විධායක ජනාපධිපති ධූරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ඉල්ලීම් ඉටුවන තෙක් සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ ගමන නවත්වන්නේ නැතැයි එහි කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
තම සංවිධානයේ අරමුණ වූයේ ජනාධිපතිවරයා වෙනස්කිරීම නොව මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ ප්‍රතිපත්ති මාලාවද ජනපති අසුන කරා ගෙන යාම බවද උන්වහන්සේ සඳහන් කළේ කෝට්ටේ නාග විහාරයේදී අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාවට නංවන යහපත් කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ දී අවශ්‍ය සහයෝගය ලබා දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොනවා කියුවත් ඇත්තටම ඔබ වහන්සේලාට ඕන උනේ මහින්දව පරද්දන්න නේ ? ලෝචන කියපු වගේ ඕක නිමක් නැති ගමනක්. මෛත්‍රී ඕවා කරවී කියල අපි නම් කීයටවත් හිතන්නේ නෑ. (ස)
අනේ හාමුදුරුවනේ, ඔබවහන්සේලා ධර්මයේ අභිවෘද්ධියට වැඩ කළා නම් මොකද? (නි)
මෙතන සිංහලුන් ගෙනගියේ පවුල් වාදයට එරෙහි සටනක් මිසක් රටක අවශ්‍ය වෙනසකට සටනක් නෙමෙයි.(හේ)
ඔබ වහන්සේට ඒක කරන්න පුළුවන් වෙයිද? (නි)
සියලුම විද්‍යුත් හා මුද්‍රිත රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීන ආයතන වීම දැකීම අපේ බලාපොරොත්තුවයි (නි)
ඉතා හොඳ අරමුණක් (නි)
අතිගරු නාහිමියනි, බලකාමිත්වයේ ආදීනව පෙන්වමින් ඔබ වහන්සේ නොයෙකුත් බාධක මැද අභීතව ගෙනගිය සටන සැම දනන්ට කිසිසේත් අමතක නොවේ. රටවැසි සැමගේ පැතීම් ඉටුවන තුරු තම ව්‍යායාමය අත්නොහරින බවට දෙනුලබන අභීත ප්‍රතිඥාව සෑම දනන් විසින්ම අගයන අතර ඒ සඳහා ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා! (නි)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ පිවිතුරු චේතනාව ලගදීම සාර්ථක වේවි.. (හේ)
සිංහලය තමන්ගේ වල තමන් කපාගත්තා (බ)
අනේ හාමුදුරුවනේ, බලාගෙන... (නි)
හාමුදුරුවනේ, "ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල්" කියනවනේ. අපේ රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්න අයත් ඉන්න බව අමතක කරන්න එපා. මෙහෙම ගියොත් මොනවා මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
දිනපතා පන්සිල් රකින දායකයෝ දුසිමක් ගමකින් හදන්න පුළුවන් නම් අද රටේ තත්ත්වය තිබෙනවාට වඩා බොහෝ යහපත් වෙන්න තිබුණා (නි)
අපි විසින් මතු පරපුර වහලුන් කළයුතුද? (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේ එක්තරා කලෙක සිංහලයාගේ අයිතිය වෙනුවෙන් නායකත්වය දුන් කෙනෙක්. සියලුම සුළු ජාතින්ට ඕනෑ දේ කරන්න අවශ්‍යද? ඇත්තටම ජනාධිපතිකම නැතිකරන්න නම් මුලින්ම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නැතිකරන්න කියලා සටනක් ගෙනයන්න. (නි)
සංඝයා වහන්සේලා දේශපාලනයෙන් ඉවත්ව සිටින තරමට මම සතුටුයි (නි)
හාමුදුරුවනේ, පළාත් සභා තියාගෙන විධායකය අහෝසි කලොත් වෙන්නෙ ඒ ඒ පළාත් සභාවලට හිතුමතේ ඕනෑම දෙයක් කරන්න තියෙන අවකාශ වැඩි වෙන එකයි. රටේ ආර්ථිකයට මහ බරක් වෙච්ච වැදගැම්මකට නැති, අපට අවශ්‍ය නැති මේ පළාත් සභා ක්‍රමය මේ රටින් සහමුලින්ම ඉවත් කර දැමිය යුතුයි. ඉන් පසු විධායකය අහෝසි කරන්න කටයුතු කරමු. එසේ නොකර විධායකය අහෝසි කළහොත් අති බැරෑරුම් ප්‍රශ්ණවලට අපට මුහුන දෙන්න සිදුවේවි. (නදී)
ඇත්තටම වුණේ අගමැති හා ජනාධිපති වෙනස් වූ එක පමණයි. අනෙක මැතිවරණ ක්‍රමය වෙනස් කළොත් උතුරු නැගෙනහිර ආසන 32ට මොකද වෙන්නේ? අනෙක ජේවීපී වගේ පක්ෂ වලට මොකද වෙන්නේ? (නි)
රටට වෙන දේ ගැනත් හිතන්න. මේ ලියන්නේ පිටරටක සිට. පසුගිය කාලේ යටගිය කොටි හඬවල් ආයෙත් දැන් එහෙන් මෙහෙන් ගොරවන්න අරන් කියලා අපිට දැනෙනවා. ඒ නිසා රට ගැනත් හිතන්න. (නි)
1815 ඇහෙලේපොල කල සිද්දිය මතක් වෙනවා (නදී)
රටට වෙනදේ බලාගෙන ඉන්නකෝ. දැන් ඉතින් තවත් වෙන්න දෙයකුත් නැහැ (නදී)
හිතට එන දේ නොව හිතල කරමු (නදී)
හාමුදුරුවන් වහන්සේ කියන ඔය ගමන නිමක් නැති ගමනක්. (නි)
මේ හැම දෙයක්ම කරන්නේ අපේ රටේ ජනතාවගේ යහපත උදෙසා කියා අපි දන්නවා.(හේ)
අපි බලාගෙන ඉන්නේත් මොකද වෙන්නේ කියලා තමයි (නි)
මේ විදියට සටන දිගටම කරනවා නම් ජයග්‍රහණය නියතයි.(හේ)
මැතිවරණ ක්‍රමය වෙනස්වීම තුලින් ජ.වී .පී වගේ පක්ෂ විනාශ වී යාවී.(හේ)
ඔබ වහන්සේ හිතනවද ඡන්ද ක්‍රමය වෙනස් කරාවි කියල ,මෛත්‍රී ඕක කරන්නේ නැහැ එහෙම උනොත් එයාට ආණ්ඩුව කරන් යන්න බැරී වෙනවා අාසන ක්‍රමයට මන්ත්‍රීලා පත් උනොත් ,හාමුදුරුවනේ එහෙම නේද ? (බ)
හරිද? අයේ හිතන්න. (ස)
අලුත් මැතිවරණ ක්‍රමයෙදි ආසන ක්‍රමයට අමතරව අනුපාත ක්‍රමයත් ජාතික ලැයිස්තුවත් තියෙනවා නේද? (ස)
දවස් 100 ක් ඉවර වෙනකන් ඉන්නකෝ, ඉස්සර කට්ටිය අවරුදු ගානක්ම ආණ්ඩු කෙරුවේ (නදී)
පෙන විදියට මේ පාරත් හරි යන පාටක් නැහැ වගෙයි හාමුදුරුවනේ. මෛත්‍රී කියන්නේත් වෙනස් මුහුණක් විතරයි අද වෙනකල් කිසිම දෙයක් රටට කරපු කෙනෙක් නෙමෙයි. (බ)
හොඳ අවංක නායකයෙක් ඉන්නවා නම් විධායක ජනාධිපති ධුරයේ ඇති කිසි වරදක් නෑ. මහජතාවගේ යුතුකම තමා එවැනි නායකයෙකුට රට බාරදීම. (නදී)
හාමුදුරුවනේ එතකොට දානෙකට පාංශුකුලෙකට බණකට එහෙම වඩින්න වෙලාවක් තියෙයිද? (නදී)
ඊළම අත් හරින තෙක් විධායක බලතල තිබිය යුතුයි. මනාප ක්‍රමය තමයි වෙනස් කළ යුත්තේ. (බ)
දැන් නැවතුනොත් හොදි සුදු. ලුණු උනත් වැඩිය හොද නෑ (බ)