බිඟුන් මේනක ගමගේ
කුරුණෑගල වාරියපොල පැවැති නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිනියක මිය යාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.
අධ්‍යාපන අමාත්‍යංශය සතුව සම්පත්දායකයන් සිටියදී අදාළ පුහුණුව පෞද්ගලික ආයතනයකට බාර දුන්නේ හා ඊට විදුහල්පතිවරුන් කැඳවූයේ කවර පදනමකින් දැයි එම පරීක්ෂණයේදී සෙවිය යුතු යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගේ අස්සනින් යුක්තව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
2013 වසරේදී රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු පාසලේ පැවැති නායකත්ව පුහුණුවකදී ද මේ ආකාරයෙන්ම විදුහල්පතිවරයකු මිය ගියේ යැයි පවසන හෙතෙම මෙවැනි පුහුණු වැඩසටහන් මගින් සිදුවන්නේ විදුහල්පතිවරුන්ගේ ජීවිත නිකරුණේ අනතුරේ හෙලීමක් යැයි අවධාරණය කරයි.
වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සහිත පුහුණු අධ්‍යාපන පද්ධතියට අවශ්‍ය දැයි ඇගයීමක් කළ යුතු යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති ඇතුළුව මෙයට වගකිවයුතු නිලදාරීන් සියලු දෙනාම වික්‍රමාන්විත නායකත්ව පුහුණුවට යොමුකළ යුතුයි
මේ අර ගෝඨා හදපු නායකත්ව පුහුණු මරඋගුල කරේ තියන් යන්න මේ ආණ්ඩුවේ බළධාරින්ටත් මොළයක් කියලා දෙයක් නැද්ද.බොහො වේලාවට විදුහල්පතිවරුන් වශයෙන් පත්වි එන්නේ මැදිවියද ඉක්මවු අයයි.එවැනී අයට නායකත්වය පුහුණුව දෙනවා කියා කඹවල එල්ලිලා බිමට බහින්නයි,කඬුලු පනින්නයි වගේ හරඹ කරන්න යෙදවීම කොතරම් අනුවන කමක්ද වයසට හා ඔවුන්ගේ කායික හා මානසික තත්වය සලකලා බලන්න ඕනා මුලින්ම,නැතිනම් වෙන්නේ එක එකාගේ මෝඩ සංකල්ප ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා වටිනා ජීවිත අකාලේ විනාශවෙන එක විතරමයි.
අපේ රටේ පාලකයින් හා උසස් නිලධාරීන් කලොත් කරන්නේ මේ වගේ ගොන් මෝඩ තකතීරු වැඩ තමයි. අධ්‍යාපන ශේත්රයේ කල යුතු දේ බොහෝ තිබියදී, ඒ සියල්ල පසෙක තබා, නුසුදුසු කෝලම් කිරීමෙන් අධ්‍යාපනයට හෝ රටේ අනාගතයට සෙතක් වෙයිද? අවුරුදු දහඅටේදී කරන්න හා කර විය යුතු දේ අවුරුදු පනහා පැන්නම කරවන්න හදනවා. උගත් යයි පිළිගත් බොහෝ අයගේ හා මේ රටේ බහුතරයකගේ මනසේ වර්ධනය අවුරුදු 18 දී නතරවී ඇති බව තමයි මට නම් හැඟෙන්නේ මෝඩයින්ගේ පරාදීසයේ පුස්සන් රජවී, රට පමණක් නොව රටේ බුද්ධිමත් ජනතාවත් විනාශ කිරීම තමයි මේ සිදු කරන්නේ. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ?
නායකත්ව පුහුණුව ඔය අකිලට දෙන්න. විකාර ඇමැතිවරු තමයි.
දරුවන් ප්රජාතාන්ත්රවාදි රටක ජීවත් වන්න මිස හමුදා පාලක රටක ජීවත්වන්න උගන්වන්න ඕනෑ නැහ.
මේ නායකත්ව පුහුණු පටන් ගත්තේ මුළු රටම මිලිටරි ක්‍රමයට පාලනය කරන්න අදහස් කල හිටපු රජය විසිනුයි. ගුරුවරුන්ට මොකටද නායකත්ව පුහුණුවක් අමුතුවෙන්? නායකයෝ වැඩිවුනාම, ඔක්කොම නායකයෝ වුනාම ඔවුන්ට යටත් වෙන්න කිසිවෙකු ඉතිරි නොවන බවත් හිතා බැලිය යුතුයි. ගුරු මාතාවගේ අභාවය ගැන මේ අනවශ්‍ය පුහුණුවේ ආරම්භකයන් වග කිව යුතුයි.
ළමා කාලේදී පේර ගහකට නැග්ගේ නැති මේ නාකි උන්දලාට මොන නායකත්ව පුහුණුද? දෙන වැටුපක් අරගෙන් ළමයෙකුගේ කනමිරිකලා ජොබ් එක්කරගෙන හිටියාම හොඳටෝම ඇති