නොසැලකිලිමත් ලෙස ත‍්‍රීරෝද රියක් පදවා ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතාගේ නිල රියට අලාබහානි කළ බවට වරද පිළිගත් රියැදුරකුට ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය රුපියල් 11000ක දඩ නියම කළාය.