රන්ටැඹේ කඳවුරේ පුහුණුව ලබමින් සිටි විදුහල්පතිවරයකු අද උදෑසන ක්‍රීඩා සඳා පෙළගස්සද්දී හදිසියේ මිය ගිය බවත්, අවුරුදු ගණනක් කිසිදු ක්‍රීඩාවක් නොමැතිව සිටි විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබා දීමේ දී විවිධ අතුරු ආබාධ ඇති බව බව අමාත්‍යංශය දැනගත යුතු බවත්, මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් වූයේ අමාත්‍යංශයේ වරදින් බවත් ලංකා ගුරු සංගමය කියයි.
එලෙස මිය ගියේ සීදූව පඤ්ඤානන්ද විද්‍යාලයයේ විදුහල්පති ඩබ්ලිව් ඒ එස් වික්‍රමසිංහ (52) මහතාය.
මහියංගනය රෝහල් ආරංචි මාර්ග පැවසුවේ එම විදුහල්පතිවරයා හෘදයාබාධයකින් මිය ගිය බවයි.
රන්ටැඹේ ආරංචි මාර්ග කියනුයේ පෙරේදා (28) පුහුණුව සඳහා පැමිණි විදුහල්පති අද උදේ ව්‍යායාම කිරීමට පෝලිම් කරද්දී පපුව අමාරුවක් යැයි කියමින් පපුව අල්ලාගෙන හිඳ ගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි කනගාටු දායකයි
පෙන්ෂන් යන්න ඉන්න ගුරුවරුන්ට මොන හමුදා පුහුණුද? (නි)
මුලින්ම මෙම පුහුණුව දියයුත්තේ මැති ඇමති වරුන්ටයි. දින 10ක් යනකොට ප්‍රතිපල දැකගන්නට හැකිවේවි. (නි)
හමුදා පුහුණු මොනවටද මේ ගුරුවරුන්ටයි, ලමයින්ටයි? (නි)
අයියෝ! මේ මම දන්න කියන සර් කෙනෙක්. හරි පවු. (නි)
මේ මොන කරුමයක්ද? මොන හමුදා පුහුණුද මේ අහිංසක සර්ලට? දැන් කවුද මේ පවුල බලාගන්නේ? දැන්වත් මේ වගේ වැඩ නැවත්තුවොත් හොඳයි. (නි)
ඔය ලොකු ලොකු අමාත්‍යංශ වල පුටු රත් කරන අධ්‍යක්ෂවරුන්ට, ලේකම්වරුන්ටත් මේ හමුදා පුහුණුව දුන්නොත් නරකද? ටිකක් වැඩ කරන්න ඇස් ඇරවන්න (නි)
විදුහල්පතිතුමනි, ඔබට නිවන් සුව! ගුරු සංගම් බයයි නායකත්ව පුහුණුවට මම හිතන්නේ. මම නම් දකින්නේ ලංකාවේ හැම පුද්ගලයෙක්ම සති දෙකකවත් හමුදා පුහුණුවක් ලැබිය යුතුයි. විනයගරුක සමාජයක් බිහිකරන්න. මම පාසල් කාලයේ ශිෂ්‍ය බටයෙක් හැටියට පුහුණුවෙලා තියෙනවා. ඒක හරිම වටිනවා ජීවිතයට. (නි)
හැම කෙනෙක්ම වගේ හමුදා පුහුණුවක් ලබනවා නං හොදයි. මුලින් පටන් ගන්නකොට මේ වගේ අවාසනාවන්ත දේවල් සිද්ධ වෙනවා. විදුහල්පතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා! (නි)
අවුරුදු ගණනක් ක්‍රීඩාවක් ව්‍යායාමයක් නොමැතිව ජීවත්වීම ඔහුගේ වරදක්. ඒ නිසයි ඔහු හදවත් රෝගියකු බවට පත්වී තිබෙන්නේත්. ඊට රජය වගකිවයුතු නැහැ. නිලධාරීන්, පාලකයන් ඇතුළු රජයේ සියලු සේවකන්ට මෙවැනි පුහුණුවීම් අත්‍යවශ්‍යයයි. ඇඟ හෙලවුනු ගමන් මැරෙන අසනීප තියාගෙන රජයේ සේවය කරමින් මේ රට ගොඩගත නොහැකියි. සියලු විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට උපාධිය ලබාගත් පසු අවම වශයෙන් මාස 6 ක හමුදා පුහුණුව අනිවාර්ය කලයුතුයි. මේ රටේ සෑම පුරවැසියෙක්ම ලිංග භේදයෙන් තොරව ශාරීරික අභ්‍යාසවල නිරන්තරයෙන් යෙදෙමින් ඕනෑම අවස්ථාවක රට ජාතිය වෙනුවෙන් සටන් කිරීමට සුදානම්ව සිටිය යුතුයි. විදුහල්පතිගේ මරණය අපතේ නොයවා එය පාඩමක් කොට ගැනීමෙන් ඔහුට නිවන් සුව අත්වේවි. (නි)
මොන එහෙකටද හැම කෙනාටම හමුදා පුහුණුවක්? (නි)
මෙතෙක් හමුදා නායකත්ව පුහුණුවෙන් මියගිය අයගේ මරණයට වග කියන්න ඕනේ ඇමති වරයා බව කිව යුතුයි (අ)
හමුදා පුහුණුවක් කරන්නේ යුද්ද කරන්නම නෙමෙයි ගිම්හානි. ඒකෙන් ක්‍රියාශීලිකම, නිරෝගිකම ලැබෙන නිසා (නි)
නිල් රනා, ඔබ හරි (නි)
ඉස්සර ජෙනරල් සරත් ෆොන්සේකා ජනදිපතිවරණයෙන් චන්ද ඉල්ලන්න යද්දී කිව්වා නේද රටම හමුදාකරණය කරන්නයි යන්නේ කියලා.අද තරම් හමුදාකරණය වුන කාලයක් ඉතිහාසයේ කවදාවත් අපි නම් දැකලා නැහැ. (නි)
හිල් රනා විකාර කතා කියන්න එපා ශාරීරික අභ්‍යාස කියන්නේ එකක් හමුදා පුහුණුව කියන්නේ වෙන එකක් හැමෝටම හමුදා පුහුණුව දීල වැඩක් නෑ, මොකද සටන් කරන්න යුද්ධයක් තියෙනවද දැන්. එහෙම හමුදා පුහුණුව දුන්නොත් මෙයාල තමන්ගේ රැකියා අතහැරලා වෙන වෙන වැඩ පටන් ගනී ..දැන් පෙන්නේ නැද්ද මේ පුහුණුව ලබල හමුදාවෙන් පැනල එන අය කරන වැඩ? (අ)
ගිම්හානි,මේ නීල් රණා කියන්නේ මොකක්දෝ පිස්සුවක් තියෙන ඔලුවේ අමාරුකාරයෙක්. විදුහල්පතිවරු සහ ගුරුවරු කියන්නේ ඒ රස්සාව පටන් ගත් දින තෙක් හිත නිස්කලංකව ජීවත් වෙන අය නෙවෙයි.ඒ අය කතා කරන හැම වෙලාවේම ඉස්කෝලේ හෝ ළමයි ගැන තමයි කතා කරන්නේ. වැඩ ගෙදරටත් ගෙනිහින් කරරන එකම රස්සාවත් ඕක විතරයි. හොඳ ගුරුවරයෙක්ගෙන් අහලා බලන්න.ඒ අය හරිම ආතතියෙන් ජීවත් වෙන්නේ (නි)
මාටින්, විකාර කතා කියන්න එපා.මම නිතරම නීල් රණා කියන දේවල් වලට විරුද්ධව අදහස් දමල තියනවා.එහෙත් මෙතන නීල් රණා කියන එක හරියට හරි.අනික ඔතන දෙන්නේ හමුදා පුහුණුව නොවෙයි ශාරීරික අභ්‍යාස සහ නායකත්ව පුහුණුව.මේක ලංකාවේ අයට අත්‍යවශ්‍ය දෙයක්.අපේ රටේ විතරයි කාර්යාලයේ තේ හදන්න කෙනෙක්,වාහනයට රියදුරෙක්,පියන් කෙනෙක්,අතුගාන්න වෙනම කට්ටියක් ඉන්න රට. සමහර ලංකාවේ අය පිටරටවලදී ලොකුකමට කියනවා අපිට ලංකාවේ වැඩකරද්දී රියදුරෙක් ඉන්නවා,තේ එක හදලා ගෙනත් දෙනවා කියලා.එහෙම කියපු කෙනෙකුට පිටරටදී ඇහුවා පැම්පරයකුත් අන්දනවද? කියලා. ඔක්කොමලා හිනාවුණා.අනුන් ලවා වැඩ කරගන්න එක ආඩම්බරයට කරුණක් නොවේ.ලැජ්ජාවට කරුණක්. (නි)
හමුදා පුහුණු අවශ්‍ය හමුදාවට විතරයි. හමුදා පුහුණු ගත් පමණින් මිනිසුන් විනයගරුක වෙන්නේ නැහැ. ඒක ඔප්පු වෙනවා අද සිදු වෙන අපරාධ වැඩි හරියකින්. (නි)
දැන් මොකද දන්නේ නැහැ කරන්නේ? (නි)
පහුගිය යුද්ධයෙන් දෙමල මිනිස්සු මැරුනා.දැන් හමුදා පුහුණුව දෙන්න ගිහින් මුස්ලිම්,සිංහල අය මැරෙනවා (නි)
හමුදා පුහුණුවක් කියන්නේ ගිනි අවි පුහුණුවක් නෙවෙයි. විනය, ක්‍රියාශීලී බව, පිළිවෙල, පමා නොවීම වගේ දේවල්. හැබැයි නීල්-රනා මම නම් කියන්නේ ඕක පටන් ගන්න ඕනේ කුඩා ළමා කාලයෙන් කියල. ලොකු ගස් නවන්න හැදුවම කැඩිලා යනවා. ලපටි කාලයේ පැල තමයි ශක්තිමත්ව හදා ගන්න ඕනේ.(නදී)
නිල-රනා , තිසල් , මේ වගේ පුහුණුවක් දෙන්න ඕනෑ වයස අග්ගිස්සේ ඉඳලා, ඉලන්දාරින්ට නෙවෙයි. ඉලන්දාරිගේ ඉදලා අග්ගිස්සට. අපේ රටේ කොයි දේත් එහෙමනේ නේද ? අග මුල පටලවගන්නවා. වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක මිනිසුන්ට නිකන් නෙවෙයි ජීවිත වලින්.(නදී)
මේක නොකියම බැහැ ප්‍රතිචාර දැක්කම. ක්‍රීඩා සම්බන්දව ආචාර්ය උපාධියක් තියෙන එක ශ්‍රී ලාංකිකයා වෙළඳ සන්නාම තානාපතිවරයෙකුගේ චරිතයටයි අද පන පොවන්නේ. උදේට ශරීර සුවතා උපකරණ ශක්ති ජනක පානයන් විකුනන්න, තරු තෝරන්න යන්නේ නැතුව එතුමාට මේවා වගේ දේවල් වලට ක්‍රියාකාරීව මැදිහත් වෙන්න ආරාධනා කරන්න. උගතුන් ඉන්නවා අපිට. හැබැයි අපි ඔවුන්ගේ වැඩක් ගන්නේ නැහැ. එක්කෝ දැනට ඒවගේ අරක්ගෙන ඉන්න නුගතුන් උගතුන්ට වැඩ පෙන්නන්න ඉඩ දෙන්නේ නැහැ.(නදී)
ඉතා කණගාටුදායක සිද්ධියක් .අප රටේ සමහර බලධාරීන්ගේ අදුරදර්ශී වැඩපිළිවෙලවල් නිසා විවිධ රැකියා ක්ශේත්‍ර වල මෙන්ම පොදු ජනතාවත් අපහසුවට පත් වන අවස්ථා එමටයි .ලංකාවේ අවු ,50 ට වැඩි අයගේ සෞඛ්‍යය තත්වය සංවර්ධිත රටවල අයත් සමග සංසන්දනය කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අනුවණකමකි .මෙවැනි ජේෂ්ඨ වුර්තිකයන්ට අවශ්‍ය වන්නේ මානසික සංවර්ධනය හා නව ආකල්ප ප්‍රගුණ කිරීමේ වැඩසටහන් වලින් විනා ශාරීරික පුහුණු අභ්‍යාස වලින් නොවේ.මෙවැනි ශාරීරික අභ්‍යාස වැඩසටහන් ආරම්භ කලයුත්තේ පාසල් තුලිනි .ඒ සඳහා අ.පො .ස ..(සා.පෙළ .) විභාගයෙන් පසුකාලය යෝග්‍ය වේ .පාසල් තුල ශිෂ්‍ය භට පුහුණුව ප්‍රගුණ කිරීම තුලින් දරුවන්ගේ විනය මෙන්ම පෞරුෂ වර්ධනයටද මනා පිටුවහලක් වනු ඇත .පිටරටවලින් අහුලාගත් සමහර දේවල් අපරටට ආදේශ කිරීමේදී එය කොතරම් දුරට සුදුසුද යන්න සලකා බැලිය යුතු කරුණකි .රෝමය ගොඩ නැගුනේ එක් දිනකින් නොවන බවද ලංකාවේ සමහර බලධාරීන් සිහි තබා ගත යුතු වේ . (නි)
මේක පුහුණුවේදී වුනු දෙයක් නෙමෙයි . පුහුනුවට පෙර වෙච්ච දෙයක්.පටලවා ගන්න එපා.විදුහල්පතිවරුන්ට දෙන්නේ සාමාන්‍ය ,වයසට ගැලපෙන පුහුණුවක්. විදුහල්පතිවරු කැමැත්තෙන් එයට සහබාගි වෙන්නේ.හේතුව පැහැදිලියි. ගරු විදුහල්පතිතුමාට අපි සැවොම නිවන් සුව පතමු.! (නි)