(  නිමල්  ලන්දගේ   සහ  එස් .  ගලප්පත්ති  ) 

දික්වැල්ල  ප්‍රාදේශීය  ලේකම්  කාර්‍යාලය   ආසන්න   වෙරළ  අයිනේ    මුහුදේ  නෑම  සදහා    ගිය සිව්දෙනකුගෙන් දෙදෙනෙකු රළ  පහරට  ගසාගෙන  යාමෙන්  පසු එක්  අයෙකුගේ  සිරුර   පමණක් ගොඩගසා  ඇති  බව  දික්වැල්ල  පොලිසිය  පවසයි .

විනෝද  චාරිකාවක්   යමින්  සිටි  බලංගොඩ   ප්‍රදේශයේ   පෞද්ගලික   ආයතනයක  සේවකයින්   170  ක  පමණ   පිරිසක්  විවේක  ගැනීම  සදහා  ප්‍රාදේශීය  ලේකම්  කාර්‍යාලය වෙරළ ආසන්නයේ පිහිටි අවන්හලක  නතරව  සිටියදී,  සිව්දෙනෙකු   මෙසේ දිය නෑමටගොස් ඇතැයි පොලීසිය කියයි.  

බලංගොඩ  රාස්සගල  ඌවැල්ල   පදිංචි   තලගහඅරාවේ  ලහිරු  සම්පත්   රණසිංහ  යන   27  හැවිරිදි  අවිවාහක  තරුණයාගේ   සිරුර   පමණක්   සොයාගෙන තිබේ.