මහියංගණයේ සිට අසූදෙනෙකුගේ වන්දනා නඩයක් සමග දඹදිව වන්දනාවට ගොස් ඉන්දියාවේ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළේ ටී තුන පර්යන්තයෙන් ගොඩබට රාමනායක මුදියන්සේලාගේ ජයසේකර නම් වැඩිහිටියකු පසුගිය බ්‍රහස්පතින්දා 6:45 සිට ආගිය අතක් නැතැයි ඉන්දිය පොලිසිය කියයි.
නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ඩී.කේ ගුප්තා පැවසුවේ ඔහු ගුවන් තොටේ අංක 18 ගේට්ටුව ළඟ සිටි බවට සී.සී.ටීවී කැමරාවල අවසන් වරට සටහන් වී ඇති බවයි.
ඉංග්‍රීසි හෝ හින්දි නොදන්නා මොහු සොයා ගැනීමට උත්සාහ ගන්නා බව පොලීසිය කියයි.
මොහුගේ වයස අවුරුදු හැටත් හැත්තෑවත් අතර බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd