විනිසුරුවරුන් ලෙස උසාවි පුටුවේ සිට රජකම් කරනවාට වඩා මහජන සේවකයකු ලෙස ක්‍රියා කිරීම සුදුසුයැයි මොහාන් පීරිස් අග විනිසුරු මනම්පිටිය නව මහේස්ත්‍රාත් උසාවිය විවෘත කරමින් ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ ද කීවේය.
‘විනිසුරුවරුන් හා නීතිවේදීන් හැටියට අප මහජනතාවට ආදර්ශයක් විය යුතුයි. මහජනතාව අප කෙරෙහි විශාල උත්තරීතර විශ්වාසයක් තබා ගෙනයි උසාවියට එන්නේ. මේ සේවය ඉතා වටිනා සේවයක්. අපි අපේ ජීවිත වලින් පවා හැඩ ගැසිය යුතුයි. අපේ වෘත්තිය මහජනතාව වෙනුවෙන් සංවේදීව කටයුතු කළ යුතුයි. මම ඒ දේ පිළිගන්නවා. ඒ පණිවිඩය පිළිපදින ලෙස සෙසු විනිසුරුවරුන්ටත් කියනවා.
මහජනතාවට මම කියන්නේ සුළු දෙයකට පවා උසාවියට දුවගෙන එන්න එපා. මේ නීති රීති අපිට පමණක් ඇති දායාදයක් නෙමෙයි. ඒ නීතියට ජනතාව ගරු කළ යුතුයි. ජනතාව ඊට පණ දිය යුතුයි. සහජීවනය නොමැතිවුවහොත් නීතිද ඇද වැටෙනවා. උසාවියක් විවෘත කරන්නේ නඩු වැඩිකරගන්න නෙමෙයි. අද පාසලක ළමයකුගේ කනෙන් මිරිකුවත් අධිකරණයට යනවා. සුළු දේවල් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කර ජනතාවට මහා ලොකු දෙයක් ලෙස පෙන්වන්න එපා. සංචාරක උසාවි තිබුණ පළියට නඩු ගෙන්න එපා. අද නීති පද්ධතිය එදා තිබුණු තත්ත්වයට ගේන්න කටයුතු කළ යුතුයි. ඒ සඳහා සියලු දෙනාම එකතු වෙලා නීති පද්ධතිය පෝෂණය කිරීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නඩුත් මේ උසාවියෙ ඇහුවනම් හොදයි..!(නු)
මට හිනායනවා (දී)
ආනිවාර්යයෙන්ම...ආනිවාර්යයෙන්ම... (දී)
මහජනතාවගේ සාධාරණය තියෙන්නේ මෙතන (දී)
මහජන සේවකයෙක් වෙන්න ඕනි කියන්නේ රජයට කඩේ යන්න ඕනි කියන එකද මහත්තයෝ? මම මේ නොදන්න කමටයි අහන්නේ.(නදී)
මම හිතන්නේ විනිසුරුවරු මහජන සේවකයන් වීමට වඩා අපක්ෂපාතිව නීතියට අනුකූලව තීන්දු දිය යුතු පුද්ගලයන් විය යුතු බවයි. දේශපාලකයා මහජන සේවකයෙක්. නීතියට අනුව නඩු අහන්නයි ඕනේ.(නදී)
කතාවට සීමා නොවී සියළු විනිසුරුවරුන් අපක්ෂපාතීව තීන්දු දීම තමයි මහජනයාගේ බලාපොරොත්තුව.(නදී)
ළමා හිංසාව කියන්නේ කියන්නේ වරදක්. ඒවා තුරන් කළ හැක්කේ උසාවිය මාර්ගයෙන්.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ මේ ඔක්කොම අපිට තමයි.(නදී)
දෙයියෝ තමයි දන්නේ.(නදී)
ජනතාව වෙනුවෙන් වැඩකරන්න කැපවී සිටිනවා (දී)
අනිවාර්යයෙන්ම (දී)
ඒක ඔහුගේ / ඇයගේ වගකීමක් (දී)
100% එකඟයි ඒ කතාවට (දී)
මේවා කතාවට විතරයි මහත්තයෝ..!(නු)
ඒකමතමයි අපිත් කියන්නේ.. ඔබතුමා කරලාම පෙන්වන්නකෝ..!(නු)
අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයා ජනතා සේවකයෙක් තමයි.. කවුද කියන්නේ නැහැ කියලා...!(නු)
ඔබ තුමාට ජයවේවා (දී)
සියලු රජයේ සේවකයෝ සියල්ලම මහජන සේවකයෝ වෙති. (නි)
සහතික ඇත්ත (දී)
ඔබේ සේවය අපට අත්‍යවශ්‍යයි (දී)
වෙන්න ඕනේ ඒ දේ තමයි (දී)
කියන්නත් දෙයක්ද? (දී)
අනිවාර්යයෙන්ම්. ජනතාවගේ සාධාරණය තීරණය වන්නේ ඔවුන් මත (දී)
කතාව ඇත්ත, (දී)