කල් අරින දුර ,ඇත්තටම අසාධාරණයි නේද? (නි)
ඔබතුමන්ලා දේශපාලනයට යට නොවී කෙලින් තීරණ ගන්න, නඩු කල් අරින්න එපා . එතකොට ජනතාව ඔබතුමන්ලා වටා එක්රොක් වේවි (ස)
ජනතාවගේ සාදාරණ වෘත්තිය ඉල්ලීම් කීයක් හමුවේ සාධාරණ නොවන තීන්දු කීයක් ඔය අධිකරණය දුන්නාද? අද මේ රට පත්ව තියෙන තත්ත්වයට ඔය අධිකරණය වගකිවයුතු නොවේද? නීතිය සාධාරණ වියයුත්තේ අධිකරණයට පමණනක්ද? නීතිය වල්වැදී ඇත. අධිකරණ නිලධාරීන් කැපු වළේ ඔවුන් වැටී ඇත. වළ වැසිය යුත්තේද ඔවුන්මය. (නි)
දවස් 2 ක් ඔබලා වර්ජනය කරාවි , විසඳුමක් ලැබුණේ නැත්නම් 3 වෙනි දවසේ වැඩ කරාවි (ස)