මැදපෙරදිග දී ධහිංසාවට ලක්වූ ගෘහ සේවිකාවන් පනස් දෙනෙක් අද (21) යළි දිවයිනට පැමිණියහ.
සෞදි සහ කුවේට් යන රටවල ගෘහ සේවයේ නිරතව සිටිය දී විවිධ වධ හිංසාවන්ට ලක්වූ කාන්තාවන් පිරිසක් මෙසේ දිවයිනට යළි පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
සෞදි සහ කුවේට් තානාපති කාර්යාලවල රැදී සිටි මොවුන් දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර ඇත.
කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි මොවුන්ට ගමන් ගාස්තු ද ලබා දී නිවෙස් බලා පිටත්කර හැරීමට එම කාර්යාංශය පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd