වරකාපොල කොහොඹ දෙණියේදී නිවසක නළ ජල පද්ධතියට හානි කළ සිද්ධියේ විත්තිකරුවකු වන හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න ගෙහිමියාට ගෙවිය යුතු රුපියල් අට ලක්ෂය ගෙවීමට වරකාපොළ දිසා අධිකරණයෙන් අද (29) කල් ගත්තේය.
කොහොඹ දෙණියේ කේ.පි.ජයලත් බණ්ඩාරගේ නිවසට ඇතුළුවී රුපියල් එකළොස් ලක්ෂයට ආසන්න දේපළ වලට හානි කළැයි හිටපු ඇමැති හා වරකාපොළ ප්‍රාදේශිය සභා මන්ත්‍රී සරත් සුමනසුරීය ඇතුලු 17 එරෙහිව මේ නඩුව පවරා තිබිණි.
දෙපාර්ශවයේ එකඟත්වයෙන් රුපියල් ලක්ෂ අටක් ගෙවා නඩුව සමතයකට පත් කර ගැනීමට එකඟ වූ නමුත් ගෙවීම අතපසු කර ඇත.
ලබන ජුනි 09 වන විට වන්දිය ගෙවා අවසන් කරන ලෙස වරකාපොළ දිසා විනිසුරු උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් එහෙමද? (නි)
මේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් නේද !අනේ එතුමාණෝ හිටියානම් වන්දි ගෙවනවා කෙසේ වෙතත් වන්දියක් ලබාගෙනම නඩුව අවසන් කරන්න තිබුනා නේද? (බ)
එතකොට මේ අලාභ හානිය කළෙත් කල් අරන්ද උන්නැහේ ? කෑවනම් බණ්ඩෝ දැන් ගෙවපන්කෝ ! (බ)
පසුගිය රජයේ මැති ඇමතිවරුන් වරුන් ගේ ක්‍රියා කලාපය මොනවට විදහා පෙන්වා තිබේද (ම)
ඇයි සල්ලි නැද්ද.(හේ)
අපේ රටට ගිය කල! (නි)