මූල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමා නිදහස් කරන්නැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ විනිසුරු මඩුල්ලට සහභාගී නොවන බව ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය දන්වා තිබේ.
ඒ අනුව බදාදා (27) එම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියසාත් ඩෙෆ් සහ රෝහිනී මාරසිංහ යන විනිසුරුවරුන් හමුවේ කැඳැවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාත්‍ය මණ්ඩල තීන්දු ක්‍රියාත්මක කිරීම වරදක් නම් මුළු අැමතිමන්දලයම උසාවි ගෙන්න ඕන නේද ?.අය බැසිල් රාජපක්ෂ මහතා විතරක් හිරේ...මේවට කියන්නේ නීත්‍යනුකුලව සිදු කරන දේශපාලන පලිගැනීම් කියල එජාප ආණ්ඩු තුනක අත්දෙකීම් ඇති අපට මේවා හොඳට පුරුදුය් .මහින්ද යු අන් පී ය 30ක් ආණ්ඩුවට ගෙන් ඇමතිකම් දුන්න. රනිල් ඒ වගේ ශ්‍රීලනිප පිරිසක් හිරේ දානවා...(බ)
ලොකු මිනිහෙක් වැරදි කලාම දඬුවන් දෙන්න අමාරු බව පේනවා නේද (නදී)
විනිසුරුවරියක් ඉවත්වුණා කියලා චුදීතයා නිදොස් වෙන්නේ නැහැ. කළයුත්තේ භාවාත්මක නොවී චෝදනා විභාගකර හොරකම් කර ඇත්නම් නිසි දඬුවම් ලබාදීමයි. අධිකරණය මොන තීන්දුවක් දුන්නත් ජනතා අධිකරණය බැසිල් සම්බන්ධ තීන්දුව දුන්නේ මහින්ද පරදින්නත් කලින්. හෘද සාක්ෂියේ විනිශ්චයට සියලුම නීති යටයි. (නි)
ඉවත්වීමත් පක්ෂපාති කමක්. කලින් සහෝදරයාගේ නඩුවෙන් කෙනෙක් ඉවත් වෙලා දෙන්නෙක්ගෙන් පක්ෂපාති තීන්දුවක් දුන්නා. හොර අල්ලනවට පහල ඉදන් උඩටම අකමැති රටක් තමයි ශ්‍රී ලංකාව. කවදා මිනිසුන්ට හොදක් වේද ? (නදී)
මට නම් පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. මේකෙන් ඉවත්වුණ විනිසුරුතුමිය මීටකලින් මෙම තීරණය නොගත්තේ ඇයි? (නි)
ඒකතමා ඒ මිනිස්සුත් දන්නවා එයා නිර්දෝශයි කියලා. ඒකයි අයින් වෙන්නේ. (ස)
වැඩකළ නිසානේ පළිගන්නේ.මෙයාලා වගේ බයිලා කිය කියා සිටියා නම් හරි නේද? (නි)
බැසිල්ට මේ කරදරය සිදුවෙන්නේ රාජපක්ෂ කෙනෙක් වීම නිසාය. තවමත් ඔහු ජනප්‍රිය වීමය. අගමැති පුටුවට තරඟයක් දෙන්නට පුළුවන් සෑම කෙනෙකුටම අත්වන තාවකාලික බැරියරය මේක තමයි. (නදී)
අනුරුද්ධ, ඔයා තීන්දුව දීලා ඉවරයිනෙ. රටේ මිනිස්සු හිතන්නේ වෙන දෙයක්. පොඩ්ඩක් වාසුගෙන් අහන්න (නි)
අනුරුද්ධ, ඔයාගේ පාට කන්නාඩි ගලවල බුද්දීමත්ව මේ ගැන බලන්න. පෙත්සම් කරු බලයේ ඉද්දි ඔවුන්ගෙන් ලබපු පුද සත්කාර ගැන හිතන්න. ඔවුන්ගේ පාලන සමයේ අධිකරණයත් දේශපාලනීකරණය කළා (නදී)
අගේට ආණ්ඩූ බලය ලබාගන්න තිබුනා. සමහර ගොන් වැඩ නිසා පිරිහෙනවා. ආයෙත් චාන්ස් එකක් නැහැ (නදී)
අනුරුද්ධ ඔබ උසාවියට අපහාස කරන්න එපා. (බ)
තල වපුරපු අයට ලැබෙන්නේ තල අස්වැන්නක්.මුන් වපුරපු අයට ලැබෙන්නේ මුන් අස්වැන්නක්. තල වපුරපු අය මුන් නොලබත්. මුන් වපුරපු අය තල නොලබත්. විනිසුරු ඉවත්වීම පෞද්ගලික කාරණා මත විය හැකියි. එය නිත්‍යනුකුල සාධාරණ නඩු විභාගයක් සැමගේ බලාපොරොත්තුව.(ම)
විනිසුරුවරු තම වෘත්තිය හරියට කරාවි යැයි අපි බලාපොරොත්තු වෙමු (නි)
මේ විනිසුරුතුමිය විශ්‍රාම ගන්නවානම් වඩාත් හොදයි. (ර)
විනිසුරුවරිය ඉවත් වුනේ අදාලතා පිලිබඳ ගැටුමක් නිසා වෙන්නැති. එතුමිය නීතිපති තනතුරේ සිට ඔය තනතුරට පත් කළේ මහින්ද රාජපක්ෂ මහතාය. ඒ කාලේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පත් කිරීම ජනපති සතු බලතලයකි. එනිසා තමා නඩුව ඇසුවොත් බැසිල්ට පක්ෂපාත වෙනු ඇති බවට ඇතැමුන්ට තර්ක කල හැකි යයි ඇය සිතන්නට ඇති. (ත)
සිවු පාවුන් යහ පාලනයට කැමැතිය ,දෙපාවුන් අකමැතිය මෙයයි වෙනස . (ම)
ඉස්සර නම් නඩුව අහන්න කලින් ඔය විදිහට කියන්න පුළුවන්. ඒත් දැන් වෙනස් . නඩුව අහලයි තීරණය දෙන්නෙ. අනුරුද්ධ මහත්තය අප්ඩේට් එක අරගෙන නෑ වගේ. (බ)