හම්බන්තොට රන්න, වාඩියගොඩ කනිෂ්ඨ විද්‍යාලයට වසර 04 ක් විදුහල්පතිවරයෙකු නැති බවත් මේ නිසා විදුහලේ පරිපාලනය හා අධ්‍යාපනය කටයුතු අවුල් සහගත වී ඇති බවත් කියමින් දෙමවුපියෝ මාතර ,කතරගම මාර්ගය රන්නේදී අවහිර කරමින් විරෝධතාවයක නියැලෙති.
විද්‍යාලයට විදුහල් පතිවරයෙකු ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට බලකරමින් මේ වන විට මෙම විරෝධතාවය සදහා දෙමවුපියෝ සමග විද්‍යාලයේ සිසු දරුවෝද එක්වී සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකපාරට බහින්නේ දේශපාලන හෙන්චියියලාගේ වැඩවලට සම්බන්ධ දේවල්. අනෙක් සාමාන්‍ය මිනිස්සු කියන තැන් වලට ඇති තරම් කියලා අවසානයේදී තමා මේවගේ ක්‍රියා කරන්නේ. මහී ට මේකවත් තේරෙන්නේ නැති එක කණගාටු වෙමි (නි)
අනේ අපේ රටට ගිය කලක්! හැමකෙනාම විරෝධතා පවත්වන්නේ අපට යන්න තියෙන පාරක් වහලා. දැන්ම තියා ළමයින්ටත් පුරුදු කරවනවා. ඇයි දෙයියනේ අපෙන් පළි නොගෙන, අධ්‍යාපන කාර්යාලෙට ගිහින් ලොක්කන්ගේ මේස ඉස්සරහ මේක නොකරන්නේ? ඇයි ප්‍රදේශයේ ඉන්න හැටහුටහමාරක් දේශපාලුවන්ට නොකියන්නේ? වැරදිකාරයෝ ඔවුන්නේ. (නි)
මහී, ඔබතුමා හිතා ඉන්නේ ජනතාවට අසාධාරණයක් වුණ පළමු අවස්ථාවේම කරන එකම දේ පාර අවහිර කරන එක කියලාද. ඔබතුමා හරියට කියෙව්වා නම් දකින්න ඇති, මේක අවරුදු 4ක් තිස්සේ පවතින ප්‍රශ්නයක්. මේ මිනිස්සු, මේ මිනිසුන්ගේ මට්ටමින් යන්න ඕනෑ හැමතැනටම ගිහින් කියන්න ඕනෑ හැම එකකටම කියලා කරන්න දෙයක් නැතිම තැන තමයි පාරට බැහැලා රටටම කියන්නේ. මෙහෙම කරපු නිසානේ අද මුළු රටම දැනගත්තේ මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. නැත්නම් කාගෙන්වත් අවධානයක් ගන්න බැහැ. ඔයාල දොස් කියන්න ඕනෑ මේ මිනිසුන්ට නෙමෙයි. මේ මිනිසුන්ව පාරට එන තැනට තල්ලුකරපු නිලධාරීන්ටයි.
අවුරුදු 4ක් තිස්සේ විදුහල්පතිවරයෙක් නැහැ කියන්නේ. තවත් මොන කතාද. (නි)