සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කැර තිබේ. තිලක් කරුණාරත්න මහතා සභාපතිධූරයෙන් ඉවත්වූ පසු එම පත්වීම සිදුකැර ඇත. ගොඩහේවා මහතා ශ්‍රී ලංකා සංචාරක හා ප්‍රවර්ධන කාර්යාංශය,ශ්‍රී ලංකා සංචාරක සම්මේලන කාර්යාංශය හා සංචාරක කළමණාකරණ ආයතනයන්හි හිටපු සභාපතිවරයාය. හෙතෙම පසුගිය මැයි මාසයේදී තමන් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වූවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපතිතුමා ගියේ මොන පාසලටද? නොදන්නාකමටයි මේ අහන්නේ. (නි)
මෙතන වැදගත් වෙන්නේ ඉගෙන ගත් පාසැල නෙමෙයි. එම පාසැලට තමන්ගේ ක්‍රියා කලාපය නිසා වෙන්නේ ගෞරවයක්ද අවනම්බුවක්ද කියන එකයි. හැබැයි තිලක් මහත්තයා නම් ගෞරවයක් වෙන විදියට කටයුතු කළා. මෙතුමා කොහොම වෙයිද කියලා අපි බලමු. (නි)
කෙළින් සිටියොත් ඉල්ලා අස්වේවි. නමුත් මාෆියා වලට හසු වුණොත් කාලයක් සිටීවි. ඔන්න කෙළින්ම කිවුවා. (නි)
මේක ආනන්දයට කළ නිගරුවක්. ආදි ආනන්දයෙකුටම තමයි මේ තනතුර දෙන්න ඕනෑ. (නි)
සිල්වා, අපේ ජනාධිපතිතුමා ගියේ ලංකාවේ පාසලකට. දැන් හරිද? (නි)
පාසල මොකක් උනත් වැඩක් නැහැ වැඩ බැරිනම්.. මෙයාලා ඉල්ලා අස්වෙන්නෙ මොකද දෙන තනතුරේ ඉදගෙන වැඩ කරන්න ඕන...!!(නු)
"ආදි ආනන්දියෙක් 2012-08-29 09:55:29 තවත් ආදී අනන්දීයෙක් හිටපු ආදී ආනන්දීය වෙනුවට . ඔබතුමාත් තිලක් මත්තය වගේ ඔය පඩිය ඉස්කෝලෙට දෙන්ඩ." පඩිය වෙනුවෙන් හිතට එකඟ නැති රාජකාරි කරනවට වඩා හොඳයි, හිටපු ආනන්දීයයා වගේ පාසලේ නම්බුව රැකගෙන පළමු අයථා බලපෑමේදීම ඔබත් දමලා ගහලා අයින් වෙන්න. ඉස්කෝලෙට සල්ලි එකතු කරන්න ආදී සිසුන් නිවට ලෙස දෙන දෙයක් කාලා කියන දෙයක් කරගෙන හිටින්න කියලා කවුද කියන්නේ? (නි)
බය නැති, කෙලින් වැඩකරන, සිංහයෙක් වගේ නිර්භීත, දෙකට තුනට නොනැමෙන කෙනෙක් නම් හොදයි...!!(නු)
මොහු ඉංජිනේරුවෙක් නිසා එම සුදුසුකම්වලට ගැලපෙන අයතනයක් දිය යුතුයඉි.. ව්‍යාපාර ගැන හොදින් දන්න තිලක් මහත්තයාට හයරියට රාජකාරිය කරන්න බැරි උනානම්.. වානිජ කටුයුතු ගැන මොකුත් නොදන්න මෙයා කොහොම රාජකාරි කරන්නද?(නු)
කෙලින් වැඩ කරන්න බැරිනම් අයින් වෙන්න.. තැරුව්කරුවන්ට නම් අහුවෙන්න එපා..එයාලා කියන කියන විදිහයට කරන්න එපා..!!(නු)
මහත්තයෝ කෙලින් වැඩ කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..!(නු)
ස්වාධීනව තීරණ ගැනීමට හැකියාව ලැබේවා. (ත)
මෙයා කලින් හිටපු ආයතනවලත් ප්‍රගතියක් තිබුණෙ නැහැ..!!(නු)
තවත් ආදී අනන්දීයෙක් හිටපු ආදී ආනන්දීය වෙනුවට . ඔබතුමාත් තිලක් මත්තය වගේ ඔය පඩිය ඉස්කෝලෙට දෙන්ඩ. (වි)
අයියො සල්ලි
සුභපැතුම්
කලින් දීපු තනතුරුවලින් වැඩක් උනාද ?.(ස)
ජයවේවා
අපි බලමු
හොඳ තීරණයක්, ඔබට ජය..(ස)
සේවය අකුරට කරන්න
මෙතුමා ගොඩ. (ත)