( නිමල් ජයරත්න )

පොළොන්නරුව වැලිකන්ද මුතුවැල්ල ගම්මානයේ පැල් රැකීමට ගොස් සිටියදී අද(25) වන අලියෙකු පහර දීමෙන් මවක මියගොස් ඇයගේ ස්වාමියා සහ පුතු අනූනවයෙන් දිවි බේරාගෙන ඇති බව වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.


මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද මුතුවැල්ල අංක හැත්ත දෙක ලිපිනයේ පදිංචිව සිටි 41 ක් වයස     රාජමුණී දේවලාගේ නිලන්තී පුෂ්පකුමාරි යන අය බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය කියයි.


නෙලීමට ආසන්නව පැවැති වී වගාව වන අලින්ගෙන් බේරාගැනීම සඳහා සැමියා සහ පුතු සමග පැල් රැකීමට ගිය විටදී ඔවුන් මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇත.