වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලෑ අලි ඇතුන් සම්බන්ධව පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලපි ලේඛන වලට ඇතුළත් කිරිම සම්බන්ධව වැඩ තහනමට ලක්ව සිටි වනජීවී දෙපාර්තුමේන්තුවේ හිටපු නිලධාරි උපාලි පද්මසිරි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) ලක්ෂ 50 ශරීර ඇප 4ක් සහ රුපියල් 10,000 ක මුදල් ඇප මත මුදා හැරි බවත් ජූලි 13 වැනිදා නැවත අධිකරණයට කැඳවන ලෙසද නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ව්‍යාජ බලපත්‍ර සහිතව රදවා සිටි අලින් 11න් 9 දෙනෙක් අධිකරණ නියෝග වනජීවී භාරයට ගත් බවත් ඉතිරි අලින් දෙදෙනාගෙන් එක් අලි පැටවකු නොමැති බවත් අනික් අලි පැටවාගේ අයිතිකරු මියගොස් ඇති බවද තවත් ව්‍යාජ බලපත් සහිත අලි ඇතුන් 55 දෙනකු පිළිබඳවද පොලිස් අපරාධ දෙපාර්තමේන්තුව පරික්ෂණ අරඹා ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍ය සමයේ දී වැඩිම අලින් වෙඩි තැබූ සුද්දා අකුණු සැරයක් වැදී මිය ගිය බව මෑත ඉතිහාසයේ නම් ගම් ඇතිව සඳහන් වෙනවා. අපේ කැලෑ වල ජීවත් වන අලි පරපුර නසන එවුන්ටත් එය එසේම කවදා හෝ සිදුවෙනවා! (නදී)
දැන් ඉන්න වන ජීවී නිලධාරින් පැවිදි වෙලාද? නැත්නම් අර එලියට එන නෝනා ද ඔය කියන වනජීවී නිලධාරීයා. (නදී)