IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘විනී ද පූ’ ට ගහලා

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි. 

ලොව වටා ඇති ඩිස්නිලන්තවල විනී ද පූ වලසා මෙන් සැරසුණු රංගන ශිල්පීන් දකින්න ලැබේ.

ඔවුහු ඩිස්නිලන්තයට පැමිණෙන නරඹන්නන් සතුටු කරමින්, ඔවුන් සමඟ ඡායාරූපවලට ද පෙනී සිටිති.

පසුගිය දා චීනයේ ඩිස්නිලන්තයේ දී පූ වලසා ලෙස සැරසී සිටි රංගන ශිල්පියාට, එම ඩිස්නිලන්තයට පැමිණි නරඹන්නකු පහර දීමේ සිද්ධියක් වාර්තා වේ.

ජංගම දුරකතනයකින් පටිගත කෙරුණු එම දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.



අදහස් (8)

‘විනී ද පූ’ ට ගහලා

මෝඩ කැලුම් Wednesday, 09 October 2024 11:35 AM

විනී ද පූ වෝල්ට් ඩිස්නි නිර්මාණයක් නොවේ. ඒ. ඒ. මිල්න් නිර්මාණය කළ චරිතය රූපයට නැගුවේ ඊ. එච්. ශෙපර්ඩ්. මේ ගහන්න හේතුව බොහෝවිට පූ චරිතය යොදාගන්නවා. ඵක්තරා රාජ්‍ය නායකයකුව උපහාසයට ලක්කරන්න. මේ නවතම සිදුවීමේ ඉතිහාස සම්බන්ධය බැරැක් ඔබාමාගේ කාලයට සම්බන්ධ එකක්.

:       2       29

පාඨකයෙක්Wednesday, 09 October 2024 02:15 PM

රතු පැහැති බැනියමක් පැළඳ සිටින පූ නිර්මාණය කළේ වෝල්ට් ඩිස්නි සමාගමයි. එම චරිතයේ බුද්ධිමය දේපළ අයිතිය වෝල්ට් ඩිස්නි සමාගම සතු වන අතර, ඒ. ඒ. මිල්න්ගේ පොත්වල භාවිතා කළ පූගේ රූප ඇඳුම් රහිත ඒවා විය. එම රූපවල බුද්ධිමය අයිතිය 2022 වසරේ දෙසැම්බර් 31 වන දින අවසන් විය.

:       16       3

මෝඩ කැලුම්Thursday, 10 October 2024 10:57 AM

කරුණාකරල කලාව හා බැඳුන, ක්‍රියේෂන් (creation) යන වචනයේ සහ, අප්ග්‍රේඩ්, මොඩිෆයි, ඔග්මන්ට් (upgrade, modify, augment) යන වචනවල වෙනස්කම් හා සමානකම්වල තේරුම් වටහගන්න. බොහෝවිට මේ ප්‍රශ්නය නිරාකරණය වෙනු ඇත. සුබ දවසක්!

:       0       1

මෝඩ කැලුම්Wednesday, 09 October 2024 03:27 PM

පාඨකයා කරන්නේ අනෙක් පාඨකයින්ව නොමග යැවීමක්. පූ කාටූන් චරිතය මුලින්ම එන්නෙ මිල්න්ගේ පොතක 1926 දී. චිත්‍ර ශෙපර්ඩ්ගේ. ඩිස්නි සමාගම පූ චරිතේ, අනෙක් (පිග්ලට්, ටිගර් වගේ) චරිත සහ මිල්න් ගේ කතාවල අයිතිය මිලට ගත්තේ 1961 දී. රතු නිල් කොල කතාවක් මම සඳහන් කරල නෑ. මම කියලා තියෙන්නේ විනී ද පූ(හ්) චරිතය ගැන. ඩිස්නි නිර්මාණ වලින් මේ කාටූන් චරිත ලෝකෙම ජනප්‍රිය වුණා. හරියට "මැණිකේ මගේ හිතේ" සිංදුව වගේ. නිර්මාණය කලේ එක්කෙනෙක්, ජනප්‍රිය කලේ තව එක්කෙනෙක්...

:       1       17

පාඨකයෙක්Thursday, 10 October 2024 10:06 AM

මා ලියූ දේ ඔබ වෙනත් ආකාරයකට තේරුම්ගෙන ඇති බව පෙනේ. පූ චරිතය හෝ එම කතන්දර පොත්වල පළවුණු චිත්‍රවල දැක්වෙන රුව හෝ වෝල්ට් ඩිස්නි සමාගමේ නිර්මාණයක් බව මම ලියා නැත්තෙමි. නමුත්, දැනට ලොව ප්‍රචලිත වී තිබෙන සහ අදාළ පුවතේ ඡායාරූපයේ දැක්වෙන රතුපාට බැනියමකින් සැරසී සිටින ආකාරයේ පූ නිර්මාණය කළේ වෝල්ට් ඩිස්නි සමාගමයි. පූ චරිතයේ මුහුණට සිනාව එක් කළේද ඩිස්නි සමාගමයි. ඒ 1961 වසරේදීය. මා ලියුෙව් ලිපිය කියවන පාඨකයන්ට එම චරිතවල වත්මන් බුද්ධිමය දේපළ හිමිකාරිත්වය පිළිබඳ අමතර තොරතුරු කිහිපයක් ඉදිරිපත් කිරීමටය. ඇතැම් පොත් ප්‍රකාශකයන් පවා එවැනි කරුණු නොදන්නා අවස්ථා මම දැක ඇත්තෙමි. මෙය ලියන මා වෝල්ට් ඩිස්නි සමාගමේ සේවකයෙක් නොවන බවද සටහන් කිරීමට කැමැත්තෙමි.

:       0       0

Rama Wednesday, 09 October 2024 04:53 PM

විනී ද පූ කාටුන් එක චීනයේ තහනම් කරා... විනී චීන ජනාධිපති වගේ පෙනුම කියලා. ඒ නිසා ජනාධිපතිට කැමැති කෙනෙක් පූ ඉන්නවා දැකලා ගැහුවාද දන්නේ නෑ. ඇත්තටම රටක් පාලනය කරන කෙනෙක් ඔච්චර සංවේදී වෙලා බෑ. ඒකාධිපති පාලනයක් තියන මැතිවරණ නැති විරුද්ධ පක්ෂ නැති රටක පාලකයින් නිසා ඕවා ඔරොත්තු නැතුව ඇති. මොනවා වුණත් අපේ දේශපාලකයින් සහ බොහෝමයක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලකයින් ඔයිට වැඩිය හොඳට තමුන්ගේ ගැන තියෙන කාටුන් පවා විඳගන්නවා...

:       0       8

මෝඩ කැලුම්Wednesday, 09 October 2024 06:40 PM

@රාමා, හේතුව තමයි ඔබාමා සහ චීන නායකයා ඉන්න ෆොටෝ එකක් තියෙනවා. ඒකෙ ඒ දෙන්න ඉන්නව වගේ "පූ සහ ටිගර්" ගෙ (විනී ද පූ කතාවල එන කොටියගෙ චරිතෙ) ෆොටෝ එකක් තියෙනව. ටිගර් උසයි, කෙට්ටුයි, පූ මිටියි, මහතයි. මට හරියටම දවස් මතක නෑ, නමුත් හොංකොං වල විරෝධතා දවස්වල වෙන්න ඕන, මේ ඡායාරූපෙ පාවිච්චි කරල නායකයව උපහාසෙට ලක්කෙරුව. ඒක නිසා ඒ ඡායාරූපෙ චීනෙ තහනම් කෙරුව. තව විස්තර තිබුණත් මම මෝඩ නිසා මතක නෑ.

:       0       5

Rama Sunday, 13 October 2024 03:46 AM

මෝඩ කැලුම්. බොහෝම ස්තූතියි. ඔය විස්තරය කිව්වාට. මට මතකයි තහනම ගැන. හැබැයි ඒ විස්තරය මොකක්ද කියන එක මට එච්චර මතකයක් තිබුණේ නැහැ. නොදන්නා දෙයක් ලිව්වාට බොහෝම ස්තූතියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site