දියණියගේ මරණය වෙනුවෙන් වෛද්‍යවරයකුගෙන් වන්දි ඉල්ලා ඇගේ දෙමාපියන් පැවරූ නඩුවක් වාරියපොළ දිසා විනිසුරුවරයා විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරිම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය දිසා විනිසුරුවරයා ලබාදී තිබූ එම නියෝගය නීතියට පටහැනි බවට නිගමනය කර එම නියෝගය බල රහිත කිරිමට නියෝග කළේය.
සරත් දිසානායක සහ සුමුදු පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුන් ඉදිරියේ මෙම අභියාචනය අවසන් වශයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේ මෙසේ නියෝග කැරුණු අතර තම දියණිය මිය ගියේ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත ඇයට ලබා දුන් බෙහෙත් විස වීම හේතුවෙන් නිසා ඒ වෙනුවෙන් ආදාළ වෛද්‍යවරයාගෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා පැමිණිලිකාර අඹු සැමියෝ නඩුව ගොනු කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලාගේ ප්‍රමිතිය බලන්න රජයේ රෝහලකට ඇතුළුවෙලා බලන්න ඕනා, මිනිස්සු ඔපරේෂන් තුවාල වහගෙන ඉන්නේ ගෙදරින් ගෙනාපු රෙදිවලින්. තියටර් එකේ ලෙඩුන් ගෙනයන ගිලන් මැහි බල්ලෙකුට ලගින්න තරම් වත් සුදුසු නෑ. ඒ උනාට කතාකරන්නේ ස්යිටම් එකේ ප්‍රමිතිය ගැන. (ම)
කුමාර් (ගල්ෆ්) 2017-02-08 10:51:58කුමාර්, නගන චෝදනාව වෛද්‍ය වරුන්ට කොහොත්ම අදාළ නැහැනේ. ඒ අයගේ රාජකාරිය ලෙඩුන්ගේ ලෙඩ බලල බෙහෙත් නියම කිරීම. ඔබ කියන කරුණ අදාළ වන්නේ රෝහල්වල සැපයීම් අංශයේ සේවය කරණ අයටයි. ඔබ වැඩ කරණ තැන ඔක්කොම රාජකාරි කරන්නේ ඔබද? (අ)
අහල නැද්ද ප්‍රංශ දාර්ශනිකයෙක් කියූ මේ කියමන? 'වෛද්‍යවරයෙකුගේ වැරදි තීන්දුවක් දුන්නොත් පොළොවට අඩි හයක් යටින් වැළලෙන්නේය, විනිසුරුවකුගේ වැරදි තීන්දුවක් දුන්නොත් පොළොවට අඩි හයක් උඩින් එල්ලෙන්නේය'. මෙතන ඉන්නේ ඒ දෙගොල්ලෝ හින්ද කියමන හරියටම ගැළපෙනවා. (නි)
අපරාදේ මේ සිද්ධිය සයිටම් එකට පටවන්න තිබුණා (බ)
රේණුක, ඔබ කියන්නේ රෝහල්වල පිරිසිදුකම දොස්තරලට අදාළ නැහැ කියලද. ලෙඩුන්ට දෙන කෑම ගැන බැලීමත් දොස්තරලට අදාළ නැහැ එහෙනම් (නි)
හා හා නඩු දාන්න එපා ඒගොල්ලෝ හරි ප්‍රමිතියට බිහිවුණු දොස්තරලා (බ)
එතකොට වැරදි තීන්දු දෙන මේ නඩුකාරයට දෙන දඩුවම මොකක්ද (බ)
දිසා විනිසුරුවරයා නීතියට පටහැනි තීන්දුවක් ලබා දී ඇත්නම් නම් ඔහුට එරෙහිව නීත්‍යානුකූල පියවරක් ගැනෙන්නේ නැද්ද? ඔහු තවදුරටත් ඒ නිලයේ තබාගත යුතුද?මෙය බැරෑරුම් ප්රශ්නයකි! (නි)
මෙවැනි සිදුවීම් ඕනෑතරම් සිදුවෙනවා. නමුත් මිනිසුන් දොස්තරලට විරුද්ධව නඩු කියන්න යන්නේ නෑ. මේකට එක හේතුවක් වන්නේ දොස්තර කෙනෙක් තව දොස්තර කෙනකුගේ වැරදි කියල සාක්කි දෙන්න හෝ වාර්තාවක් දෙන්නේ නැති නිසා නඩුව දිනන්න තියන අවස්ථාව ඉතාම අවමයි. (බ)
මෙවැනි සිදුවීම් ඕනෑතරම් සිදුවෙනවා. නමුත් මිනිසුන් දොස්තරලට විරුද්ධව නඩු කියන්න යන්නේ නෑ. මේකට එක හේතුවක් වන්නේ දොස්තර කෙනෙක් තව දොස්තර කෙනකුගේ වැරදි කියල සාක්කි දෙන්න හෝ වාර්තාවක් දෙන්නේ නැති නිසා නඩුව දිනන්න තියන අවස්ථාව ඉතාම අවමයි. (බ)
මේ රටේ වෙන දේවල් වල හැටියට නම් වැරදි විනිශ්චය දුන් නඩුකාරවරයාට උසස්වීමක් දෙන්න කියලා නිර්දේශ කරයි මගේ හිතේ (නි)