(අජන්ත කුමාර අගලකඩ)
නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගිය සතියේ ගත් තීරණය සම්බන්ධයෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ(2) පැවැති කැබිනට් රැස්වීමේ දී විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි පවසයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් විශාල ප්‍රතිශතයකින් වැඩි කිරීම අනුමත කළ නොහැකි බවත් එමගින් අනෙකුත් ක්ෂේත්රවලද නොසන්සුන්තාවයක් ඇතිවිය හැකි බවත් මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.
කැබිනට් මණ්ඩලය මෙම වැටුප් වැඩිවීමට අනුමැතිය දුන් දිනයේ තමා එම රැස්වීමට සහභාගී නොවූ බවත් ඔහු එහිදී කියා ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී අදහස් දැක්වූ විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා කියා ඇත්තේ තමා මෙම යෝජනාව ඉදිරිපත් කළේ කමිටුවක් මගින් ගත් සාමූහික තීරණයක් ලෙස බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටුප් කොමිසමේ නිර්දේශද නොසලකමින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවලියේ අවසානය රටම ආර්ථික අඝාදයකට වැටීමයි.මේ ඇත්තේ විනිසුරුවන්ට ඇති ආදරයක් නොව, මීට සාපේක්ෂව මැති ඇමැතින්ගේ වැටුප් ස්වයන්ක්‍රීයව ගැලපීමේ ආශාවයි.පොදු මහජනයාට මේක දැන්ම තේරෙන්නේ නෑ.ඒ බරත් කරට පැටවූනාම තේරෙයි.
මුදල් ඇමැති ලෙස සමස්ථ රාජ්‍ය සේවකයින් ගැන සිතා කටයුතු කරන එක වගකිමක්. ආර්ථික ප්‍රශ්න කාටත් පොදුයි.
ඇමතිතුමාගේ හොඳ තීරණයක්, රාජ්‍ය සේවයේ සියලුදෙනාටම වැටුප් වැඩි නොකර නීතිපතිටත් විනිසුරුවන්ට පමණක් වැටුප් වැඩි කිරීම හරි අසාධාරණයක්. එය නොකළ යුතු දෙයක්.
විනිශ්චයකාරවරයෙක්ගේ අධ්‍යාපනය, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් සහ ගණකාධිකාරවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හා සැසඳූ විට විනිසුරන්ට අන් අයට වඩා වැඩි වැටුපක් ලබාදීම බරපතල අසාධාරන ක්‍රියාවකි.
මංගල ඇමතිතුමාගේ අදහස සාමාන්‍ය ජනයා වන අපද අනුමත කරමු.
කිසිසේත් අනුමත කල නොහැකි අසාධාරණ නිර්දේශයකි. ඇමතිතුමා හරි.
කලයුත්තේ විනිසුරුවන්ගේ වැටුප් වැඩි කිරීම නොව, රටේ සිටින විනිසුරුවන් සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩි කිරීමයි. විනිසුරුවන්ගේ වැටුප් වැඩිකළ යුත්තේ අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වන අනුපාතයටයි. නැත්නම් එය අධිකරණයේ විනිසුරුවන් රටේ තිබෙන පාලක පක්ෂය දෙසට නම්මවා ගැනීමට දෙන අල්ලසක් ලෙසයි මා මෙය දකින්නේ...
වැටුප් වැඩිකිරීමට හරි ක්‍රියාදාමයක් යොදා ගන්නේ නැත්තේ මොකද? වැටුප් කොමිසම කියලා එකක් තියෙනවා නම් සියලු රජයේ සේවකයන්ගේ වැටුප් එහි නිර්දේශ අනුව කලාම මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේද? එක එක ඇමතිට හිතෙන විදියට වැටුප් වැඩි කිරීම විහිළුවක්. වෙන රට වල වගේ ක්‍රමවේදයක් හදා ගන්න අපි දන්නේ නැතුවද නැත්නම් ඕන කමක් නැද්ද?
මොකද විනිසුරුවන්ට විතරක්. අනිත් මිනිස්සු කන්නේ බත් නෙමේද ? අනික නඩු ගොඩ වෙලා නීතිය වල් වෙලා තියෙන සමයක මොකටද වැඩි පඩි. ඒගොල්ලන්ගේ කාර්යක්ෂමතාව මනින්නේ නැතිද ?
විනිසුරුවරුන්ට දැනටමත් ගෙවනවා වැඩියි කියලයි මට නම් හිතෙන්නේ!